දඹුලු විහාරයට ලෝක උරුමයෙන් ඉවත් විය හැකියි

Spread the love

දඹුල්ල විහාරයට ලෝක උරුමයෙන් ඉවත් වීමට වුවමනා නම් අස්ගිරිය මහා නාහිමි සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳ අදාළ ඇමැතිවරයා මගින් යුනෙස්කෝවට දැනුම් දිය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

දඹුල්ල ලෝක උරුමයේ පැවතිමට නම් සංරක්ෂණය කළ යුතු බවට යුනෙස්කෝව දැනුම් දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් 2017 අවසන් වීමට පෙර යුනෙස්කෝවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දුන් අගමැතිවරයා විහාරය ලෝක උරුමයෙන් ඉවත් වෙනවාද නැතිද යන වග තීරණය කිරීමේ බලයක් රජයට නොමැති බවද පෙන්වා දුන්නේය.

විහාරස්ථානය ලෝක උරුමයේ තිබෙන තුරු එය ආරක්ෂා කිරිමෙ වගකීමේ රජය සතු බව පැවසූ අගමැති වික්‍රමසිංහ මහතා දඹුල්ල සංරක්ෂණය ව්‍යාපෘථියෙන් ඉදිරියේදි එන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දේශපාලනය කිරිමට උත්සහ නොකරන ලෙසද ඉල්ලා සිටින බවද පැවසිය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ තරුණ භික්ෂු පෙරමුණේ හිමිවරුන් පිරිසක් අරලිය ගහ මන්දිරයේදි ඊයේ (12) හමු වූ අවස්ථාවේදිය.

RSL

Related Posts