විදුලි සේවකයගේ හිඟ වැටුප් ලබන වසර මුලදී
විදුලි බල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, හිඟ වැටුප් ඉල්ලා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් ගෙන යන වෘත්තීය ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් විදුලි බල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබී ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ පාලන අධිකාරිය හා ඉංජිනේරු හා වෙනත් වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් අතර සාකච්ඡුාවක් පවත්වා තිබේ. එහිදී ලබන වසරේ ජනවාරි මාසයේ …
Continue Reading
කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ළදරුවන් පස් දෙනෙකු ජීවිතක්ෂයට
-
RSL
-
August 31, 2011
-
සෞඛ්‍යය
-
0 Comments
කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකයට බැක්ටීරියාවක් ඇතුළු වීම හේතුවෙන් ළදරුවන් පස් දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. අදාළ තත්ත්වය හේතුවෙන් එම ඒකකය මේවන විට වසා දමා ඇතැයි ද වසාදමන විට එහි ප‍්‍රතිකාර ලබමින් සිටි ළදරුවන් රෝහලේම වෙනත් නොමෙරු ළදරු ඒකකයකට ඇතුළත් කර ඇති බවත් සඳහන් වේ. මියගිය ළදරුවන්ගේ රුධිරය පරීක්ෂා කිරීමේදී මෙම බැක්ටීරියාව එම රුධිර සාම්පල තුළ තිබී සොයාගෙන ඇත. …
Continue Reading
කුරුළු උණ යළිත් හිස ඔසවයි
-
RSL
-
August 31, 2011
-
විදේශීය, සෞඛ්‍යය
-
0 Comments
කුරුලු උණ යළිත් ආසියානු කලාපය තුළ පැතිර යමින් පවතින බවට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු හඟවයි. විශේෂයෙන්ම චීනය, වියට්‌නාමය, තායිලන්තය, මලයාසියාව හා කාම්බෝජය යන රටවල මෙය පැතිර යැම ආරම්භව ඇති අතර මේ වන විට අටදෙනකු කුරුලු උණ රෝගයෙන් මේ වසරේ මියගොස් ඇත. 2003 වසරේ සිට මේ දක්‌වා කුරුලු උණ රෝගයෙන් මියගිය මිනිසුන් සංඛ්‍යාව 331 ක් වන අතර කුරුලු උණ රෝගය නිසා …
Continue Reading
බ්ලේක් හා සංක්‍රමණික දෙමළ ජනතාව අතර හමුවක්
දරුස්‌මාන් වාර්තාව සම්බන්ධයෙන් ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් සහ ද්‍රවිඩ සංක්‍රමණික ජනතාව අතර පැවැති රහස් සාකච්ඡාවක් පැවති බවට වාර්තා වේ. පසුගිය සඳුදා (29 අගෝ.) බ්ලේක් මෙරටට පැමිණීමට නියමිත වූවත් අයිරින් කුණාටුව නිසා එම සංචාරය නතර වුනි. මෙම සංචාරයට පෙර ද්‍රවිඩ සංක්‍රමණික ජනතාව ඇමතූ බ්ලේක් එක්‌සත් ජාතීන්ගේ මහලේකම් දරුස්‌මාන් වාර්තාව ගැන ක්‍රියා නොකරන්නේ නම් තමා එය එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් …
Continue Reading
ජනාධිපතිතුමන්ගේ රාමසාන් දින පණිවිඩය
-
RSL
-
August 31, 2011
-
Uncategorized
-
රාමසාන්
-
0 Comments
ජනාධිපතිතුමාගේ රාමසාන් දින පණිවිඩය මෙසේය. ඉස්ලාම් බැතිමතුන් මහත් උද්යෝගයෙන් සමරන ඊදුල් ෆිත්ර් උත්සවයට සුබපැතුම් එක් කරන්නේ හද පිරි සතුටින් යුක්ත ව ය. ඉස්ලාමීය දහමේ ඇති පූජනීය මාසයේ සම්ප්‍රදායික උපවාසය සහ ආගමික චාරිත්‍ර පවත්වා එය නිමා කිරීමේ අවස්ථාව ඊදුල් ෆිත්ර් ය. මෙම ඉතා වටිනා ආගමික අවස්ථාවට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ලෝකවාසී සහෝදර මුස්ලිම් ජනතාව සමඟ එක් වන්නේ මහත් ප්‍රීතියෙනි. ශුද්ධ වූ …
Continue Reading
පක්ෂයට පිටින් තරඟ කරන සාමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියාමර්ග – එ.ජා.ප. ය
-
RSL
-
August 31, 2011
-
Uncategorized
-
0 Comments
මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කරමින් පක්ෂයට එරෙහිව කටයුතු කරන සාමාජිකයින් නෙරපීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව එම ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයින් එක්සත් ජාතික පක්ෂය තුළ මෙතෙක් දැරූ සාමාජිකත්වය සහ තනතුරුවලින් ද ඉවත් කිරීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇත. මීට අමතරව ඉදිරියේදී ඔවුන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු කළහොත් එහිදී පක්ෂ විනය …
Continue Reading
ගොවීන්ගේ ප‍්‍රායෝගික අවශ්‍යතාවන් කෙරෙහි ජනපතිගේ අවධානය
වැවිලි ක්ෂේත්‍රය පිළිබඳ ගැටලුවලට විසඳුම් සෙවීමේ දී ගොවීන්ගේ ප‍්‍රායෝගික අවශ්‍යතාවන්ට මූලිකත්වය ලබා දිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ (30 අගෝ.) පැවසුවේය. ජනධිපතිතුමා මෙම අදහස් පළ කළේ, 2012 අය-වැය සැකසීමට, යෝජනා ලබා ගැනීම අරමුණු කර ගෙන වැවිලි කර්මාන්ත, පොල් සංවර්ධන සහ සුළු අපනයන බෝග ප‍්‍රවර්ධන අමාත්‍යාංශවල සහභාගීත්වයෙන් ඊයේ පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවක දී ය. වගාකරුවන්ට හෙක්ටයාරයකට …
Continue Reading
පකිස්තානු සිමෙන්ති තහනම ඉවතට
-
RSL
-
August 30, 2011
-
Uncategorized
-
0 Comments
සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සඳහන් කරන ආකාරයට පකිස්ථානයේ සිට ආනයනය කරන සිමෙන්ති අලෙවි කිරීම සඳහා පනවන ලද තහනම ඉවත් කළ බව වාර්තා වේ. වෙළෙඳ පොලේ ඇති සිමෙන්තිවල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා විදේශ රටවල රසායනාගාරක කරන ලද පරීක්ෂණයකිත් අනතුරුව මෙම තීරණයට ගත් බව ද ඔහු පැවසීය. කෙසේවුවත් ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය අදාළ සිමෙන්ති සඳහා ප‍්‍රමිති සහතිකය ලබා …
Continue Reading
යාපනය අර්ධද්වීපයේ පාසල් දැරියන් තිදෙනෙකු අතුරුදහන්
-
RSL
-
August 30, 2011
-
Uncategorized
-
යාපනය
-
0 Comments
යාපනය අර්ධද්වීපයේ පාසල් දැරියන් තිදෙනෙකු අතුරුදහන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම දැරියන්ගේ දෙමාපියන් විසින් යාපනය පොලිසියට පැමිණිලිකර ඇතැයි වාර්තා වේ. මෙසේ අතුරුදහන්වී ඇත්තේ මනිපායි ප‍්‍රදේශයේ පදිංචිව සිටි එස්.රෝෂිනී නැමැති 17 හැවිරිදි සිසුවියක් ද උඩුපිටි කාන්තා විදුහලේ 8 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන කනගලිංගම් ලැසිකා හා බාරිදීපුරම් ප‍්‍රදේශයේ පදිංචිව සිටි සය හැවිරිදි වේලන් වේලිනිකා නැමැති සිසුවියන් තිදෙනෙකි. මේ දිනවල යාපනය දිස්ති‍්‍රක්කයේ පාසල් සිසුවියන් අතුරුදහන්වීමේ …
Continue Reading
ජපානයේ නව අගමැති යොෂිහිකෝ නෝඩෝ
-
RSL
-
August 30, 2011
-
විදේශීය
-
යොෂිහිකෝ නෝඩෝ
-
0 Comments
ජපානයේ පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පැවති දෙවන වටයේ නායකත්ව ඡන්ද විමසීමෙන් ජය ලබමින් ජපාන මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය යොෂිහිකෝ නෝඩෝ අද (30 අගෝ.) තේරී පත්විය. යෝෂිහිකෝ නෝඩෝ වසර 5ක් තුළ ජපානයේ තෝරාගනු ලැබූ 6වෙනි අග්‍රාමාත්‍යවරයා වේ. ජපානයේ නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා ගැනීමට සිදුවුණේ දුර්වල කළමනාකරණය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වූ අග්‍රාමාත්‍ය නෞටෝ ඛාන් ඉල්ලා අස්වීම හේතුවෙනි. යෝෂිහිකෝ නෝඩා සහ …
Continue Reading