බැඳුම්කර කොල්ලයට සම්බන්ධ අර්ජුන් ඇලෝෂියස් හා කසුන් පලිසේන යළි රිමාන්ඩ්

Spread the love

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන යන අය ලබන 16 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරුවන් අද(05) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම නියෝගය සිදු කළ බව සඳහන්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් රහස්‍ය තොරතුරු උපයෝගී කරගෙන බැඳුම්කර වෙන්දේසි දෙකකදී රජයට රුපියල් කෝටි 9147ක අලාභයක් සිදු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සැකකරුවන්ට එරෙහිව එල්ල වී තිබේ.

2016 වසරේදී වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාළ චෝදනා පොදු දේපල පනතේ හෝ දණ්ඩ නීති සංග්‍රහයේ සාවද්‍ය මුදල් පරිහරණය යන චෝදනා යටතේ ඉදිරිපත් කර නොමැති බැවින් ඇප ලබා දෙන ලෙසයි.

ඒ අනුව ඇප ඉල්ලීම දින දෙකක් තුළ ලිඛිතව ලබා දෙන ලෙස නියෝග කළ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබන 07 වනදායළි නඩුව කැඳවීමට නියම කර තිබේ.

RSL

Related Posts