අලුත්ම එයාර් බසය පිටුපස කොමිස් ජාවාරමක්! තිරය පිටුපස අගමැතිත්..?

ඒ 321 එයාර් බස් ගුවන් යානය රැගෙන ඒමේ පිටුපස කොමිස් මුදල් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික වසන්ත සමරසිංහ මහතා කියයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතින් එක් කරන ලද ඒ 321 එයාර් බස් රථය රැගෙන ඒම පිටුපස විශාල කොමිස් මුදලක් ලැබි ඇති බව අන්තර් සේවක සංගමයේ සභාපති හා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභිත වසන්ත සමරසිංහ මහතා පැවසිය. වසන්ත සමරසිංහ …

Continue Reading

ඇමති රන්ජන්ගේ අනාගතය අවදානමක!

“ශ්‍රී ලංකාවේ විනිසුරුවන් බහුතරයක්‌ දූෂිතයන්” යෑයි රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ප්‍රසිද්ධ චිත්‍රපට නළු රන්ජන් රාමනායක මහතා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකින් උසාවියට අපහාසයක්‌ සිදු වී ඇති බැවින් එම වරදට දඬුවම් නියම නොකිරීමට ඔහුගෙන් හේතු විමසීම සඳහා නීතිපති සකස්‌ කළ ආඥවේ කෙටුම්පත ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නවාන මහතා ඊයේ (30) ශේ්‍රෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය. මෙම නඩුවට අදාළව රන්ජන් රාමනායක මහතාට භාරදීම සඳහා නීතිපති …

Continue Reading

“පුබුදමු පොළොන්නරුව” වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට

“පුබුදමු පොළොන්නරුව” වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක රුපියල් කෝටි 10 කට අධික වටිනාකමින් යුතු ව්‍යාපෘති රැසක් හෙට (අගෝස්තු 01 වනදා)ජනතා අයිතියට පත්කිරීමට නියමිතව ඇත. බකමූණ රෝහලේ ඉදිකිරීම් විවෘත කිරීම, මැදිගිරිය බස්නැවතුම්පොල විවෘත කිරීම, දිවුලම්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකිරීම් විවෘත කිරීම, හිගුරක්ගොඩ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකිරීම් විවෘත කිරිම, මැදිරිගිරිය වාරි කළමණාකරණ …

Continue Reading

මාධ්‍යවේදීන්ට මරණ තර්ජනය කිරිමේ පැමිණිල්ල ගැන ශ්‍රී ලංකා පොලිසිය හොරගල් අහුලයි

අන්තර්ජාලය තුළ ඉතාම ප්‍රසිද්ධියට පත් ව ඇති දේශපාලන කතිකාවක් වන SLVLOG හී මාධ්‍යවේදීයෙකුට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශයක කාර්යය මණ්ඩල ප්‍රධානියෙක් මෙන්ම රජයේ ප්‍රබල ආයතනයක ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව ඊයේ (30) කඩවත පොලිසියට කැඳවා තිබුණද ඔහු පැමිණ සිට නැත. රුපියල් කෝටි ගණනක ගණුදෙණුවක් ගැන මාධ්‍ය විසින් කළ අනාවරණයේදි තමන් විසින් එයට තොරතුරු ලබා දුන් බව පවසමින් තුසිත හල්ලොලුව තමාට …

Continue Reading

රාජිතගේ සිහිනය සැබෑ වේවිද..?

තමන්ද ඉදිරියෙදි රට භාර ගන්න සිටින නායකයෙකු බැවින් පෞද්ගලික සමාගම් සහ ආයතන සමඟ සහයොජයෙන් වැඩ කටයුතු සිදු කළ යුතු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ට උපදෙස් දුන් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. දුම්කොළ නිෂ්පාදන සඳහා සියයට අනූවකට අධික බදු අයකිරිම තුළ දුම්වැටි භාවිතය ඉතා සිඝ්‍රයෙන් අඩු වි …

Continue Reading

හෙට සිට උසස් පෙළ උපකාරක පංති සියල්ල තහනම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට(31) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට සැප්තැම්බර් මස පළමුවනදා දක්වා මෙම තහනම් බල පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය. මීට අමතරව මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව ද උපකාරක පන්ති පැවැත්වීම අගෝස්තු මස පළමුවන දින …

Continue Reading

මේ රට පිරිහීමට ප්‍රධාන හේතුව ජාති – ආගම්වලට බෙදී ඇනකොටා ගැනීමයි – අගමැති

මේ රට පිරිහීමට ප්‍රධාන හේතුව ජාති-ආගම්වලට බෙදී ඇනකොටා ගැනීම බවත්, භාෂාව තුළින් ඉන් මුදවා ගැනීමට ඇති ප්‍රබලතම අවිය බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2017 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවැනි භාෂාවට විශිෂ්ට ප්‍රතිඵල ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගැයීම සඳහා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය. මම මෙම …

Continue Reading

යුද හමුදාවෙන් අලුත් මෙහෙයුමක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය මත ක්‍රියාත්මක වන පැරණි වාරි තාක්ෂණයද භාවිත කරමින් මධ්‍යම ප්‍රමාණයේ වැව් 500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් රජය ආරම්භ කළේ ශක්තිමත් කෘෂි ආර්ථිකයක් ගොඩනැංවීමේ අරමුණ ඇතිවයි. සිරිසර පිවිසුම ව්‍යාපෘතිය නම් වන මේ සඳහා ශ්‍රම දායකත්වය සපයන්නේ යුද්ධය නිමාකිරීමට උරදුන් ශ්‍රී ලංකා යුද හමුදාවයි. ව්‍යෘපෘතිය සවිබලගන්වන ශ්‍රී ලංකා යුධ හමුදාව මේ ව්‍යාපෘතියට සක්‍රිය …

Continue Reading

මම ජනාධිපති උපදේශකයෙක් කියන්නත් මට ලැජ්ජයි – අතුරලියේ රතන හිමි

කැබිනට් එක විරුද්ධ වෙද්දී සිංගප්පූරු ජාතික පල් හොරෙකුට මහ බැංකුව භාරදුන්නේ කවුද? ඇත්තටම වැරැදි පිරිසකට රට භාර දීලා තවදුරටත් බලා නොසිට මේ පාලනය අපි අවසන් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. රතන හිමියන් එසේ පැවැසුවේ පෙරේදා (28) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වුණු ශ්‍රී ලංකා කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමුපකාර සමිතියේ 30 වැනි සංවත්සරයට සහභාගි වූ අවස්ථාවේදීය. එම සංවත්සර සැමරුම …

Continue Reading

මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න පෙර ජනමත විචාරණයක් තියන්න – ෆීල්ඩ් මාෂල්

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව ජනමත විචාරණයක් මගින් තීරණය කිරීම සුදුසු බව වනජීවි, තිරසර සංවර්ධන සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. වැල්ලවාය ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. රටට අහිතකර බලපෑම් සිදු කරන වැරදිකරුවන් හට එවැනි දඬුවමක් ලබා දිම අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම …

Continue Reading