ජපානයේ නව අගමැති යොෂිහිකෝ නෝඩෝ

Spread the love

ජපානයේ පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පැවති දෙවන වටයේ නායකත්ව ඡන්ද විමසීමෙන් ජය ලබමින් ජපාන මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය යොෂිහිකෝ නෝඩෝ අද (30 අගෝ.) තේරී පත්විය.

යෝෂිහිකෝ නෝඩෝ වසර 5ක් තුළ ජපානයේ තෝරාගනු ලැබූ 6වෙනි අග්‍රාමාත්‍යවරයා වේ. ජපානයේ නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා ගැනීමට සිදුවුණේ දුර්වල කළමනාකරණය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වූ අග්‍රාමාත්‍ය නෞටෝ ඛාන් ඉල්ලා අස්වීම හේතුවෙනි.

යෝෂිහිකෝ නෝඩා සහ ජපාන වෙළෙඳ අමාත්‍ය බැන්රි කයිදා අතර දෙවන වටයේ ඡන්ද විමසීම පැවැත් විණ. ඡන්ද 215 ට 177ක් ලෙස නෝඩා දෙවන වටයේ ඡන්ද විමසීමේදි ජයග්‍රහණය කළේය.

උග්‍ර රාජ්‍ය ණය අර්බුදයකට මුහුණ පා සිටින ජපාන ආර්ථිකය ගොඩනැංවීම සහ පසුගිය මාර්තු මස එරටට බලපෑ භූමි කම්පාවෙන් හා සුනාමි ව්‍යසනයෙන් හානි වූ ප්‍රදේශ යළි ගොඩ නැංවීම ජපාන නව අග්‍රාමාත්‍යවරයා වෙත පැවරෙන කාර්යන් වනු ඇති.


RSL

Related Posts