බාල පෙට්‍රල් මගඩියට සම්බන්ධ සියල්ලන්ට දඬුවම් දිය යුතුයි – පා.ම. දයාසිරි ජයසේකර

Spread the love

විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (31 අගෝ.) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ බාල වර්ගයේ පෙට්‍රල් මෙරටට ගෙන්වූ, භාරගත් බෙදාහැරිය සියලු දෙනාට එරෙහිව නීත්‍යානුකූල ව පියවර ගත යුතු බවයි.

වැරැද්ද සිදු කළ සිය හිතවතුන් ආරක්‌ෂා කිරීමට ආණ්‌ඩුව උත්සාහ ගනිමින් සිටින බවත් එක්‌සත් ජාතික පක්‍ෂය කිසිලෙසකින්වත් ඊට ඉඩ නොදෙන බවත් බාලවර්ගයේ පෙට්‍රල් පාවිච්චි කර හානි සිදුවූ වාහන හිමියන්ට සම්පූර්ණ අලාභය ආණ්‌ඩුව විසින් ගෙවිය යුතු බවත් හෙතෙම  අවධාරණය කළේය.

අලාභහානි සිදුවූ යතුරු පැදි ත්‍රිරෝද රථ වෙනුවෙන් රුපියල් පහළොස්‌ දහසක උපරිමයක්‌ ද මෝටර් රථ හා වෑන් රථ වෙනුවෙන් පනස්‌ දහසක උපරිමයක්‌ ලෙස වන්දි ලබාදිය යුතු බවට නිර්දේශකර තිබුණත් ඒ මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඒ මහතා පැවැසීය.

අලාභහානි සිදුවූ වාහන නැවත සකස්‌ කිරීමේදී ඊට වැයවූ මිල ගණන් ඇතුළත් කරමින් නිකුත්කර තිබෙන රිසිට්‌පත් නිසි ලෙස පරීක්‍ෂා කර බලා අදාළ සම්පූර්ණ මුදල එම වාහන හිමියන්ට රජය ගෙවිය යුතු බව ජයසේකර මහතා වැඩිදුරටත් පැවැසීය

RSL

Related Posts