ගඩාෆි පවුල සතු පොළව යට ඇති සුඛෝපභෝගී බංකරය කැරළිකරුවන් අතට

Spread the love

හිටපු ලිබියානු නායක ගඩාෆිගේ පුත්‍රයෙක්වූ මුටාසිම් ගඩාෆිගේ පොළව යට ඇති සුඛෝපභෝගී බංකරය කාමර 50කින් සමන්විත බව අනාවරණය වී ඇත. මෙය නැගෙනහිර ට්‍රිපොලිහි පිහිටා ඇත.

මෙම සංකීර්ණයේ සියලු අති නවීන පහසුකම් ඇතුළුව න්‍යෂ්ටික බලාගාරයක්ද ඇති බවට විශ්වාස කෙරේ.

ඇතැම් අය පවසන්නේ මෙය මුවමර් ගඩාෆිගේ නිවස බවයි. මෙම සංකීර්ණය දැන් කැරලිකරුවන්ගේ ග්‍රහණයට පත්වී ඇති අතර, ඒ. එෆ්. පී. මාධ්‍යවේදීන්ට එය දැක බලාගැනීමට ඉඩ සලසා දී තිබිණි.

කැරලිකරුවන් ‘මීයන්’ වශයෙන් වහසි බස් දෙඩූ ගඩාෆි සහ සිය පවුල ‘වේයන්’ මෙන් පොළව යට ජීවත් වූ අයුරු පෙනී යන බව අඩෙල් ටාබු නැමති කැරලි නායකයා මාධ්‍යවේදීන්ට අවඥාාවෙන් පවසා තිබේ.

ගඩාෆි පවුල සතු මෙම සුඛෝපභෝගී නිවාස සංකීර්ණය ඇමෙරිකන් ජනාධිපතිගේ නිල නිවාසය වූ ධවල මන්දිරයට සහ බ්‍රිතාන්‍ය අගමැතිගේ ඩුවනිං වීදියේ අංක 10 නිවාසයට වඩා බෙහෙවින් සුඛෝපභෝගී එකක් බව ඔහු පවසා තිබේ.

RSL

Related Posts