
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්ති රකින්නේ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන අප යැයි ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (12 වැනිදා) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කළ රැලියේදී පැවසීය.
පක්‍ෂයක වැදගත් වන්නේ ලකුණ නොව ප්‍රතිපත්ති බව පැවසූ හිටපු ජනාධිපතිවරයා එක පාරක් රැවටුණාට දෙවැනි පාර රැවටෙන්නේ නැතැයි ද කීවේය.
බණ්‌ඩාරනායක මහතා සහ ඩී. ඒ. රාජපක්‍ෂ මහතා එජාපයෙන් එදා ඉවත් වෙලා මෛත්‍රිපාල සේනානායක, රත්නායකලා එක්‌ව හදපු ශ්‍රී.ල.නි.පය අද එ.ජා.ප.යට පවරා දී අවසන් බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම රැලියට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්‌කාර, මහින්දානන්ද අලුත්ගමගේ, කුමාර වෙල්ගම, ජනක බණ්‌ඩාර තෙන්නකෝන්, විමල් වීරවංශ, සී. බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, එස්. එම්. චන්ද්‍රසේන, ෂෙහාන් සේමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් සහභාගි වූහ.