යුක්තිය රෙද්ද පල්ලෙන් බේරේ..! දොරවල් වසා නඩු අසයි..! මහින්දානන්දගේ පුතා එළියේ..! OIC ජීවිතයත්, මරණයත් අතර..

Spread the love

බම්බලපිටියේදී කුරිරු ලෙස රිය අනතුරකට භාජනය කළ බොරැල්ල රථවාහන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර මහතාට අයුක්තිය සිදුකරමින් බීමත්ව අනතුර සිදුකර ම්ලේච්ඡ ලෙස පළා ගිය මහින්දානන්දගේ මාර පුත් රවිශ්ක බණ්ඩාර අලුත්ගමගේ නැමැත්තා බේරා ගැනීම සඳහා පොලිසියත් මහේස්ත්‍රාත්වරයාත් කටයුතු කළ බවට හැඟවෙන තුච්ඡ පුවතක් වාර්තාවේ.

මේ රටේ ජනතාව අධිකරණය ඉදිරියේ තබා ඇති විශ්වාසය සහ ගෞරවරය පළුදු කරමින්, මහේස්ත්‍රාත්වරයා සිය අපක්ෂපාතී ගරුත්වයට හානි කර ගනිමින් මෙම නඩුව විවෘත අධිකරණයේ නොවිමසා මාධ්‍යවේදීන්ද සෙසු පුද්ගලයන්ද අධිකරණයෙන් ඉවත් කර පොලිසියත් සැකකරුවන්ගේ නීතිඥයනුත් ඉදිරියේ පමණක් නඩුව විභාග කිරීම මෑත ඉතිහාසයේ සිදුවූ අභාග්‍ය සම්පන්නම සිදුවීමකි.

මෙලෙස අපූරු නඩු විමසීමක් සිදුකර ඇත්තේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ය.

අප වෙත වාර්තාවන අන්දමට WP FZ 9143 දරණ ඩිෆෙන්ඩර් රථය ඒ අවස්ථාවේ පදවා ඇත්තේ මහින්දානන්දගේ පුත් රවිශ්ක බණ්ඩාර අලුත්ගමගේ වන අතර පිරිස මත්පැන් පානය කර ඇත්තේ බම්බලපිටියේ ‘හොටෙල් මවුන්ට් පික්’ නමැති ස්ථානයේ දී ය.

අනතුර සිදුකිරීමට පෙර වෙනත් වාහන වලටද වෙට්ටු දමමින් අලුත්ගමගේ පුත්‍රයා රථය පදවා ඇති අතර පසුපසින් ආ ප්‍රාඩෝ රථය පැදවූ එහි හිමිකරු ද වූ දුමින්ද සුදම්මික ආටිගල නමැති පුද්ගලයා ප්‍රථමයෙන් පොලිසියට දුන් කට උත්තරයේ දී ඉදිරියෙන් ගිය ඩිෆෙන්ඩර් රථය පැදවූයේ මහින්දානන්දගේ පුතා බව සඳහන් කර තිබී ඇත. සුදම්මික ආටිගල නමැත්තා කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු ද වේ. ඔහුගේ පියා වෙල්ගමලාට අයත් උපාලි සමූහ ව්‍යාපාරයේ ව්‍යාපාර සහකරුවෙකි.

මෙකී නඩුවේදී පොලිසිය අගතියට පත් තම සහෝදර රථවාහන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර මහතා වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට මහින්දානන්දගේ පුතා ගලවා ගැනීම සඳහා පෙනී සිටීම ලජ්ජා සහගතය. කෙදිනකවත් නොමැතිව පොලිසියේ රථ වාහන අංශය බාර නි.පොලිස්පති නීතිඥ අජිත් රෝහණම අධිකරණයේ පෙනී හිඳිමින් මහින්දානන්දගේ පුතාගේ ගැලවීම වෙනුවෙන් කතා කළ බවටද වාර්තාවේ.

යුක්තිය රෙද්ද පල්ලෙන් බේරෙයි..

CCTV කැමරා වල මේ තරම් පැහැදිලිව සටහන්ව තිබියදී, මොවුන් බීමතින් සිටි බවත්, අනතුර සිදුකර පළා ගියේ බීමතින් සිටි බව හසුවන නිසා බවත් පසුව වෙනත් රියැදුරෙකු ඉදිරිපත් කර ඇති බවත් ඉතා හොඳින් දැන ගැනීමට අවස්ථාව තිබියදීත් මහේස්ත්‍රාත්වරයා මාධ්‍යවේදීන් පවා ඉවත් කර යුක්තිය රෙද්ද පල්ලේ හෙළන ලද්දේ නීති ගරුක සියළු පුරවැසියන් කම්මුලේ අත් ගසා ගැනීමට සලස්වමිනි.

RSL

Related Posts