පොරොන්දු කඩකිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග – ගුරු වෘත්තීය සංගම්

ගුරු හා විදුහල්පති ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා දුන් පොරොන්දු කඩකිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රධාන පෙළේ ගුරු වෘත්තීය සංගම් එකොළහක්‌ තීරණය කර ඇතැයි වාර්තා වේ. ලංකා ගුරු සේවා සංගමය, සමස්‌ත ලංකා උපාධිධාරී ගුරු සංගමය, ජාතික අධ්‍යාපන සේවක සංගමය, ස්‌වාධීන ලංකා ගුරු සංගමය, ලංකා විදුහල්පති සේවා සංගමය, ජාතික අධ්‍යාපන විදුහල්පති සේවක සංගමය, පුහුණු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ලංකා …

Continue Reading

දුර්වල පිතිකරණය හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 105 කට දැවී යයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව තර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරඟයේ දෙවන දිනය අවසානයේදී දෙවන ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියාව කඩුළු 6ක් දැවී ලකුණු 115 ලබාගෙන සිටියි. ඕස්ට්‍රේලියාව ප්‍රථම ඉනිමේදී ලබාගත් ලකුණු 273 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් ඉතා දුර්වල අන්දමින් ලකුණු 105 කට දැවී ගියේය. ඊයේ දිනය අවසානයේදී ඕස්ට්‍රේලියාව කඩුළු 4 ක් අතැතිව ලකුණු 283 ක් ඉදිරියෙන් සිටියි. දෙවන දිනය …

Continue Reading

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙඩි තැබීමකින් සිදුවූවක්

ත්‍රස්ත විමර්ශන අංශය ඊයේ (01 සැප්.) අධිකරණයට දැනුම් දුන්නේ මරණ පරීක්ෂණ වාර්තාවට අනුව සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය වෙඩි තැබීමකින් සිදුවූවක් බව නිගමනය කර ඇති බවයි. අදාළ ඝාතනය නඩුව අද 53වන වතාවට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගනු ලැබීය. එහිදී ත්‍රස්ත විමර්ශන අංශය අධිකරණයට මරණ පරික්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් මෙම කරුණූ දැනුම් දුන්නේය. මේ අතර ඇප මත සිටින දෙවන සැකකරු …

Continue Reading

අවංක වැදගත් දේශපාලඥයෝ තෝරා ගන්න – ජෙනරාල් සරත් ෆොන්සේකා

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා (01 සැප්.) ‍භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා දුන්නේය. උරහිසේ හටගත් ආබාධයක් සඳහා සරත් ෆොන්සේකාට භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා දුන්නේ කොළඹ පෞද්ගලික රෝහලකදීය. එහිදී සරත් ෆොන්සේකා මෙසේ පැවසීය. “දූෂිත දේශපාලඥයෝ දේශපාලන පක්ෂවල නම්වලට මුවාවෙලා රට හූරා කන හැටි ජනතාව තේරුම් ගන්න ඕනේ. ජනතාව කරුණාකරලා අපි ඉල්ලා සිටින්නේ අවංක වැදගත් දේශපාලඥයෝ තෝරා ගන්න රට වෙනුවෙන් හින්දා. ජයවේවා”   …

Continue Reading

ගඩාෆි පවුල සතු පොළව යට ඇති සුඛෝපභෝගී බංකරය කැරළිකරුවන් අතට

හිටපු ලිබියානු නායක ගඩාෆිගේ පුත්‍රයෙක්වූ මුටාසිම් ගඩාෆිගේ පොළව යට ඇති සුඛෝපභෝගී බංකරය කාමර 50කින් සමන්විත බව අනාවරණය වී ඇත. මෙය නැගෙනහිර ට්‍රිපොලිහි පිහිටා ඇත. මෙම සංකීර්ණයේ සියලු අති නවීන පහසුකම් ඇතුළුව න්‍යෂ්ටික බලාගාරයක්ද ඇති බවට විශ්වාස කෙරේ. ඇතැම් අය පවසන්නේ මෙය මුවමර් ගඩාෆිගේ නිවස බවයි. මෙම සංකීර්ණය දැන් කැරලිකරුවන්ගේ ග්‍රහණයට පත්වී ඇති අතර, ඒ. එෆ්. පී. මාධ්‍යවේදීන්ට එය දැක බලාගැනීමට …

Continue Reading

දරු පරපුරේ යහපත වෙනුවෙන් වැඩපිළිවෙළක්

රූපවාහිනී වැඩසටහන් විකාශයේ දී දුම්වැටි හෝ මද්‍යසාර භාවිත කරන රූපරාමු ප්‍රදර්ශනය කරන සෑම වතාවක දී ම දුම්වැටි හා මද්‍යාසර පිළිබඳ ජාතික අධිකාරිය අනුමත කළ මත් විරෝධී පණිවුඩ විකාශය අද (01 සැප්.) සිට ආරම්භ වේ. මීට පෙර විද්‍යුත් මාධ්‍යවල එවැනි දර්ශන සඳහා යෙදූ කොටු දැමීමේ ක්‍රමය ඉදිරියට ක්‍රියාත්මක නොවන අතර ඒ වෙනුවට මත් විරෝධී පණිවිඩයක් විකාශය වේ. සමස්ත දරු පරපුරේ ම …

Continue Reading

දූෂණ හෙළිදරව් කිරීමේදී කිසිදු ආකාරයක තරාතිරමක්‌ අපට වැදගත් වෙන්නෙ නැහැ – දූෂණ විරෝධී හඬ

පසුගිය දා (30 අගෝ.) පැලවත්ත ජවිපෙ මූලස්‌ථානයේදී “දූෂණ විරෝධී හඬ” සංවිධානයේ ප්‍රථම ප්‍රවෘත්ති සාකච්ඡාව එහි කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ඔහු දැක්වූ අදහස් මෙසේය.  දූෂිත විරෝධී හඬ” සංවිධානය, සිද්ධ වූ දේවල් වාර්තා කරන සංවිධානයක්‌ වෙනුවට, රටේ සිද්ධවෙමින් යන වංචා දූෂණ නාස්‌තිය සහ මහජන මුදල් විනාශ කරන ක්‍රියාවලි පිළිබඳව තරාතිරම නොබලා හෙළිදරව් කරනවා. ඒ වගේම ඒ දූෂණ …

Continue Reading

බාල පෙට්‍රල් මගඩියට සම්බන්ධ සියල්ලන්ට දඬුවම් දිය යුතුයි – පා.ම. දයාසිරි ජයසේකර

විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (31 අගෝ.) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ බාල වර්ගයේ පෙට්‍රල් මෙරටට ගෙන්වූ, භාරගත් බෙදාහැරිය සියලු දෙනාට එරෙහිව නීත්‍යානුකූල ව පියවර ගත යුතු බවයි. වැරැද්ද සිදු කළ සිය හිතවතුන් ආරක්‌ෂා කිරීමට ආණ්‌ඩුව උත්සාහ ගනිමින් සිටින බවත් එක්‌සත් ජාතික පක්‍ෂය කිසිලෙසකින්වත් ඊට ඉඩ නොදෙන බවත් බාලවර්ගයේ පෙට්‍රල් පාවිච්චි කර හානි සිදුවූ …

Continue Reading

රාජ්‍ය සංගීත සම්මාන උළෙල 2009 – 2010

රාජ්‍ය සංගීත සම්මාන උළෙල 2009 – 2010, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පෙරේදා (30 අගෝ.) පැවැත්විණි. එහිදී සම්මානයට පාත්‍රවූ ප්‍රවීණ සංගීතඥයන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

Continue Reading

ව්‍යාපෘති අනුමත කිරීමේ බලය ප්‍රාදේශීය මට්ටමට විමධ්‍යගත කෙරේ

පසුගියදා මහනුවර ගන්නෝරුව පැළෑටි සහ ජාන සම්පත් මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවති මහනුවර දිස්ත්‍රික්  සම්බන්ධීකරණ කමිටුව හමුවේ අදහස් දක්වමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ දිස්ත්‍රික්කවල සංවර්ධනය සදහා වෙන් කරන මුදල් යොදාගෙන සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති හඳුනාගැනීම, අනුමත කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ බලය ප්‍රදේශීය සම්බන්ධීකරණ කමිටුවලට පවරන බවත් ඒ අනුව අමාත්‍යංශය මගින් නිකුත් කොට ඇති උපදෙස්වලට අදාළ ව තම කොට්ඨාසවලට …

Continue Reading