ලන්ඩන් නුවර පැවති නිදහස් දින සැමරුමදා ලාංකීය අභිමානය රැකූ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ජනපති නියෝගයෙන් යළි සේවයට

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතාගේ සේවය අත්හිටුවීමට ගත් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අවලංගු කර තිබේ. ලන්ඩන් නුවර පැවති නිදහස් දින සැමරුම් උත්සවයකදී මෙම බ්‍රිගේඩියර්වරයාගේ හැසිරීම පිලිබඳව සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ දර්ශන පිලිබඳව අවධානය යොමු කරමින් විදේශ අමාත්‍යංශය ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබිණි. මේ පිලිබඳව ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා …

Continue Reading

පුංචි ඡන්දේ ප්‍රචාරණ කටයුතු අද රාත්‍රී 12 න් අවසන්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද අපේක්ෂකයින් විසින් සිදුකරන ප්‍රචාරණ කටයුතු අද (07) මධ්‍යම රාත්‍රි 12.00න් පසු අවසන් කළ යුතු බව මැතිවරණ කොමිසම පවසයි. අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රි රත්නායක මහතා පෙන්වාදෙන්නේ ඡන්ද දායකයින් හට ඡන්දය භාවිත කරන පාර්ශවය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා නිහඩ පරිසරයක් නිර්මාණය කිරීම මෙමගින් අපේක්ෂා කරන බවයි.

Continue Reading

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට වෛද්‍ය පීඨ ආචාර්යවරු හරස් වෙති

වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප්‍රමිතීන් ඇතුළත් ගැසට් නිවේදනයට විරෝධය දක්වන අතර එය අහෝසි කරන්නැයි සෞඛ්‍ය ඇමතිවරයාට බලකර සිටින බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි. වෛද්‍ය පීඨ ආචාර්යවරුන් හා ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සකස් කළ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිති ඇතුළත් නිර්ණායක විකෘති කරමින් හා වෙනස් කරමින් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර …

Continue Reading

හොරු සමඟ හොරු එක්වෙති, මන්ත්‍රීවරු රැසක් බැඳුම්කර විවාදය මඟහරිති; ඩීල් එළි පිට වැඩ කළ හැටි (විශේෂ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත සිදුකරන ලද “බැඳුම්කර ජනාධිපති කොමිසම” සහ “බරපතළ වංචා දූෂණ සෙවීම පිළිබඳ ජනාධිපති කොමිසම” මඟින් අනාවරණය වී ඇති කරුණු සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා අද(06) පැවති පාර්ලිමේන්තු විවාදය සඳහා ඒකාබද්ධ විපක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සංවිධානාත්මකව එක්ව කටයුතු කළ බව පැහැදිලි විය. විවාදය සඳහා පැමිණ සිටියේද ඉතාම සීමිත මන්ත්‍රීවරුන් පිරිසක් වන අතර විවාදයට සහභාගී වූයේ මන්ත්‍රීවරුන් …

Continue Reading

මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමේ ජනාධිපති විමර්ශන වාර්තාව ජනපති අතට

කොළොන්නාව, මීතොටමුල්ල ප‍්‍රදේශයේ කසළ කන්ද කඩා වැටීම නිසා සිදුවූ හානිය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව අද (06) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත බාරදෙනු ලැබීය. කමිටුවේ සභාපති විශ‍්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය චන්ද්‍රදාස නානායක්කාර මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර, කමිටු ලේකම් ඞී.එම්. කරුණාරත්න, නීති නිලධාරී පාලිත අබේවර්ධන යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. …

Continue Reading

බැඳුම්කර කොල්ලයට සම්බන්ධ අර්ජුන් ඇලෝෂියස් හා කසුන් පලිසේන යළි රිමාන්ඩ්

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන යන අය ලබන 16 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සැකකරුවන් අද(05) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම නියෝගය සිදු කළ බව සඳහන්. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් රහස්‍ය තොරතුරු උපයෝගී කරගෙන බැඳුම්කර වෙන්දේසි දෙකකදී රජයට රුපියල් කෝටි 9147ක අලාභයක් …

Continue Reading

බෙල්ලන්විල අනුනාහිමියන් අපවත් වුණේ ඉලඇට බිඳීමෙන් වූ වේදනාව නිසා හටගත් හෘදයාබාදයකින්

බෙල්ලන්විල රාජමහා විහාරයේ විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ (77) මරණයට හේතුව ඇද වැටී ඉලඇට කැඩී යැමෙන් සිදුවූ තුවාල නිසා කම්පනය, වේදනාව හේතුවෙන් වූ හෘදයාබාධයක්‌ බව සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය. උන්වහන්සේගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පෙරේදා (3 වැනිදා) සවස පවැත්විණි. කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය …

Continue Reading

ජල සම්පාදන සේවකයෝ වර්ජනයක් අරඹති

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ අද දිනයේ සිට දින 03 කාලයක් දිවයින පුරා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. ඊයේ (04) දිනයේදී විෂයභාර අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡා ද අසාර්ථක වූ බැවින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරිමට තීරණය කළ …

Continue Reading

ඡන්දයෙන් පසු ආණ්ඩුවේ දැවැන්ත වෙනසක් ස්ථිරයි; සියලු සැලැසුම් සුදානම්..! (Exclusive)

මෙම පෙබරවාරී 10 වනදා පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ආණ්ඩුව තුළ දැවැන්ත වෙනස් කම් රාශියක් සිදු වීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. සිදුකළ යුතු වෙනස්කම් රැසක් පිළිබඳව මේ වන විට තමා තීන්දු කර තිබෙන බවත් එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට තමා පසුබට නොවන බවටත් ඒ සඳහා අවශ්‍ය කටයුතු තමා සුදානම් කොට ඇති බවත් පසුගියදා බණ්ඩාරගම පැවති ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා …

Continue Reading

බැඳුම්කර විවාදයට මාත් එනවා-හිටපු ජනපති

මහ බැංකු බැඳුම්කර ජනාධිපති විමර්ශන වාර්තාව සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට තමා සහභාගී වීමට අපේක්ෂා කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අදාළ විවාදය පැවැත්වෙන දින ගණන දීර්ඝ කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බවයි. මාතලේ ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් …

Continue Reading