ටිකට් විකිණීමේ අයිතිය අපට පමණයි!- දඹුලු විහාරයේ හිමිවරුන් (Video)

Spread the love

රංගිරි දඹුලූ ලෙන් විහාර සංකීර්ණය නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත් අළෙවි කිිරීම මධ්‍යම සංස්කෘතික අරමුදලට භාර නොදෙන බවත් එම ටිකට් විකුණා ආදායම් ලැබීමේ අයිතිය භික්ෂූන් වහන්සේ සතු බවත් රංගිරි දඹුලූ රජමහා විහාරයේ භාරකාර පූජ්‍ය අඹගස්වැවේ රාහුල හිමියන් පවසති.

දඹුල්ල විහාරස්ථානයේ අද පෙරවරුවේදී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළේය.

රංගිරි දඹුලූ ලෙන් විහාර සංකීර්ණය තාවකාලිකව වසා දමන බවට පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර ඊට දඹුල්ල ප්‍රදේශයේ විහාරස්ථාන රැසක ස්වාමීන් වහන්සේ සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ද එක්ව සිටියහ.

[youtube _kwkWgTKd7w]

RSL

Related Posts