අද විසඳුම් නැතොත් ලංවීම දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක

Spread the love

විදුලිබල මණ්‌ඩල සේවකයන්ට බලපා තිබෙන ගැටලුවලට අද (18 දා) දවස ඇතුළත විසඳුමක්‌ ලබා නොදුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතාට ඊයේ (17 දා) පැවැසීය.

තම ඉල්ලීම් අතර ප්‍රසාද දීමනා ලබාගැනීම 2014 වර්ෂයේදී ඉංජිනේරුවන් සඳහා පමණක්‌ එවක පැවැති රජය වැටුප් වැඩිකිරීම නිසා ඇතිවූ වැටුප් විෂමතාවය නිවැරදි කිරීම, අතිකාල කප්පාදුව නිවැරදි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ පවතින බවද ඒ මහතා කීය.

මෙම ඉල්ලීම්වලට සාධාරණයක්‌ ඉල්ලා ලංවිම සේවකයන් දින හතක්‌ පුරා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරතව සිටින බවත් අද (18 දා) දිනය තුළ විසඳුමක්‌ නොලැබුණහොත් එම උපවාසය දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක්‌ දක්‌වා දීර්ඝ කරන බවද ජයලාල් මහතා කීය.

RSL

Related Posts