බීමතින් ඡන්දය දෙන්නවත්, ගණින්නවත් එන්න එපා; දඬුවම් සැරයි. පොලිසියෙන් තරවටුවක්.

Spread the love

ඡන්ද මධ්‍යස්ථාන වලට සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට බීමතින් පැමිණෙන පුද්ගලයින්ට නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙවැනි පුද්ගලයින්ට දණ්ඩ නීති සංග‍්‍රහයේ සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පතනතේ ප‍්‍රතිපාදන වලට අනුව නීතිය කි‍්‍රයාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙවැනි බීමත් පුද්ගලයින් ඡන්ද මධ්‍යස්ථාන වලට හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට රැගෙන එන අපේක්ෂකයින්ට එරෙහිවද අනුබල දීමේ වරද යටතේ නීතිය කි‍්‍රයාත්මක කරන බවද හෙතෙම කීය.

බීමත් පුද්ගලයින් ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට රැගෙන ඒමේ චෝදනාවට වරදකරු වන අපේක්ෂකයන්ට ආසනයක් හිමි වුවහොත් ඔවුන්ගේ එම ආසනය අහිමි වන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

RSL

Related Posts