හෘද රෝග සහ අක්ෂි රෝග සැත්කම් පොරොත්තු ලේඛනය අවම කරන්න යයි

Spread the love

දිවයින පුරා රෝහල්වල පවතින හෘද රෝග සහ අක්ෂි රෝග සැත්කම් පොරොත්තු ලේඛනය ලබන වසරේ දී අවම කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම සැත්කම් සඳහා රජයේ රෝහල්වල ශල්‍යාගාර මෙන්ම පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර භාවිත කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී පෞද්ගලික රෝහල්වල සිදුකරන ශල්‍යකර්මයකට සෞඛ්‍ය අමාතාංශයෙන් මුදල් ලබාදීමට කටයුතු තරක බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති උත්සවයකින් අනතුරුව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පල කර තිබේ.

RSL

Related Posts