දුර්වලතා අවම කරමින් ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනඟනවා – ජනපති කියයි

රාජ්‍ය සේවයේ පවතින දුර්වලතා අවම කරමින් බිඳවැටුණු රාජ්‍ය සේවය නැවතත් නගාසිටුවීම සඳහා රජය කැපවෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. දශක ගණනාවකට පෙර වඩා ඵලදායී ශක්තිමත් රාජ්‍ය සේවයක් මෙරටේ පැවති බවත් පසුකාලීනව දේශපාලන මැදිහත්වීම මත රාජ්‍ය සේවය කඩා වැටුණු බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ …

Continue Reading

ආණ්ඩුවේ ශ්‍රීලනිප ප්‍රබලයින් 05ක් ලඟදීම ඒකාබද්ධයට!

ආණ්‌ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේඅ ප්‍රබල මැති ඇමැතිවරුන් පස්‌ දෙනකු ඉදිරි සති කිහිපය ඇතුළත පළාත් පාලන මැතිවරණයට දින නියම කිරීමත් සමඟම ආණ්‌ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. කැබිනට්‌ ඇමැතිවරුන් දෙදෙනෙක්‌, නියෝජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක්‌ හා එක්‌ රාජ්‍ය ඇමැතිවරයෙක්‌ ඒ අතර වෙති. පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අවස්‌ථා හතරකදී මෙම ඇමැතිවරුන් ආණ්‌ඩුවෙන් ඉවත්වීමට නියමිත …

Continue Reading

ආයතන 831ක විමර්ශන තොරතුරු පාර්ලිමේන්තුවට

රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් විමර්ශනය කරන ආයතන 831ක තොරතුරු ඇතුළත් පූර්ණ වාර්තාවක් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (13) ඉදිරිපත් කළේය. රාජ්‍ය ගිණුම් කාරක සභාව 2015 වර්ෂයේදි විමර්ශනයට ලක් කරන ලද මෙම ආයතන 831 පිළිබඳව වන වාර්තාව මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර 2016 වර්ෂයට අදාළ වාර්තාව මෙම වසර අවසන්වීමට ප්‍රථම පාර්ලිමේන්තුවට …

Continue Reading

ඩීල් ගැන හෙළිවුණාම සාගලට මල පනී – හැරෙන තැපෑලෙන් නිවේදනයක්

රුපියල් බිලියන 4 ක මහජන මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා තමා හමුවූ බවට පළ වන වාර්තා අසත්‍ය හා පදනම් විරහිත ඒවා බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ එය සහමුලින්ම පදනම් විරහිත, අසත්‍ය සහ ද්වේශ සහගත චෝදනාවක් …

Continue Reading

ඉරාන-ඉරාක දේශසීමා භූකම්පනයෙන් මිය ගිය ගණන 348ක් දක්වා ඉහළට

ඉරාන – ඉරාක දේශසීමා ආසන්නයේ ඇති වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 348 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 6300ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. විදෙස් වාර්තා පවසන්නේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළයා හැකි බවයි. පුද්ගලයින් 70,000ක් පමණ භු කම්පනයෙන් පසු අවතැන්වී ඇති බව වාර්තා වෙයි. ඉරාන ඉරාක දේශසීමාවේ හලබ්ජා නගරයේ නිරිතදිග ප්‍රදේශයේ සැතපුම් 21ක් පමණ …

Continue Reading

සාගලගේ ඩීල් ගැන අනාවරණයත් සමඟම ගාමිණී සෙනරත්ව දින දෙකකට ඇතුලට! (Video)

රාජපක්ෂ රෙජීමයේ කළු සල්ලි සුදු කිරීමේ ජාවාරම්කරුවා ලෙස ප්‍රකට කුප්‍රකට ගාමිණී සෙනරත් නැමැත්තාව දින දෙකක් සඳහා (15 වනදා දක්වා ) රක්ෂිත බන්ධනාගාර කර ඇතැයි වාර්තාවේ. කොල්ලුපිටිය රිජන්ට් හෝටල් සංකිර්ණයට වෙන් කර තිබු මුදලින් රුපියල් මිලියන 8.5 ක් හම්බන්තොට ඇති එම හෝටලයටම යොදවා මුදල් අවභාවිතා කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් …

Continue Reading

අළුත් ක්‍රමයෙන් මන්ත්‍රීවරු ගණන දෙගුණ වෙයි; පළාත් පාලන ආයතන ගණන තව වැඩිවෙයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නව මැතිවරණ ක්‍රමයට අනුව නිකුත් කරන ලද ඒ ඒ පළාත් පාලන ආයතනයන්හි සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් පත්‍රයට අනුව සමස්ත පළාත් පාලන ආයතන සංඛ්‍යාව 336 සිට 341 දක්වා ඉහළ ගොස් තිබෙන අතර පළාත් පාලන ආයතනයන්හි සභික සංඛ්‍යාව 4,486 සිට 8,356 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව විෂයබාර ඇමැතිවරයා විසින් අත්සන් තබන ලද පළාත් පාලන සභික …

Continue Reading

කුප්‍රකට ජොනීගේ කෝටි 200 ක ගැහිල්ලක් එළියට

හිටපු සමූපකාර ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් කළ අතුරුපාලක මණ්ඩලය මගින් 2012 වසරේ පමණක් අධ්‍යාපන සමුපකාරයේ රුපියල් මිලියන 2000ක් පමණ අවභාවිතා කර ඇති බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි. මේ සම්බන්ධයෙන් එම අතුරුපාලක මණ්ඩලයට එරෙහිව තම සංගමය නීතිමය පියවර ගන්නා බවත් ඒ මහතා පවසයි. 2012 වසර සඳහා වන විගණන වාර්තාව ඉකුත් ඔක්තෝබර් 29 වැනි දා අධ්‍යාපන …

Continue Reading

ශ්‍රීලනිප ප්‍රතිපත්ති රකින්නේ අපියි; ආයේ රැවටෙන්නේ නෑ – හි.ජ.කු.පා.ම. මහින්ද කියයි

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රතිපත්ති රකින්නේ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන අප යැයි ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (12 වැනිදා) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කළ රැලියේදී පැවසීය. පක්‍ෂයක වැදගත් වන්නේ ලකුණ නොව ප්‍රතිපත්ති බව පැවසූ හිටපු ජනාධිපතිවරයා එක පාරක්‌ රැවටුණාට දෙවැනි පාර …

Continue Reading

පොහොට්ටුව පිපෙන්නට පෙරම පරවෙයි.. පොහොට්ටු රැලියේ වෙච්ච වෙනස මෙන්න (Exclusive)

හෙට දිනයේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත පොදුජන පෙරමුණේ මංගල රැලිය අවමංගල රැළියක් බවට පත්ව ඇති බව අපට වාර්තා වේ . කුරුනෑගල ප්‍රබල මහින්ද හිතවාදියෙක් වන ජොන්ස්ටන් ඇතුළු මන්ත්‍රීන් පිරිසකට රැස්වීමට ගෙන ඒම සදහා ජනතාව එක්රැස් කරගැනීම අපහසු වී ඇත. ඔවුන් කිසිවෙක් මෙම රැස්වීම සදහා වගකීමකින් කටයුතු නොකිරීම මේ තත්වයට හේතුවී ඇත. මේ වනවිටවත් අදළ ක්‍රීඩාංගනය වෙතට මහින්ද පිලේ කිසිවෙක් …

Continue Reading