පුංචි ඡන්දය පෙබරවාරි 10 දා

Spread the love

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ පෙබරවාරි මස 10 වනදා පවත්වන බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

අද(18) පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම කැමැත්තෙන් සිදු නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

නාමයෝජනා බාරදීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පියවර පිළිබඳ දැනුම්වත් කර තිබුණ ද ඊට අනුව කටයුතු නොකිරීම නාමයෝජනා ප්‍රතික්ෂේපවීමට හේතු වූ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

ප්‍රචාරක කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ නීති අද සිට ක්‍රියාත්මක කරන බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

මේ අතර තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම් පත්‍ බාරගැනීම ලබන 22 වන දිනෙන් අවසන් වෙයි.

පළාත් පාලන ආයතන 248ක් සඳහා නාමයෝජනා බාරගැනීම අද පෙරවරුවේ ආරම්භ වුණි.

RSL

Related Posts