මහින්දගේ ‘සිරිපිනා මුඩුක්කුව’ සහ ට්‍රොජන් අශ්වයා

Spread the love

විමල් වීරවංශගේ විග්‍රහය අනුව, එළඹෙන පුංචි ඡන්දය ජනමත විචාරණයකි. ජනවාරි පරාජයෙන් පසුව යන-එන මං නැතිව සිටි රාජපක්‍ෂ කල්ලිය තම ආත්ම ආරක්‍ෂාවට කළ දේ බොහෝය. පළමුව මැදමුලන ජනේලයක එල්ලී සිය කායශක්තිය රටට ප්‍රකාශ කිරීමය. දෙවැන්න පන්සල් ගානේ යමින් දේශපාලන කතා කීය. දැන් රාජපක්‍ෂ සමයේ ගම් දනවු වැනසූ ප්‍රාදේශීය සභා නඩය යළි බලයට පත් කිරීමට උත්සාහ කරයි. ජනවාරිය ලබන විට, මහින්දගේ දූෂිත ප්‍රාදේශීය සභා නඩයෙන් බහුතරය සිටියේ හිරේ විලංගුවේය. නූරියේ අතකොටා තවත් ගමේ 17ක් සමඟ එල්ලුම් ගස් යාමට නියමිතය. තංගල්ලේ ප්‍රාදේශීය සභාපති විදේශිකයකු මරා කාන්තාවක සමූහ දූෂණයට ලක් කිරීමේ වරදට හිරබත් කන්නෙකි. රාජපක්‍ෂලා හමුවේ පොලිසිය, අධිකරණය නිවට නියාලුව සිටි නිසා, මහින්දගේ බොහෝ කුප්‍රකට ප්‍රාදේශීය සභාකාරයන් නීතියට හසු නොවී ඇඟ බේරාගත්හ. අද ඔවුහු රණවිරුවන්ගේ දේශපේ‍්‍රමයේ නාමයෙන් රාජපක්‍ෂලා පිරිවරාගෙන සිටිති. මේ කාරණය තහවුරු කළ හැකි රාජපක්‍ෂ වාදියා බෙංගමුවේ නාලක හාමුදුරුවෝ වෙති.

බෙංගමුවේ හාමුදුරුවෝ සන්සුන් බෞද්ධ චින්තනය අතහැර සටන්කාමි මහින්ද චින්තනය අදහන්නෙකි. යාපනේ මිරිසුවිල් සමූල ඝාතන නඩුවේ වැරදිකරුව මරණීය දඬුවම් ලැබූ සෙබළ රත්නායක හෝ උතුරේ දී පලා යෑමට තැත් කළ සැකකරුවකුට වෙඩි තබා මැරූ මේජර් විමල් වික්‍රමගේ රණවිරුවන් බව රාජපක්‍ෂලා බෙංගමුවේ හාමුදුරුවන්ට කියා දී නැත. සෙබළ රත්නායක සහ මේජර් විමල්වික්‍රමගේ දෙදෙනාටම නඩු වැටෙන්නේ 1998දීය. තම පාලනය අතර, චන්දන කත්‍රිආරච්චිට එරෙහි මිනීමැරුම නඩුව නීතිපති ලවා අස් කරවාගැනීමට රාජපක්‍ෂලා ක්‍රියා කළහ. චන්දන කත්‍රිආරච්චි සෙබළ රත්නායක සහ මේජර් විමල් වික්‍රමගේ යන තිදෙනාම මිනීමැරුම් චෝදනා ලැබුවෝ වෙති. එහෙත් චන්දන කත්‍රිආරච්චි ලැබුණ කරුණාව අනුකම්පාව දේශපාලන ආරක්‍ෂාව සෙබළ රත්නායකට හෝ මේජර් විමල් වික්‍රමගේට ලැබුණේ නැත. සෙබළ රත්නායකලා මේජර් විමල් වික්‍රමගේලා රණවිරුවන් වන්නේ රාජපක්‍ෂලාගේ වාසිය සඳහාය.

ජනවාරියට පෙර සෙබළ රත්නායක, මේජර් විමල්වික්‍රමගේ මෙන් ක්‍රියාන්විත අතර, බොහෝ යුද සෙබළුන් නීතියට මැදිව රිමාන්ඩ් වී සිර බත් කෑහ. එහෙත් වැලිකඩ සිර ගෙදරට හමුදාව යවා සිරකරුවන්ට වෙඩි තබන දවසේ හෝ රාජපක්‍ෂවාදීන්ට හෝ බෙංගමුවේ හාමුදුරුවන්ට සිරබත් කමින් සිටි සෙබළ රත්නායකලා, මේජර් විමල් වික්‍රමගේලා හෝ කුමරපුරම් ඝාතන නඩුවේ විත්තිකරුවන් සිහිපත් වුණේ නැත. එහෙත් 13 හැවිදිරි දැරියකට වරදක් කිරීම සම්බන්ධ චෝදනා ලැබූ අකුරැස්සේ සාරුව සුනිල් 2013 දී අත්අඩංගුවට ගැනීමෙන් වළකා ලීමට රාජපක්‍ෂලා ක්‍රියා කළහ. සාරුව සුනිල් බාල වයස්කාර දැරියන් 200ක් කෙලෙසා මහා සාදයක් පැවැත්වූ චරිතයක් බව තංගල්ල ප්‍රදේශයම දැන සිටියහ. එකී සාදයට සමහර කැබිනට් ඇමැතිවරු පවා පැමිණි බව ප්‍රකට කරුණකි.

තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් පුෂ්ප විදාන පතිරණ යනු රාජපක්‍ෂලාගේ ආරක්‍ෂාව ලැබූ තවත් ප්‍රාදේශීය සභා සහචරයෙකි. 2011 දී සංචාරකයකු මරා ඔහුගේ පෙම්වතිය සගයන් සමඟ එක්ව දුෂණය කළ අපරාධයට එකී ප්‍රාදේශීය සභා සභාපති පොලිස් අත්අඩංගුවට ගත්තේ නැත. ඒ කාලයේ සම්පත් පුෂ්ප විදාන පතිරණ තංගල්ල පුරා නිදැල්ලේ හැසිරිණි. ප්‍රාදේශීය සභා රැස්වීම්වලට යමින් ප්‍රදේශය පාලනය කළේය. එහෙත් පොදු රාජ්‍ය මණ්ඩල සංවත්සරය ලංකාවේ පැවැත්වෙන දිනය ආසන්න වීම නිසා, සම්පත් පුෂ්ප විදාන පතිරණගේ පුණ්‍ය කාලය අවසන් විය. මහින්ද රාජපක්‍ෂ දෙපයින් නවාගෙන සිටි නීතිය ඔහුගේම මුහුණේ වැදෙමින් තංගල්ල ප්‍රාදේශීය සභා සභාපතිගේ දෑතට මංචු වැටිණි. තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදාන පතිරණ මේ වනවිට අධිකරණයෙන් වැරදිකරු වී සිරබත් කමින් සිටියි.

යහපත් පාලකයන් සිටින රටක නීතිය ඉහළින් ආරක්‍ෂා වේ. සාමාන්‍ය ජනතාව සුරක්‍ෂිතය. එහෙත් මහින්ද මේ ධර්මද්වීපය සිරිපිනා මුඩුක්කුවක් බවට පත් කළේය. ඔහුගේ පාලනය හරහා ස්ත්‍රී දූෂකයන් මිනීමරුවන් මංකොල්ලකාරයන්ට ඉහළ ආරක්‍ෂාව සැලසිණි. දැරියන් දෙසීයක් කිලිටි කළ ප්‍රාදේශීය සභා සභාපතියකු කැබිනට් ඇමතීන් කැඳවා පාටි දැම්මේ ඒ නිසාය. කප්පම් බෙදාගන්නේ ගැහැනුන් කෙලෙසමින් ජෝගි නටන්නේ සිරිපිනා මුඩුක්කුවලය. ඒ අර්ථයෙන් මහින්ද රාජපක්‍ෂ පාලනය තුළ මේ රට සිරිපිනා මුඩුක්කුවක් විය. ජනවාරියෙන් එපිට, රාජපක්‍ෂලා රට පාලනය කළ කාලයේ සෙබළ රත්නායකලා, මේජර් විමල් වික්‍රමගේලා කුමාරපුරම් නඩුවේ විත්තිකරුවන් යුද්ධ කළ බවක් රාජපක්‍ෂලා හෝ බෙංගමුවේ නාලක හාමුදුරුවන් දැන සිටියේ නැත. එහෙත් ස්ත්‍රීදූෂක මිනීමරු ප්‍රාදේශීය සභාවලට තේරුණු තක්කඩීන්ට නිසි ආරක්‍ෂාව ලැබිණ. දැන් මහින්ද රාජපක්‍ෂලාට බලය නැත. මේ වන විට රාජපක්‍ෂලාගේ මිනීමරු කොන්ත්‍රාත් කළ අපරාධකාරයන් රණවිරුවන් බව කියමින් ගෝෂා කරති.

වීරවංශලා අපේක්‍ෂා කරන්නේ සාරුව සුනිල්ලාගේ නූරියේ අතකොටාලාගේ, සම්පත් පුෂ්ප විදාන පතිරණලාගේ ගෝළයන් දිනවා අසරණ ගම්වල බලය ඇල්ලීමටය. සොරා කෑ මුදල් වැය කර පෝස්ටර් ගසමින් උද්ඝෝෂණ කරවන රාජපක්‍ෂ ගැංසියට පුංචි ඡන්දය ගැන විශ්වාසයක් නැත. 2015 ජනවාරියේ සිට ඔවුන් ජනතාව විසින් ක්‍රමයෙන් ප්‍රතික්ෂේප කරමින් සිටින බව වීරවංශලා බැසිල්ලා හොඳාකාරව දනිති.

වීරවංශ අපේක්‍ෂා කරන ජනමත විචාරණය රාජපක්‍ෂලාට එරෙහි ආරම්භ වුණේ 2015 ජනවාරියේදීය. එකී ජනමත විචාරණයේ දෙවන ප්‍රතිඵලය අගෝස්තුවේ එළිදැක්විණ. ඉතිරිව ඇත්තේ 2018 පෙබරවාරියේ ජනමත විචාරණ ප්‍රතිඵලය නිකුත් වීම පමණකි. මේ වන විට වීරවංශගේ පක්‍ෂය තුළ ඔහුට එරෙහි ජන මතය ක්‍රියාත්මක වෙමින් පවතී. පක්‍ෂයේ නියෝජ්‍ය නායක සහ ජාතික සංවිධායකද මෛත්‍රී සමඟ එක් වී හමාරය. රාජපක්‍ෂලා ආරක්‍ෂා කළ දේශපාලන චරිත මෛත්‍රී වෙත ළඟා වීම ආරම්භ වුණේද 2015 ජනවාරියේ සිටය.

2010 සිට 2015 තෙක් පස් වසර තුළ මහින්ද රාජපක්‍ෂ ප්‍රතික්ෂේප කළ ජනතාව සංඛ්‍යාවෙන් දෙලක්‍ෂ හතළිස් හත් දහසකි. ජනවාරියේ සිට අගෝස්තුව තෙක් ගෙවුණු හත් මසක් තුළ මහින්ද රාජපක්‍ෂ ප්‍රතික්‍ෂේප කළ ජනතාව සංඛ්‍යාවෙන් දස ලක්‍ෂ තිස් පන්දහස් හාරසිය ගණනකි. ඒ හරහා ප්‍රකාශ වුණේ කුමක්ද? යුද ජයග්‍රහණය නිසා වීරයකු වූ මහින්ද රාජපක්‍ෂ රටේ ජනතාවට එපා වූ ආකාරයයි. මහින්ද රාජපක්‍ෂලා ඡන්ද කෙරුවේද ජනතාවගේ බදු මුදලෙනි. තම දෙමවුපියන්ගේ සොහොන් තැනුවේද, ජනතාවගේ බදු මුදලෙනි. එපමණක් නොවේ. ඉහතින් නම් සඳහන් කළ සම්පත් පුෂ්ප විදාන නම් සිරකරුගේ සුඛ විහරණය පිණිස රාජපක්‍ෂ පාලන කාලයේ බන්ධනාගාර නීතියට පිටින් බොහෝ දේ කිරීමට රාජපක්‍ෂලා ක්‍රියා කළහ. සම්පත් පුෂ්ප විදාන පතිරණ නම් බන්ධනාගාර රැඳවියාට තුන් වේලට ආහාර ගෙන ඒම පිණීස පාවිච්චි කරන ලද්දේ අංක 65-1019, අංක 1020 සහ අංක 1023 යන ඩිපෙන්ඩර් රථ බව වාර්තා වී ඇත. මේ කියන කාලයේ සෙබළ රත්නායකලා බෙලෙක් පිඟානේ හිරබත් කෑ බව නොදැන සිටියා නොවේ. මේ අසෝබන තත්ත්වය මහින්ද රාජපක්‍ෂගේ පිරිහීමට මුල් විය. මේ විස්තර කරන්නේ වීරවංශ අපේක්‍ෂා කරන පෙබරවාරි ජනමත විචාරණය පිළිබඳ ඉතිහාස කතාව වේ.

ජනවාර%ͼAirI!5dÿf-”BTpU 0kB$_ y”e|V4
q؞Y9MF5,$F’^N*ט*umGU8V@B=EfPd*`;Weף}BS
-v
9P[sW
εM

RSL

Related Posts