පොරොන්දු ඉටු නොකළොත් තැපෑල 19 දා සිට යළි වර්ජනයට

Spread the love

තැපැල් වෘත්තීය සමිති පෙරමුණට රජය විසින් ලබාදුන් ලිත පොරොන්දු සියල්ල සතියක්‌ ඇතුළත ඉටු නොකළහොත් මෙම මස 19 වැනිදා සිට නැවත රට පුරා තැපැල් වැඩ වර්ජනයක්‌ ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා පවසයි.

පැය 72 ක්‌ පුරා ක්‍රියාත්මක වැඩවර්ජනය තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් නවතා දමනු ලැබුවේ සති දෙකක්‌ ඇතුළත කැබිනට්‌ මණ්‌ඩලය වෙත කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කර විසඳුම් ලබා දෙන බවට රජය ලබාදුන් ලිත පොරොන්දුව මත බවද හෙතෙම පැවසීය.

සති දෙකක කාලය මේ වන විට අවසන් වී ඇති බව පැවසූ බණ්‌ඩාර මහතා තැපැල් සේවකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබා නොදී කමිටු පත්කර කල්මැරීමට ආණ්‌ඩුව සූදානම් වන්නේ නම් වර්ජනයකට යැම හැර වෙන විකල්පයක්‌ නැතැයි පැවසීය.

RSL

Related Posts