මාධ්‍යවේදීන්ට මරණ තර්ජනය කිරිමේ පැමිණිල්ල ගැන ශ්‍රී ලංකා පොලිසිය හොරගල් අහුලයි

Spread the love

අන්තර්ජාලය තුළ ඉතාම ප්‍රසිද්ධියට පත් ව ඇති දේශපාලන කතිකාවක් වන SLVLOG හී මාධ්‍යවේදීයෙකුට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශයක කාර්යය මණ්ඩල ප්‍රධානියෙක් මෙන්ම රජයේ ප්‍රබල ආයතනයක ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව ඊයේ (30) කඩවත පොලිසියට කැඳවා තිබුණද ඔහු පැමිණ සිට නැත.

රුපියල් කෝටි ගණනක ගණුදෙණුවක් ගැන මාධ්‍ය විසින් කළ අනාවරණයේදි තමන් විසින් එයට තොරතුරු ලබා දුන් බව පවසමින් තුසිත හල්ලොලුව තමාට බැන තර්ජනය කළා යැයි නිශාන්ත වර්ණකුල නැමැති මාධ්‍යවේදියා කඩවත පොලිසියට පැමිණිල්ලක් කර තිබුනා. එම පැමිණිල්ල විභාග කිරීමට කඩවත පොලිසිය අද එහි පාර්ශවකරුවන් පොලිසියට කැඳවා තිබුණ නමුත්පැමිණිලිකරු පොලිසියට පැමිණ පසුව එම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසීය දැක්වුයේ උදාසීන තත්ත්වයක් බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එම අවස්ථාවට එක්වු පැමිණිලිකරු මාධ්‍යවේදී උෂාන්ත වර්ණකුමාර

“මේ පරීක්ෂණයේ මූලික විමර්ශනය සඳහා මට පොලිසියට එන්න කිව්වා අද දහවල් 02ට නමුත් මේ අදාළ පුද්ගලයා අද ඇවිල්ලා තිබුණේ නෑ. ඔහු විසින් මෙම කරන ලද තර්ජනය මම දකින්නේ සමස්ත ජනමාධ්‍ය වලටම කරන තර්ජනයක් ලෙස. ඔහුගේ පෞද්ගලික දුරකතනයෙන් තමයි මට තර්ජනය කිරීම සිද්ධ කළේ. ඒ නිසා ඒ සියළු දුරකතන සංවාද පටිගත කොට මා සතුව තිබෙනවා. මම ඒවා නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරලා තියනවා.

මෙම අවස්ථාවට වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ (NMWJ)සභාපති මාධ්‍යවේදී චතුරංග ද අල්විස් ද එක්ව සිටි අතර ඔහු අදහස් දක්වමින් කියා සිටියේ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති සාක්ෂී සහිත චොදනාවක් සම්බන්ධයෙන් ආණ්ඩුව මීට වඩා වගකිමෙන් කටයුතු කලයුතු බවයි.

“තුසිත හල්ලොලුව අවස්ථා ගණනාවක දි මාධ්‍ය වෙත කරන බලපෑම් අපි දැක්කා. ඒ තර්ජනයන් සුළු කොට තැකිම අවසානයේ මාධ්‍යවේදීන්ගේ ජීවිත වලින් පවා වන්දි ගෙවීමට සිදුවන අවස්ථා අපි දැක්කා. ඒ නිසා අපි බොහෝම පැහැදිලිව කියනවා මේ තත්ත්වය සුළු කොට තකන්න බෑ. වහාම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න ඕන.”

“රටේ පුරවැසියන්ට, මාධ්‍යවේදීන්ට එලෙස ජීවිත තර්ජන කිරීමට හා අසභ්‍ය වචනයෙන් බැන වැදීමට තුසිත හල්ලොලුවට බලය දුන්නේ කවුරුන්ද. අපි දන්නවා මෙවැනි දෙවන පෙළ දේශපාලන අතකොළුවන් තම නොහැකියාව වසා ගැනීමට දේශපාලන බලය යොදා ගෙන තර්ජනය කිරීම හැමදාම අපි දැක්කා.

“SLVLOG යනු YouTube නාලිකාවක් ලෙස ක්‍රියාත්මක වන රටේ ප්‍රසිද්ධ විකල්ප ධාරාවේ සමාජ ජාලාවක් වන අතර රටේ දේශපාලනය හසුරුවන පුද්ගලයන් විසින් කරනු ලබන දුෂණ,වංචා මෙන්ම සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින ජනප්‍රිය තලයේ වැඩසටහනක්. මොක්කක්ද මේ දේශපාලන හෙංචයියන් යොදවාගෙන කරන්න හදන්නේ ඔහුන්ව බය කරන්න බය කරල තමන්ගේ හොරකම් හොදට කරගෙන යන්න…”

“එසේ තිබියදි ආණ්ඩුව විකල්ප මතවාදි මාධ්‍ය මර්දනය කිරීමට යොදා ගන්නා අලුත්ම මෙවලම වන්නේ මෙලෙස තම හෙංචයියන් හරහා දුරකතනයෙන් මාධ්‍ය වෙත අසභ්‍ය වචනයෙන් බැන වැදීම හා තර්ජනය කිරීමද?යන්න අපට ප්‍රශ්ණාර්ථයක්”

“පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේද මේ අකාරයටම දේශපාලන බලය අවභාවිතාවේ යෙදවු දේශපාලඥයින් මෙන්ම ඔවුන්ගේ අතකොළුවන් ඕනෑතරම් මේ රටේ ක්‍රියාත්මක වුනා. නමුත් ඒවකට පාලකයන් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළේ ගොළු බිහිරි ප්‍රතිපත්තියක්. ඒ හේතුව නිසාම මේ රටේ මාධ්‍ය ආයතන බෝම්බ ගැසිම් මෙන්ම ගිනී තැබිම් වලට ලක් වූ අතර මාධ්‍යවේදීන්ට තර්ජනයන්ට ලක්විමට මෙන්ම තම ජිවිත වලින්ද වන්දි ගෙවිමටද සිදුවු අවස්ථා අපමණයි..”

“ඒ නිසා අපි කියනවා ආණ්ඩුවේ මේ ගමන වහාම නතර කරන්න ඔනේ…. මොකද නැත්නම් මේ ගමන් අවසන් වන්නේ සුදු වැන්,අතුරුදහන් විම සහ ඝාතන වලින්..ඒ නිසා අපී ආණ්ඩුවට කියනවා වහාම මේ ගමන නතර කිරිම සදහා කටයුතු කරන්න කියලා … මේ රටේ මාධ්‍යවේදීන්ගේ නිදහස සහ ආරක්ෂාව තහවුරු කරන්න ඒ වෙනුවෙන් කටයුතු කරන්න කියලා… “

RSL

Related Posts