අලුත්ම එයාර් බසය පිටුපස කොමිස් ජාවාරමක්! තිරය පිටුපස අගමැතිත්..?

Spread the love

ඒ 321 එයාර් බස් ගුවන් යානය රැගෙන ඒමේ පිටුපස කොමිස් මුදල් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික වසන්ත සමරසිංහ මහතා කියයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතින් එක් කරන ලද ඒ 321 එයාර් බස් රථය රැගෙන ඒම පිටුපස විශාල කොමිස් මුදලක් ලැබි ඇති බව අන්තර් සේවක සංගමයේ සභාපති හා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභිත වසන්ත සමරසිංහ මහතා පැවසිය.

වසන්ත සමරසිංහ මහතා ඒ බව කියා සිටියේ රට රකින,රට හදන ,ජනතාවාදි පාලනයක් යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ මගින් රට පුරා පවත්වන ජන හමුවේ නුවරඑලිය දිස්ත්‍රීත්තකයේ පළමු රැස්විම අමතමිණි.

මෙම රැස්විම ඊයේ (30) පස්වරුවේ ගිනිගත්හේන සමුපකාර සම්මන්ත්රිණ ශාලාවේදි පැවැත් විණ.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ ඉකුත් රජය සමයේ ගුවන් යනා නිෂ්පාදිත සමාගමකට ඇණවුම් කර තිබු ගුවන් යානයක ගිවිසුම වත්මන් රජය මගින් අවලංගු කල බවයි.

එම ගිවිසුම අවලංගු කිරිම සදහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ජනතා මුදල් රුපියල් කොටි 175 ක පමණ මුදලක් එම සමාගමට ගෙවා ඇති බවද ඒ මහතා පැවසිය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතින් ගුවන් යානයක් අවශ්‍ය නම් ඉකුත් රජය මගින් ඇණවුම් කල ගුවන් යානයක් මිල දි ගැනිමට හැකියාව තිබියදි , එය අවලංගු කර පැය තුනක් වැනි කෙටි කාලයක ගුවන් ගමන් සඳහා ඒ 321 වර්ගයේ නව ගුවන් යානයක් මිල දි ගැනිම පිටුපස විශාල කොමිස් මුදලක් එම ගුවන් යානය මෙරටට ගෙන්විමට කටයතු කල අයට ලැබි ඇති බවද ඔහු පවසයි.

ඉන්ධන මිල වැඩි කිරිමේ මිල සුත්‍රය අනුව යලිත් වතාවක් ඉන්ධන මිල වැඩි වෙන බවත්, එසේ ඉන්ධන මිල වැඩි විමේ වාසිය මෙරට පෞද්ගලික ඉන්ධන සමාගමක් විසින් ලබා ගන්නා බවත් එ මහතා පවසයි.

මෙරට තුල දවසින් දවස අලුත් අලුත් මතෘකා ගෙන එමින් වත්මන් රජය රට පාලනය කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

RSL

Related Posts