සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් මහින්දට එරෙහිව බලවේගයේ වර්ධනයක්! ලක්ෂ 8 කට අධික ජනතාවක් මහින්දට ගිලිහෙයි..

Spread the love

ජනවාරි 08 ප්‍රතිඵලය සමඟ ඊයේ(10) දින මැතිවරණයේ මේ වනවිට නිකුත් කර ඇති මැතිවරණ ප්‍රතිඵල සංසන්දනය කිරීම මගින් මැතිවරණයේ ජනතා හැසිරීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ඇතැයි විශ්වාස කරමු. ජනවාරි 08 මෛත්‍රිපාල සිරිසේන නම් පොදු අපේක්ෂකයා දිනවීම සඳහා පෙළගැසුණු එක්සත් ජාතික පක්ෂය, මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් සහ පොදු අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය භාවිතා කරන ලද සන්ධාන සෙසු පාක්ෂිකයින් ගේ ඡන්දය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය මෙවර මැතිවරණයේ ලබාගත් ඡන්ද ප්‍රතිශතය එකතුකර බැලූ විට සමස්ත ප්‍රතිශතය 54.25% කි. මහින්ද රාජපක්ෂ මෙවර (පොදුජන පෙරමුණ) ලබා ගත් ඡන්ද ප්‍රමාණයේ සමස්ථ ප්‍රතිශතාත්මක අගය 42.36% කි. ඉහත ගණනය කිරීම සඳහා එදා මහින්ද රාජපක්ෂ කඳවුර සමඟ සිටි එහෙත් අද මෛත්‍රී කඳවුර සමඟ සිටින තොන්ඩමන් මහතාගේ කම්කරු කොංග්‍රසය ලබා ගත් 3.39% ක ප්‍රතිශතය එකතු කර නොමැත. එය අද මෛත්‍රී කඳවුර සමඟ පැහැදිලිව සිටින කඳවුරක් නිසා රාජපක්ෂ විරෝධී කඳවුර අද මැතිවරණයේ ලබා ඇති සමස්ත ප්‍රතිශතය 57.64 % වේ.

මහින්ද නායකත්වය දෙමින් ඔහු නියෝජනය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගත් මුළු ඡන්ද ප්‍රමාණය 4,941,952 කි. මෙය 2015 දී මහින්දට තිබූ 58 ලක්ෂයක ඡන්දදායකින් ප්‍රමාණයෙන් ගෙවී ගිය වසර තුනක් තුල මහින්දට ඡන්දයට පාවිච්චි කළ ලක්ෂ 08 ක ජනතාවක් මහින්දව ප්‍රතික්ෂේප කොට අවසන් බව මෙම ඡන්ද ප්‍රථිපලය මනාව සාක්ෂි සපයයි.

මේ මොහොතේ තනි බලවේගයක් ලෙස වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ඇත්තේ රාජපක්ෂ බලවේගයට බව නිහතමානීව පිළිගත යුතුය. එය ඔවුන් ලබාගෙන ඇත්තේ ව්‍යාජ දේශප්‍රේමය, අනියත භීතිකාවන් සහ දූෂිතයින් විසින් නඩත්තු කරන ඊනියා මානසික අල්ලස් නිසා බව වෙනම කතාවකි. එදා මහින්ද පැරදුන 2015 දී ද ලංකා සිතියමේ දකුණේ මැතිවරණ කොට්ඨාශ ජයග්‍රහණය අතින් මහින්ද ඉදිරියෙන් සිටියා මතක ඇත. මෙවර මැතිවරණයේ ස්වභාවය අනුව බැලූ විට කොට්ඨාශ මැතිවරණයක ස්වභාවය අනුවම වැඩිම තනි ජනපදනමක් ඇති පක්ෂය හෝ බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීම සාමන්‍ය ස්වභාවයයි.

එහෙත් අප තේරුම්ගත යුතු සරල සත්‍ය වන්නේ එය නොවේ රටේ වලංගු ප්‍රකාශිත ඡන්ද වලින් 57.64 % ක් රාජපක්ෂ බලවේගයට විරුද්ධ බවය. ජනාධිපතිවරණයක්, ජනමතවිචාරණයක් වැනි රටම තනි ඡන්ද කොට්ඨාශයකට පත් වන මැතිවරණයකදී බහුතර මතය රාජපක්ෂ කඳවුරට විරුද්ධව ඇති බව සිහිතබා ගැනීම වටී.

දැන් රාජපක්ෂ විරෝධී කඳවුර තේරුම්ගත යුත්තේ ඉදිරි වසර දෙකක කාලය 2015 එකඟ වූ යහපාලන අපේක්ෂා යථාර්තයක් කිරීමට නොවෙහෙසුනහොත් මෙම ලබා ගත් ප්‍රතිඵලය අනුව හිමිවූ සමස්ත ප්‍රතිඵලය පවා දිනා ගැනීමට නොහැකිවනු ඇති බවයි. යම් හෙයකින් එසේ වුවහොත් 2020 රාජපක්ෂ කඳවුරෙන් දරුණු සිංහල බෞද්ධ ඒකාධිපතියකු පැමිණිය හැකි අතර එම නිසා ලාංකේය ජනතාවට ගෙවීමට සිදුවන ලේ වන්දිය සහ මිල ඉතා අධික විය හැකිය. එම සංඥාව තේරුම්ගෙන 2015 බලවේගයන්ට එකඟ වූ වෙනස කිරීමට දැන් වත් රාජපක්ෂ විරෝධී බලවේගය කටයුතු කලයුතුය. එයින් ප්‍රධානම කරුණ වන්නේ මේ රජයේ සිටින හොරුන් සහ ඩීල් කරුවන් පන්නා දමා ඉන් අනතුරුව ගිය ආණ්ඩුවේ හොරු සහ වංචා කරුවන් ද පන්නා යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාදාමයට පණ පෙවීමය.

RSL

Related Posts