වසර 3ක්‌ ජනතාව වින්ද පීඩනය ඡන්දයෙන් පෙන්නුවා – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

වසර තුනක්‌ මේ රටේ ජනතාවට වත්මන් ආණ්‌ඩුවෙන් විඳින්නට සිදූ වූ වේදනාව කෙතරම්ද යන්න පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලි වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සඳහන් කළේය. විරුද්ධ පක්‌ෂයට හිමි අයිතිවාසිකම් පවා ලැබී නොමැති විටක මෙවැනි ජයග්‍රහණයක්‌ ඉතිහාසයේ කිසිදා නොලැබූ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අතිවිශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබාදුන් සියලු ජනතාවට සහ ඡන්ද රාජකාරි කටයුතුවල යෙදුණු සියලු නිලධාරීන්ට …

Continue Reading

සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් මහින්දට එරෙහිව බලවේගයේ වර්ධනයක්! ලක්ෂ 8 කට අධික ජනතාවක් මහින්දට ගිලිහෙයි..

ජනවාරි 08 ප්‍රතිඵලය සමඟ ඊයේ(10) දින මැතිවරණයේ මේ වනවිට නිකුත් කර ඇති මැතිවරණ ප්‍රතිඵල සංසන්දනය කිරීම මගින් මැතිවරණයේ ජනතා හැසිරීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ඇතැයි විශ්වාස කරමු. ජනවාරි 08 මෛත්‍රිපාල සිරිසේන නම් පොදු අපේක්ෂකයා දිනවීම සඳහා පෙළගැසුණු එක්සත් ජාතික පක්ෂය, මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් සහ පොදු අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය භාවිතා කරන ලද සන්ධාන සෙසු …

Continue Reading

ඉදිරි පැය 72 තුල රටේ තීරණාත්මක වෙනසක්! සියලු සැලැසුම් සැකසෙමින් පවතී.. (Exclusive)

ඉදිරි පැය 72 තුල රටේ තීරණාත්මක දේශපාලන වෙනසක් සිදුවීමට නියමිත බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. අද(11) උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ජනාධිපතිවරයා සමඟත්, සවස් වරුවේ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් අගමැතිවරයා සමඟත් සාකච්ඡා පැවැත්වූ අතර අද රාත්‍රීයේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. මෙහිදී අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සමඟ සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙන යන්නේද, එසේ ගෙනයන්නේ …

Continue Reading

මහින්දට නගර සභා, ප්‍රාදේශීය සභා බහුතරයක බලය

ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා මෙන්ම වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2018 පළාත් පාලන මැතිවරණයේ සමස්ත ප්‍රතිථලයෙන් බහුතර සභා ප්‍රමාණයක් ජයග්‍රහණය කොට ඇත.

Continue Reading

ප.ප.වි.ජ.කු.පා.ම.මහින්ද විශිෂ්ට ජයක් සමඟින් පාර්ලිමේන්තුවෙන් ගම් සභාවට

ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මෙවර පළාත් පාලන ඡන්දයෙන් විශිෂ්ට ජයක් ලබමින් ශ්‍රී ලංකාවේ ගම් සභා බහුතරයක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති බව මේ වන විට ලැබෙමින් පවතින ප්‍රතිඵලවලින් පෙනීයයි. 2015 ජනවාරි 08 වනදා ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක් වූ මහින්ද රාජපක්ෂ මහතා, 2015 අගෝස්තු මස 17 වනදා පැවති …

Continue Reading

අනුරුද්ධ පොල්ගම්පල ශ්‍රීලනිපයට එක්වීමත් සමගින් බැසිල් සහ නාමල් අතර දරුණු ගැටුමක්..

රාජපක්ෂ රෙජීමයේ ප්‍රබලයන් දෙපලක් වන බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ අතර දරුණු ගැටුමක් නිර්මාණය වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් සනාථ වී ඇත. මේ ගැටුමට හේතු වී ඇත්තේ පසුගිය දිනෙක පොහොට්ටුවෙන් ඉවත් වූ අනුරුද්ධ පොල්ගම්පල ජනපති මෛත්‍රී හමුවී ශ්‍රීලනිපයට එක්වීමත් සමගින් පොහොට්ටුවේ සියලු ලියවිලි ජනපති මෛත්‍රී අතට පත්වීම බව සදහන්. බැසිල්ගේ නියෝගය මත කිසිදිනෙක පක්ෂය අතහැර නොයන බවට  …

Continue Reading

උදයංග වීරතුංග නාටක ජවනිකාවේ වග උත්තරකරුවන් සහ සැලසුම්කරුවන් හඳුනාගන්න (විශේෂ)

රාජපක්ෂ රෙජීමයේ ජාත්‍යන්තර අවිජාවාරම් කරුවකු වූ උදයංග වීරතුංග කාලාන්තරයකට පසු පසුගියදා හදිසියේ ජාත්‍යන්තර පොලිස් අත්අඩංගුවට පත් වූ බවට ප්‍රවෘත්තියක් පසුගියදා වාර්තා වුණි. එහෙත් අද (08) වාර්තාවන්නට වූයේ මෙය උඩුයටිකුරු කරන ප්‍රවෘත්තියකි. එනම් “ජාත්‍යන්තර පොලීසියෙන් උදයංග නිදහස්-ලංකාවේ පොලීසියට නඩු දමන බවට අනතුරු ඇඟවීමක්!” යන ශීර්ෂයෙන් වු ප්‍රවෘත්තියකි. මේ සමඟම එදා බහුතරයක් වෙබ් මාධ්‍ය වාර්තාකල පරිදි උදයංග වීරතුංග අත් අඩංගුවට ගැනීම නාටයක් …

Continue Reading

කුමන්ත්‍රණය අසාර්ථකයි! බැසිල් රට පනින්න ටිකට් ගනී! (Exclusive)

පැවති රාජපක්ෂ රෙජීම රජයේ මුල්‍ය අංශ ප්‍රධානියා මෙන්ම පොහොට්ටු පක්ෂයේ සංවිධායකයා වූ බැසිල් රාජපක්ෂ යළි ඇමරිකාව බලා පැනයාමට ගුවන් ටිකට් පත් ලබාගෙන ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මෙවර මැතිවරණ පරාජයත් සමඟ උද්ගත වන තත්වය අවබෝධ කරගෙන ඇති බැසිල් රාජපක්ෂ අද මෙලෙස මාධ්‍යම රාත්‍රියේදී ශ්‍රී ලංකාවෙන් පැන, සිය මව්බිම වූ ඇමරිකාව බලා පිටත් වීමට සැලසුම් සකස් කොට ඇත. …

Continue Reading

බීමතින් ඡන්දය දෙන්නවත්, ගණින්නවත් එන්න එපා; දඬුවම් සැරයි. පොලිසියෙන් තරවටුවක්.

ඡන්ද මධ්‍යස්ථාන වලට සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට බීමතින් පැමිණෙන පුද්ගලයින්ට නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. මෙවැනි පුද්ගලයින්ට දණ්ඩ නීති සංග‍්‍රහයේ සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පතනතේ ප‍්‍රතිපාදන වලට අනුව නීතිය කි‍්‍රයාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය. මෙවැනි බීමත් පුද්ගලයින් ඡන්ද මධ්‍යස්ථාන වලට හා ගණන් කිරීමේ …

Continue Reading

උදයංග රැගෙන ඒම රාජතාන්ත්‍රික අර්බුදයක්‌ වෙයි

හිටපු තානාපති උදයංග වීරතුංග ලංකාවට රැගෙන ඒම රාජතාන්ත්‍රික අර්බුදයක්‌ බවට පත්ව තිබේ. යුක්‌රේන රජය අබුඩාබි බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ උදයංග තමන්ට භාරදෙන ලෙසයි. උදයංග වීරතුංග යුක්‌රේන පුරවැසියෙක්‌ වන නිසා එරටින් ඔහු ලංකාව වෙත එවන ලෙස ඉල්ලා තිබේ. උදයංග වීරතුංග ඩුබායි බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය ඉරිදාය. හිටපු තානාපතිවරයා අත්අඩංගුවට ගැනීමට ඊයේ දිනයේදී මෙරට පොලිස්‌ නිලධාරින් පිරිසක්‌ ඩුබායි බලා පිටත්ව යාමට …

Continue Reading