දුර්වල පිතිකරණය හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 105 කට දැවී යයි

Spread the love

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව තර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරඟයේ දෙවන දිනය අවසානයේදී දෙවන ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියාව කඩුළු 6ක් දැවී ලකුණු 115 ලබාගෙන සිටියි. ඕස්ට්‍රේලියාව ප්‍රථම ඉනිමේදී ලබාගත් ලකුණු 273 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් ඉතා දුර්වල අන්දමින් ලකුණු 105 කට දැවී ගියේය. ඊයේ දිනය අවසානයේදී ඕස්ට්‍රේලියාව කඩුළු 4 ක් අතැතිව ලකුණු 283 ක් ඉදිරියෙන් සිටියි.

දෙවන දිනය අවසානයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු රොමේෂ් රත්නායක මහතා පවසා සිටියේ තණතීරුවේ හැසිරීම කුමක්‌ වුවත් තම කණ්‌ඩායමේ පිතිකරුවන් මීට වඩා වගකීමකින් පන්දුවට පහරදිය යුතුව තිබූ බවත්, තණතීරුවේ හැසිරීම කිසිසේත්ම නිදහසට කරුණක්‌ නොවන බවත්ය.

තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඉහත අදහස්‌ පළ කර සිටි වත්මන් පුහුණුකරු රත්නායක, අවම වශයෙන් ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමට වඩා ලකුණු 50 ක්‌ පමණ අඩුවෙන් ලබා ගත්තේ නම් තත්ත්වය මීට වඩා සුභදායී වන බවද සඳහන් කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රත්නායක මහතා සඳහන් කළේ, තරගයේ සිදුවූ සියලු වැරදි මේ වන විට අමතක කොට ඇති බවත් හෙට දිනයේදී කළ යුත්තේ කුමක්‌ද යන්න පිළිබඳව පමණක්‌ අවධානය යොමු කර තිබෙන බවද සඳහන් කර සිටියේය.

ලකුණු පුවරුව – දෙවන දිනය අවසානයේදී

ඕස්ට්‍රේලියාව    පළමු ඉනිම  ලකුණු 273          (හසී 95, හේරත් 54/3 )
ශ්‍රී ලංකා         පළමු ඉනිම  ලකුණු 105          (පරණවිතාන 29, ලියෝන් 34/5)
ඕස්ට්‍රේලියාව   දෙවන ඉනිම ලකුණු 115/6       (ක්ලාර්ක් 60, හේර්ත් 51/3)

RSL

Related Posts