ඉරාන-ඉරාක දේශසීමා භූකම්පනයෙන් මිය ගිය ගණන 348ක් දක්වා ඉහළට

Spread the love

ඉරාන – ඉරාක දේශසීමා ආසන්නයේ ඇති වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 348 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 6300ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

විදෙස් වාර්තා පවසන්නේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළයා හැකි බවයි. පුද්ගලයින් 70,000ක් පමණ භු කම්පනයෙන් පසු අවතැන්වී ඇති බව වාර්තා වෙයි.

ඉරාන ඉරාක දේශසීමාවේ හලබ්ජා නගරයේ නිරිතදිග ප්‍රදේශයේ සැතපුම් 21ක් පමණ පොළොව අභ්‍යන්තරයේ හටගත් මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වූයේ රිච්ටර් පරිමාණ ඒකක 7.3ක් ලෙස බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

භූ චලනයේ අපි කේන්ද්‍රය පිහිටා තිබෙන්නේ ඉරාකයට ඉතාම ආසන්නව බව සඳහන්ය. එනම් එය පිහිටා තිබෙන්නේ ඉරාකයේ ජනාකීර්ණ හලබ්ජා නගරයට කිලෝමීටර් 19ක් නුදුරිනි.

කෙසේ වෙතත් භූ කම්පනයෙන් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන්නේ ඉරානයට බව වාර්තා වෙයි.

RSL

Related Posts