මාධ්‍ය අපේ ඇඟේ තිබෙන දෙයක්

ජනමාධ්‍ය සමඟ මෙන්ම ජනමාධ්‍යවේදීන් සමඟත් සමීපව කටයුතු කරමින් මාධ්‍ය වෘත්තීය නඟාසිටුවීමට උපරිම අන්දමින් කටයුතු කිරීම තම බලාපොරොත්තුව බව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ප්‍රකාශ කෙළේය. ඔහු එම අදහස් පළ කළේ පෙරේදා (25) පොල්හේන්ගොඩ පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රාජකාරි කටයුතු ආරම්භ කරමින්ය. එහිදී රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මෙසේද පැවැසීය. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කිරීමට ලැබීම ගැන මම බෙහෙවින් …

Continue Reading

දූෂණ චෝදනා සමඟින් සනත් ජයසූරියගේ ක්‍රිකට් ජීවිතය අවසන් වෙයි!

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධි සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩක සනත් ජයසූරීයට ක්‍රිකට් සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් වසර දෙකක කාලයක් සඳහා තහනම් කිරීමට අයි.සී.සී.ය තීරණය කර තිබේ. ක්‍රිකට් වංචා සහ දූෂණ සම්බන්ධයෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් වෙතත් බලධාරීන් වෙතත් චෝදනා එල්ල වී තිබූ අතර ඒ අනුව අවස්ථා කිහිපයකදීම විමර්ශන දියත් කෙරුණු අතර 2017 වසරේ සිම්බාබ්වේ පිලේ ශ්‍රී ලංකා සංචාරය …

Continue Reading

ශ්‍රමය වෙනුවට දැනුම විකුණන ආර්ථිකයට මාරු වෙමු

අධ්‍යාපනය නවීකරණය කොට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශ්‍රමය පදනම් වූ රැකියා කරන්න කියා අප කියනවාද? නැතිනම් දැනුම පදනම් කරගත්ත රැකියා කරන්න කියනවාද? අන්න ඒකයි මේ රටේ තියෙන ප්‍රධානතම ප්‍රශ්නය. ශීඝ්‍ර ආර්ථික විපර්යාසයක් කරලා, ශිල්ප දැනුම පදනම් කර ගත්තු ලෝක වෙළෙඳපළේ තරග කළ හැකි ආර්ථිකයක් ඇති කරලා, තමන්ගේ අතේ තිබෙන ආදායම දෙගුණයක් කරන්න අපි මීළඟ අවුරුදු කීපයේදී බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …

Continue Reading

රටේම මූල්‍ය වංචා ගැන බයිලා ගහන බන්ධුල, බැංකුවලට පොලු තබා කට්ටි පැන්න හැටි හෙළිවෙයි

රටේම මූල්‍ය වංචා සහ ආර්ථික බිඳවැටීම් ගැන මාධ්‍ය හමුවල මහා දේශන, තර්ක විතර්ක ගෙනහැර පාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන විසින් පෑන් ඒෂියා බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (120,00,000) බැංකු අයිරාවක් සහ ණය මුදලක් නොගෙවා එම බැංකුවට පොලු තබා කට්ටි පැනමින් සිටින බව ඊයේ(26) අධිකරණය හමුවේ හෙළිදරව් විය. බන්ධුල ගුණවර්ධන විසින් පෑන් ඒෂියා බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (120,00,000) …

Continue Reading

කාටත් හොරා නීති විරෝධී කොටස් වෙළෙදාමේ යෙදුණු රනිල්ගේ මන්ත්‍රීධූරයට එරෙහි පෙත්සම් විභාගය තවත් කල් ඇඳෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඔහු හිමිකාරිත්වය ගැන සමාගමක් රජයේ ආයතන සමඟ ගිවිසුම් ගත වී ව්‍යාපාරික කටයුතුවල නිරතවීම මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු කමක් මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක් වන හෙයින් Lake house printers and publishers සමාගමේ කොටස් හිමියෙක් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ නියෝගය මැයි මස …

Continue Reading

ජනාධිපතිවරණයක් එන්නේ නැහැ; වෙල්ගම පේන කියයි

දැන් රටේ නායකයෝ හැමෝම කතා කරන්නේ විසි වැනි සංශෝධනය ගැන. ජනතා විමුක්ති පෙරමුණ මේක ගෙනාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය දෙන්නයි. විසි වැනි සංශෝධනය සම්මත වුණොත් ඔය එකක්වත් වැඩක් නෑ. එහෙම වුණොත් ජනාධිපතිවරණයක් එන්නෙත් නෑ”. මේ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඉකුත්දා හාලිඇළදී පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී …

Continue Reading

තවත් ජාතික ඛේදවාචකයක් නිමාවෙමින් තිබේ..

පසුගිය යුගයේ ජාතික ඛේදවාචකයක් බවට පත්ව තිබූ වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් ගෙන ගිය පුළුල් වැඩපිළිවෙළ හේතුවෙන් පසුගිය වසර දෙක තුළ වකුගඩු රෝගින්ගේ ව්‍යාප්තියේ අඩුවක් දක්නට ලැබෙන බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 628ක මූල්‍ය ප‍්‍රතිපාදන උපයෝගි කරගනිමින් මහනුවර මහ රෝහලට අනුබද්ධිත ව ඉදිකරන ලද වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන …

Continue Reading

යුක්තිය රෙද්ද පල්ලෙන් බේරේ..! දොරවල් වසා නඩු අසයි..! මහින්දානන්දගේ පුතා එළියේ..! OIC ජීවිතයත්, මරණයත් අතර..

බම්බලපිටියේදී කුරිරු ලෙස රිය අනතුරකට භාජනය කළ බොරැල්ල රථවාහන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර මහතාට අයුක්තිය සිදුකරමින් බීමත්ව අනතුර සිදුකර ම්ලේච්ඡ ලෙස පළා ගිය මහින්දානන්දගේ මාර පුත් රවිශ්ක බණ්ඩාර අලුත්ගමගේ නැමැත්තා බේරා ගැනීම සඳහා පොලිසියත් මහේස්ත්‍රාත්වරයාත් කටයුතු කළ බවට හැඟවෙන තුච්ඡ පුවතක් වාර්තාවේ. මේ රටේ ජනතාව අධිකරණය ඉදිරියේ තබා ඇති විශ්වාසය සහ ගෞරවරය පළුදු කරමින්, මහේස්ත්‍රාත්වරයා සිය අපක්ෂපාතී ගරුත්වයට හානි …

Continue Reading

මෛත්‍රී-මහින්ද ප්‍රධානත්වයෙන් සන්ධාන මන්ත්‍රීන්ට වැඩමුළුවක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 9 සහ 10 යන දිනයන්හිදී නුවර අර්ල් රිජන්සි හෝටලයේදී වැඩමුළුවක් පැවැත්වීමට නියමිතය. සන්ධානයේ ප්‍රකාශකයකු පවසා සිටියේ ආර්ථික, දේශපාලන සහ සමාජයීය කරුණු සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන් තවදුරටත් දැනුවත් කිරීම සඳහා මෙම වැඩමුළුව සූදානම් කර ඇති බවයි. මෙම වැඩමුළුවට අනිවාර්යෙන්ම සහභාගි වන ලෙස එක්සත් ජනතා …

Continue Reading

පොරොන්දු වු පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනපති, අගමැති, විපක්ෂනායක එකඟතාවයකට!

මීට පෙර මැතිවරණවලදී පොරොන්දු වූ පරිදි ජනාධිපති, අගමැති සහ විපක්‍ෂ නායක යන තිදෙනාම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට එකඟතාව පළකර ඇත. ඒ අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කර ගැනීමට හැකිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයෙක් සහ වැඩි බලතල සහිත …

Continue Reading