BOI සභාපති නීතිඥ උපුල් ජයසූරිය ඉල්ලා අස්වූයේ කාගේ බලපෑමකින්ද..?

Spread the love

වත්මන් යහපාලන රජයේ කුප්‍රකට ජාතික ලැයිස්තු අමාත්‍යවරයෙකු වන මලික් සමරවික්‍රමගේ අනිසි අතපෙවීම් සහ බලපෑම් නිසාවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ නීතිඥ උපුල් ජයසූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

පුද්ගලික හේතුන් මත තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බවත්, මේවන විට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් වෙත බාරදී ඇති බවත් වාර්තා වේ. ජයසූරිය මහතා ඉල්ලා අස්වීමේ ලිපිය සමග නිල රථයත් බාරදී ඇත.

තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් උපුල් ජයසූරිය මහතා, තමන් රාජකාරි කටයුතු කළ කාලයේදී යම් යම් තීරණ ගැනීමේදී බලපෑම් එල්ලවූ බවත්, රාජකාරිවලට බාධා පැමිණුනු බවත් සිහිපත් කළ ඔහු, සිතට එකඟව කටයුතු කිරීමේ අපහසුතාව මෙම තීරණයට බලපෑ බැව් අවධාරණය කළේය.

කුප්‍රකට මලික් සමරවික්‍රම පිනට ලැබුණු ඇමතිධුරය යොදා ගනිමින් විවිධ අක්‍රමිකතා සහ අනිසි බලපෑම් සිදුකරන බවට දිගින් දිගටම වාර්තා වන අතර මෙය එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේද දැඩි කතාබහකට ලක්ව ඇති මාර්තෘකාවක් බවට පත්ව ඇත. මෙම කුප්‍රකට ඇමතිවරයාගේ ක්‍රියාකලාපය සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඇමතිවරු සහ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාටද පැමිණි කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.

කෙසේ වෙතත් ඇතැම් තීරණ ගැනීමේදී හා ක්‍රියාමාර්ග ගැනීමේදී ස්වාධීනව ක්‍රියා කිරීමට හැකිවූ බවත්, රාජකාරි කළ කාලය තුළදී විෂය බාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ජනාධිපතිවරයා යන අය විසින් ලබාදුන් සහයෝගයට ස්තූතිය පළකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

RSL

Related Posts