ලංසා පනින්න පෙර අස්වෙයි!
ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අද(19) බාරදී ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කරයි. අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ නිමල් ලංසා ඉදිරියේදී මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධයට අයත් පොදු ජන පෙරමුණට සහය දැක්වීමට නියමිත බවද වාර්තාවේ. නිමල් ලන්සා මහතා පසුගිය වර පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ගම්පහ දිස්ත්රිනක්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණි.
Continue Reading
දීපු එක මහින්ද යළි ඉල්ලමින් යයි
පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වීමත් සමඟ මහින්ද රාජපක්ෂ අකමැත්තෙන් වුවත් තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිකමින් ඉවත් වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සභාපතිකම පවසා ඉවත්ව ගියේය. එහෙත් ඉන් පසු අවස්ථා ගණනාවකදී වේදිකා තුළ මහින්ද රාජපක්ෂ කියවන්නට ගත්තේ තමාගෙන් මෛත්‍රී ශ්‍රීලනිප සභාපතිකම උදුරාගත් බවයි. එහෙත් සත්‍යය නම් මහින්ද කරකියා ගන්නට යමක් නොමැතිව ශ්‍රීලනිප සභාපතිකම පිරිනමා යන්නට යෑමයි. එහෙව් මහින්ද යළි මැතිවරණය පැමිණි …
Continue Reading
මැලේසියා-ශ්‍රී ලංකා සහයෝගීතාව ක්ෂේත්‍ර ගණනාවකට දිවයයි
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අවස්ථාවේදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කෙරෙන අවබෝධතා ගිවිසුම් 02 කට සහ සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබිණි. මධ්‍යම පාන්තික නිවාස 14,000 ක් මෙරට ඉදිකිරීම සඳහා මැලේසියාවේ එකඟතාව පළ කෙරුණු අතර, ඒ පිළිබඳ සාකච්ඡා ඉදිරි දින කිහිපය …
Continue Reading
මහින්දගේ ‘සිරිපිනා මුඩුක්කුව’ සහ ට්‍රොජන් අශ්වයා
-
RSL
-
December 18, 2017
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
විමල් වීරවංශගේ විග්‍රහය අනුව, එළඹෙන පුංචි ඡන්දය ජනමත විචාරණයකි. ජනවාරි පරාජයෙන් පසුව යන-එන මං නැතිව සිටි රාජපක්‍ෂ කල්ලිය තම ආත්ම ආරක්‍ෂාවට කළ දේ බොහෝය. පළමුව මැදමුලන ජනේලයක එල්ලී සිය කායශක්තිය රටට ප්‍රකාශ කිරීමය. දෙවැන්න පන්සල් ගානේ යමින් දේශපාලන කතා කීය. දැන් රාජපක්‍ෂ සමයේ ගම් දනවු වැනසූ ප්‍රාදේශීය සභා නඩය යළි බලයට පත් කිරීමට උත්සාහ කරයි. ජනවාරිය ලබන විට, මහින්දගේ දූෂිත …
Continue Reading
පුංචි ඡන්දය පෙබරවාරි 10 දා
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ පෙබරවාරි මස 10 වනදා පවත්වන බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. අද(18) පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කළේය. මේ අතර නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම කැමැත්තෙන් සිදු නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය. නාමයෝජනා බාරදීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පියවර පිළිබඳ දැනුම්වත් කර තිබුණ ද ඊට අනුව කටයුතු නොකිරීම නාමයෝජනා …
Continue Reading
විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ දීමනා හා වරප්‍රසාද දිනා දීමට ජනපති සැරසෙයි
රාජ්‍ය සේවයේ සියලු විශ්‍රාමිකයන්ගේ ගැටලු නිරාකරණය කර දී ඔවුන්ගේ දීමනා හා වරප්‍රසාද දිනා දීමට ඉදිරි සතිය තුළ අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි ජනාධිපතිවරයා එ බව පැවසූවේ ඊයේ (17) හපුතලේ නගරයේ පැවැති පළාත් පාලන මැතිවරණයේ පළමු ජන හමුව අමතමිනි. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළමු ජන හමුව ලෙස ලංකා …
Continue Reading
අද විසඳුම් නැතොත් ලංවීම දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක
විදුලිබල මණ්‌ඩල සේවකයන්ට බලපා තිබෙන ගැටලුවලට අද (18 දා) දවස ඇතුළත විසඳුමක් ලබා නොදුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතාට ඊයේ (17 දා) පැවැසීය. තම ඉල්ලීම් අතර ප්‍රසාද දීමනා ලබාගැනීම 2014 වර්ෂයේදී ඉංජිනේරුවන් සඳහා පමණක් එවක පැවැති රජය වැටුප් වැඩිකිරීම නිසා ඇතිවූ වැටුප් විෂමතාවය නිවැරදි කිරීම, අතිකාල කප්පාදුව නිවැරදි කිරීම ඇතුළු …
Continue Reading
තැපැල් වෘත්තීය සමිති විරෝධතාවකට සැරසෙයි
අද දහවල් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට විරෝධතාවක නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. තැපැල් දෙපාර්තමේන්තුවට සේවයකයින් බඳවා ගැනීම් පටිපාටයේ පවතින ගැටළු මුල්කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වන බව එහි සම කැඳවුම්කරු කේ.එම් චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශයන් දැනුම්වත් කිරීමට කටයුතු කළ ද ඒ සඳහා මෙතෙක් නිශ්චිත විසඳුමක් ලබා දී නොමැති බව ඔහු සඳහන් …
Continue Reading
හෘද රෝග සහ අක්ෂි රෝග සැත්කම් පොරොත්තු ලේඛනය අවම කරන්න යයි
දිවයින පුරා රෝහල්වල පවතින හෘද රෝග සහ අක්ෂි රෝග සැත්කම් පොරොත්තු ලේඛනය ලබන වසරේ දී අවම කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මෙම සැත්කම් සඳහා රජයේ රෝහල්වල ශල්‍යාගාර මෙන්ම පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර භාවිත කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මෙහිදී පෞද්ගලික රෝහල්වල සිදුකරන ශල්‍යකර්මයකට සෞඛ්‍ය අමාතාංශයෙන් මුදල් ලබාදීමට කටයුතු තරක බව ද අමාත්‍යවරයා …
Continue Reading
නිලධාරින් ඇවිත් නෑ.උතුරේ ඉඩම් අර්බුද විසඳන්න තිබූ සාකච්ඡා අතරමග නවතියි
උතුරේ ඉඩම් අර්බුද හා ආරවුල් පිළිබදව සාකච්ඡා කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් 16 දා කැදවා තිබූ විශේෂ සාකච්ඡාවට උතුරු ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරු හා වනජීවී නිලධාරීන් විශාල ප්‍රමාණයක් සභභාගි නොවීම නිසා එම සාකච්ඡාව අසාර්ථක වී තිබේ. ප්‍රධාන අමාත්‍යවරයාගේ යාපනයේ පිහිටි කාර්යාලයේදී මේ සකච්ඡාව සංවිධානය කොට තිබුණි. සාකච්ඡාව අසාර්ථක වීමෙන් පසුව ප්‍රධාන අමාත්‍යවරයා මාධ්‍යයට පවසා තිබුණේ තමන්ට උතුරු පළාත් සභාවේ කටයුතු …
Continue Reading