ඉදිරි පැය 72 තුල රටේ තීරණාත්මක වෙනසක්! සියලු සැලැසුම් සැකසෙමින් පවතී.. (Exclusive)

Spread the love

ඉදිරි පැය 72 තුල රටේ තීරණාත්මක දේශපාලන වෙනසක් සිදුවීමට නියමිත බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. අද(11) උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ජනාධිපතිවරයා සමඟත්, සවස් වරුවේ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් අගමැතිවරයා සමඟත් සාකච්ඡා පැවැත්වූ අතර අද රාත්‍රීයේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

මෙහිදී අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සමඟ සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙන යන්නේද, එසේ ගෙනයන්නේ නම් ඒ කුමන පදනමකින්ද යන්න පිළිබඳව අවධානය යොමුව ඇති අතර ඊට අනුව ඉදිරි පැය 72 ඇතුලත ජනාධිපතිවරයා ආණ්ඩුවේ ඉදිරි දේශපාලන ගමන සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දුවක් ගැනීමට නියමිතව ඇති බව සඳහන්.

මේ සඳහා වන අවශ්‍ය දේශපාලන තීන්දු තීරණ මේ වන විට සම්පාදනය වෙමින් පවතින බව ජනාධිපතිවරයාට සමීප අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ අප වෙත වාර්තාවේ.

මේ අද පැවති සාකච්ඡා සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇමතිවරුන් දැක්වු අදහස්

RSL

Related Posts