පොලිසියෙන් දඩ වෙනුවට හෙට සිට තෑගි..!
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයකට අනුව නීතිගරුක හා විනයගරුක රිය පදවන රියදුරන් හඳුනාගැනීමේ විශේෂ වැඩසටහනක් හෙට සිට කොළඹ නගරයේ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව හෙට(18) සිට සති කිහිපයක් පුරා කොළඹ නගරයේ ස්ථාන කිහිපයක පොලිස් නිලධාරීන් යොදවා රියදුරන් නිරීක්ෂණය කිරීම සිදුකෙරෙන අතර හඳුනාගත් රියදුරන්ට ප්රශංසනාත්මක ස්ටිකරයක් සහ ත්‍යාග ලබාදීමට නියමිතය. මීට පෙර මෙම වැඩසටහන අගෝස්තු …
Continue Reading
චතුරිකාගේ ‘ජනපති තාත්තා’ ලිව්වේ සුනිල් මාධව..!
“ජනාධිපති තාත්තා ලියූවේ මම.. පොරොන්දු වෙච්ච ලක්ෂ විසි පහ දුන්නෙ නෑ. – සුනිල් මාධව ප්‍රේමතිලක කියයි” යනුවෙන් වෙබ් අඩවි කිහිපයක්ම අද දිනයේ පුවත් පල කර තිබුනා.මෙයට හේතුව වුයේ චතුරිකා සිරිසේන විසින් ඊයේ දිනයේ එළිදක්වන ලද ජනපති තාත්තා නම් කෘතිය හේතුවෙනි. මෙම පුවත් වලින් කියවුනේ චතුරිකා සිරිසේන විසින් ප්‍රවීන ලේඛක සුනිල් මාධව ප්‍රේමතිලකයන් ලවා මෙම කෘතිය රචනා කර ඇති බවත් ඒ …
Continue Reading
‘අම්මා-අප්පා’ කෞතුකාගාරය වෙනුවෙන් කෝටි ගණනක මහජන මුදල් ගෝඨාභයගේ අත්සනින්!
රාජපක්ෂලාගේ දෙමාපියන් වන ඩී. ඒ.රාජපක්ෂ මහතාගේ සහ එම මහත්මියගේ සොහොන් කොත් නවීකරණය කිරීම සඳහා රජයේ මුදල් රුපියල් කෝටි නවයක මුදලක් යොදා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ව්‍යාපෘතිය ඉදි කිරිම සඳහා නියෝග දුන්නේ යැයි කියන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අස්සන් සංසන්දනය සඳහා කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය වෙත යවා ඇති බව මුල්‍යය අපරාධ කොට්ඨාසය …
Continue Reading
සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවයි
-
RSL
-
September 16, 2017
-
පුවත් සහ වාර්තා
-
SAITM
-
0 Comments
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දු මහතාට අයත් මාළඹේ පිහිටි සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙස විශ්වවිද්‍යාල පනතේ 70 වැනි වගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා ඊයේ (15) සයිටම් ආයතනයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. දෙසැම්බර් 31 වැනිදා තෙක් හෝ වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු අවම ප්‍රමිතිය ගැසට් කරන තුරු සිසුන් ගැනීම තාවකාලිකව නැවැත්වීමට නියමිත බවද වාර්තා …
Continue Reading
පොලිතීන් ගෙවත්තේ පිච්චුවොත් වසර 2ක් හිරේ!
ජාතික පාරිසරික පනත හා 2017 ජූලි 11 ඇමැති මණ්ඩලය අනුමත කළ කැබිනට් පත්‍රිකාව අනුව සැප්තැම්බර් පළමු වැනිදායින් පසු තම ගෙවත්තේ වුවද පොලිතින් හා ප්ලාස්ටික් පිලිස්සීම තහනම් බවත් එය දඬුවම් ලැබිය හැකි වරදක් බවත් මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඒ අනුව යම් පුද්ගලයකු තම ගෙවත්තේ පොලිතින් හා ප්ලාස්ටික් පිලිස්සීම කළහොත් ජාතික පාරිසරික පනත අනුව ඒ පුද්ගලයන්ට විරුද්ධව අධිකරණයක නඩුවක් පවරා රුපියල් 10,000 …
Continue Reading
චතුරිකා “ජනාධිපති තාත්තා” ජනගත කරයි
ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කථාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අතිශය සාමාන්‍ය ගොවි පවුලක උපත ලද මිනිසෙකු රටේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අසිරිමත් කතාන්දරය දියණියකගේ ඇසින් කියැවෙන “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය එළිදැක්වීම ඊයේ (15) උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී සිදු කෙරිණි. සිය පියාණන් ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ලෙස දේශපාලන දිවිය අරඹා, කෙමෙන් කෙමෙන් ජනාධිපති ධූරය දක්වා ආ ගමනේදී එතුමාගේ වැඩිමහල් දියණිය වශයෙන් චතුරිකා සිරිසේනයන් …
Continue Reading
බැඳුම්කර කොල්ලය යටගසන්න අර්ජුන් ඇලෝසියස් සැලසුම් සහගතව බොරු කියලා
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවටත් බොරු කර ඇතැයි ඊයේ (15 දා) ජනාධිපති බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා පිළිගත්තේය. කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්. ජයවර්ධන මහතා විසින් දිගින් දිගටම අසන ලද ප්‍රශ්න හමුවේ අර්ජුන් ඇලෝසියස් මහතා කෝප් කමිටුවට පවසා …
Continue Reading
ආණ්ඩුවේ කල් මැරීම හමුවේ ඉතිහාස ගත වැඩවර්ජනයක් අතලඟ..
-
RSL
-
September 15, 2017
-
පුවත් සහ වාර්තා
-
Strike
-
0 Comments
සයිටම් ප්රශ්නය සඳහා ආණ්ඩුව පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් නොකොට කල් මැරීම හමුවේ වෛද්‍යවරු ඉතිහාස ගත අතිදැවැන්ත වැඩවර්ජනයක් සඳහා යොමුවීමේ සූදානමක් පවතී. ඉදිරි දින කිහිපය තුළ හෝ බලධාරීන් ජනතාවාදී අවසන් විසඳුමක් ලබා නොදුන්නොත් මෑත ඉතිහාසයේ සිදු නොවූ ආකාරයේ වෛද්‍ය වැඩවර්ජනයක් කැඳවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අද(15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් හරිත අලුගේ මහතා මේ බව …
Continue Reading
විශ්‍රාම ලැබු ලං.වි.ම සේවකයින් සේවයට කැඳවයි
විදුලි පාරිභෝගිකයන්ට අත්‍යාවශ්‍ය විදුලි සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ එක් පියවරක් ලෙස විශ්‍රාමික කාර්ය මණ්ඩලය නැවත සේවයට කැඳවීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව 2014.09.01 දිනට පසුව විශ්‍රාම ලැබූ ක්ෂේත්‍ර කාර්මික සේවයට අදාළ සේවකයින් හා රියදුරන් මෙලෙස කැඳවීමට බලාපොරොත්තු වෙයි. තමන්ගේ සේවය නැවත ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දීමට කැමති නම්, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය …
Continue Reading
සිල් රෙදි හොරු වෙනුවෙන් දඩ ගෙවීමේ පිණ්ඩපාත චාරිකාව ඇරඹේ
-
RSL
-
September 15, 2017
-
පුවත් සහ වාර්තා
-
0 Comments
ශ්‍රී ලංකාවේ පළමු පරාජිත ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට ඇති අවස්ථාවකදී රාජ්‍ය දේපල මිලියන 600ක් අවභාවිතා කරමින් සිල් රෙදි බෙදාදීමක් සම්බන්ධයෙන් දඬුවමට ලක්වූ ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන දෙදෙනාට අධිකරණයෙන් නියම වූ දඩ මුදල් ගෙවීමට මුදල් එකතු කිරීම සදහා මහා සංඝරත්නය පිණ්ඩපාතයේ වැඩිම අද (15)උදෑසන ආරම්භ විය. කොළඹ ලෝටස් පාරේ සම්බුද්ධාලෝක මහා විහාරයෙදී …
Continue Reading