වෛද්‍ය වැඩ වර්ජනය ගැන නොදැන පැමිණි රෝගීන් අමාරුවේ

ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියකින් තොරව රටට හානිකර සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීම ඇතුළු කරුණු 10 ක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(03) වැඩ වර්ජනයක නිරත වුණි. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශ හා සායන නිසි පරිදි සිදු නොවූ අතර වර්ජනය පිළිබඳව නොදැන ප්‍රතිකාර ගැනීමට පැමිණි සිටි රෝගීන්ද අපහසුතාවට පත්ව සිටිනු දක්නට ලැබුණි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය …

Continue Reading

තිස්ස අත්තනායක අලුත් පිම්මකට සැරසෙයි

නව දේශපාලන පක්ෂයක් බිහිකරමින් යළි දේශපාලනයට පිවිසෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ඊයේ(02) කඩුවෙල පැවති ආගමික උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කර තිබේ. දේශාපාලන හැල හැප්පිලි හේතුවෙන් පසුගිය කාලය තුළ ප්‍රසිද්ධ දේශපාලනයෙන් ඉවත් සිටි බවත් නැවත ක්‍රියාකාරි දේශපාලනය ආරම්භ කරන වැඩපිළිවෙලක් ආරම්භ කළ ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. ඉදිරි ජනාධිපතිවරණය සඳහා …

Continue Reading

මම එදා වගේම අදත් වංචාවට දූෂණයට නාස්තියට විරුද්ධයි – ජනපති

තමන් ඇමැතිවරයකුගේ කාලයේත් වර්තමාන ජනාධිපති කාලයේත් අනාගතයේත් වංචාවට, දූෂණයට, නාස්තියට, හොරකමට එරෙහිව කටයුතු කරන බවත් ඒ සඳහා කැපවී කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පළමු වැනිදා මැදිරිගිරිය හා හිඟුරක්ගොඩ පැවැති ජන හමු කිහිපයකදී පැවැසීය. ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ ‘යළි පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතියේ රුපියල් කෝටි 6000ක ආයෝජනයකින් ආරම්භ කොට නිම කළ ව්‍යාපෘති 60ක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. මැදිගිරිය …

Continue Reading

විශේෂ මහාධිකරණය වැඩ අරඹයි; කුප්‍රකට ගාමිණී සෙනරත් ඇතුළු 4කට සිතාසි

රජයට අයත් රුපියල් මිලියන 500 ක මුදලක්‌ සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 24 ක්‌ යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන හිටපු ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට ලබන 24 වැනිදා විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යෑවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (01) නියෝග කළහ. බරපතළ වංචා හා දූෂණ සම්බන්ධයෙන් පවරනු …

Continue Reading

බන්ධනාගාර ලොක්‌කන් 12 කට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීම්

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස්‌ මත ස්‌ථාන මාරු කළ බන්ධනාගාර අධිකාරිවරුන් සිව් දෙනාට අමතරව තවත් උසස්‌ බන්ධනාගාර නිලධාරීන් අට දෙනකුටද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්‌ථාන මාරුවීම් ලැබී ඇත. ඒ අනුව ස්‌ථාන මාරුවීම් ලැබී ඇති සම්පූර්ණ නිලධාරීන් සංඛ්‍යාව දොළොස්‌ දෙනෙකි. එම දොළොස්‌ දෙනා අතරට බන්ධනාගාර බුද්ධි අංශය මෙහෙය වූ බන්ධනාගාර අධිකාරි යූ. බී. වලිසුන්දර මහතාද වේ. වැලිකඩ …

Continue Reading

පොළොන්නරුව වගේ රටත් සංවර්ධනය කරනවා – ජනපති

පොළොන්නරුවේ පමණක් නොව දිවයිනේ සෑම පළාතකම යෝධ සංවර්ධන සංග්‍රාමයක් අරඹන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. ජනාධිපති සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරා දීමේ උත්සවයට ඊයේ (01දා) එක්වෙමිනි. එම අවස්ථාව ඇමතූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය. ඔබේ අතට පත්වී තිබෙන පොළොන්නරුව පිළිබඳ ප්‍රකාශනයේ ඉහළින්ම තිබෙන ශීර්ෂය වන්නේ රු. …

Continue Reading

ජාලියගේ පවුල පිටින් අල්ලන්න අධිකරණ නියෝගයක්!

ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය පෙරේදා (31) නැවත විවෘත වරෙන්තු නිකුත් කළාය. ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේදී ඇප වූ ඔහුගේ බිරිඳ හා ඥති සොහොයුරිය අත්අඩංගුවට ගැනීමට ද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී නැවත වරෙන්තු නිකුත් කළාය. ජාලිය වික්‍රමසූරිය මහතාගේ හා ඔහුගේ බිරිඳගේ නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම්, ආරක්‌ෂිත …

Continue Reading

අගෝස්තු 03 වනදා වෛද්‍ය වැඩ වර්ජනය කුමක් සඳහා ද..?

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එලඹෙන අගෝස්තු 03 වනදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදුකිරීමට සැලසුම් කර ඇති අතර ඔවුන් මෙම වර්ජනය සිදුකරන්නේ කුමක් සඳහා ද? යන්න පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ දන්වා සිටී.

Continue Reading

තිලංගගේ ක්‍රිකට් මාෆියාවට එරෙහිව අර්ජුන සහ අරවින්ද කට අරිති

ඡන්ද පදනමක්‌ නැති පස්‌සා දොරෙන් ආණ්‌ඩුවට රිංගාගත්තු බුකීකාරයින් නඟන බොරු චෝදනාවලට තමන් නොසැලෙන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා ඊයේ (31) සිය අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය. මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා හිටපු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාද සහභාගි විය. ශ්‍රී ලංකාවේ පළමුවරට ක්‍රිකට්‌ තරග පාවාදීමේ චෝදනා එල්ල වූයේ අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා යන …

Continue Reading

මංගලගෙන් විශේෂ චක්‍රලේඛයක්!

රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට පරිබාහිර සේවකයන් බඳවාගෙන මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩල බඳවා ගැනීම හා ඔවුන්ට වැටුප් ගෙවීම වළක්වාලමින් රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එම උපදෙස්වලට පටහැනිව බඳවාගන්නා කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් අදාළ ආයතනයේ, රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයා/ දෙපාර්තමේන්තු ප්‍රධානියා/ පළාත් ප්‍රධාන ලේකම්වරයා හා මූල්‍ය අංශයේ ප්‍රධානියා විසින් වගකීම දැරිය …

Continue Reading