ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ නාමාවලිය, විද්‍යුත් හා වෙබ් නාමාවලියක් ලෙසින්
-
RSL
-
September 4, 2011
-
Uncategorized
-
0 Comments
ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ නාමාවලිය, විද්‍යුත් නාමාවලියක් හා වෙබ් නාමාවලියක් (Web-Export Directory) එළිදැක්වීමට කටයුතු යොදා තිබේ. භාවිතයේ පහසුව පිණිස පිටු පෙරළා බැලිය හැකි ආකාරයට (Flipping E-pages) සකසා ඇති මෙම අපනයනකරුවන්ගේ විද්‍යුත් නාමාවලිය ව්ව්ව්.ස්‍රිලන්කෑxපොර්ටෙර්ස්.ල්ක් සහ ව්ව්ව්.රඉන්බොව්පගෙස්.ල්ක් ඔස්සේ වෙබ් නාමාවලියක් ලෙස ද පරිශීලනයට අවස්ථාව හිමි වේ. අපනයනකරුවන්ගේ භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු සෙවීමේ හැකියාවට අමතර ව එම අඩවිය …
Continue Reading
රාජ්‍ය සේවාවන් ජනතාවට අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමට පහසුකම් සැලසේ
-
RSL
-
September 4, 2011
-
Uncategorized
-
Sri Lanka
-
0 Comments
රාජ්‍ය සේවාවන් ජනතාවට අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක ලංකා ද්වාරය හෙවත් Lanka Gate හි සේවාවන් තව දුරටත් පුළුල් කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පියවර ගෙන තිබේ. මෙම සේවාවට අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානය යන ආයතනයන් හි සේවාවන් රැසක් මෙමඟින අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමට හැකිවේ. ලියාපදිංචි වාහනයක තොරතුරු, වාහන අංකයක් …
Continue Reading
යාපනය විශ්ව විද්‍යාලයේ ගැටළු රැසකට විසඳුම්
-
RSL
-
September 4, 2011
-
Uncategorized
-
0 Comments
අමාත්‍ය දේවාන්නදා මහතාගේ ඉල්ලීම පරිදි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගිය 30 වැනි දා කැඳවා තිබු සාකච්ඡාවකදී යාපනය විශ්වවිද්‍යාලයේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති ප‍්‍රශ්න රාශියක් විසඳා තිබෙන බව වාර්තා වේ. මෙම සාකච්ඡාව සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සහ සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමඟ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය වසන්ති අර්සරත්නම් මහත්මිය සහ උසස් අධ්‍යාපන …
Continue Reading
ප්‍රථම ටෙස්ට් තරඟය ඕස්ට්‍රේලියාව ලකුණු 125 කින් ජයගනී
-
RSL
-
September 3, 2011
-
ක්‍රීඩා
-
ශ්රී ලංකා ක්‍රිකට්
-
0 Comments
ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 379ක ඉලක්කයක් තිබිය දී අද පස්වරුවේ සියලු දෙනා ලකුණු 253කට දැවීයාමත් සමඟම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ප්‍රථම ටෙස්ට් තරඟයෙන් ලකුණු 125 ක ජයක් හිමිවිය. ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා පිල කඩුලු 5කට ලකුණු 120ක් හිමිකර ගෙන තිබුණි. අද තරගය අරඹන විට මහේල ජයවර්ධන 57ක් ද ඇන්ජලෝ මැතිව්ස් 32ක් ද ලබා සිටි අතර මහේල …
Continue Reading
කැරළිකරුවන්ගේ මී ළඟ ඉලක්කය ගඩාෆි උපන් නගරය වන සර්ත්
-
RSL
-
September 2, 2011
-
විදේශීය
-
ලිබියා, සයිෆ් අල් ඉස්ලාම්
-
0 Comments
ගඩාෆි උපන් නගරය වන සර්ත් රැකගැනීම සඳහා 20,000ක සන්නද්ද බල ඇණියක් සුදානම් බව කර්නල් ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම් පවසයි. සර්ත් නගරය ලිබියානු කැරළිකරුවන්ගේ මී ළඟ ඉලක්කය වී තිබේ. ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත්‍රයා කැරළිකරුවන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් කියා සිටින්නේ, සර්ත් අත්පත් කර ගැනීමට උත්සහ කළ හොත් ඔවුන්ට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇති බවයි. අරාබි රූපවානී නාලිකාවකට …
Continue Reading
සෞඛ්‍ය කේෂ්ත්‍රය විධිමත් කිරීමට නව පණත් ගෙනේ
-
RSL
-
September 2, 2011
-
සෞඛ්‍යය
-
0 Comments
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ඖෂධ පනත ඇතුළුව සෞඛ්‍ය කේෂ්ත්‍රය විධිමත් කිරීම සහ එහි දැනට පවතින ගැටලු අවම කිරීම සඳහා නව පනත් 7ක් ගෙන එන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි කෙටුම්පත් කිරීම අවසන් කර ඇති අතර එය ඉදිරි මාස 4තුළ පාර්මේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය. එම අමාත්‍යංශය පැවසුවේ, ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත, …
Continue Reading
ශ්‍රී ලංකාවේ නව ආරක්ෂක විධි විධාන කෙරෙහි ඇමෙරිකාවේ අවධානය
-
RSL
-
September 2, 2011
-
Uncategorized
-
0 Comments
දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රාජ්‍ය දෙපාර්තමෙන්තු නියෝජ්‍ය ප්‍රකාශක මාක්ස් සී. ටෝනර් පැවසුවේ, ශ්‍රී ලංකාව මෑතදී හදුන්වා දුන් නව ආරක්ෂක විධි විධාන පිළිබදව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනටමත් ඒ පිළිබඳ අධ්‍යනය කිරීම අරඹා ඇති බවයි. අගෝස්තු මාසයෙන් අවසන් වන පරිදි හදිසි නීති රෙගුලාසි ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී යෝජනා කිරිම පිළිබදව අමෙරිකාව ප්‍රසාදය පළ කරන බවත් එය …
Continue Reading
තම දරුවන් අතුරුදහන්ව සිටින දෙමළ මව්වරුන් තම දරුවන් සොයා දෙන්නැයි රජයෙන් ඉල්ලති
-
RSL
-
September 2, 2011
-
Uncategorized
-
0 Comments
අතුරුදහන් වූවන්ගේ ලෝක දිනය නිමිත්තෙන් කි‍්‍රස්තියානි සිවිල් සමාජ සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කරන ලද රැස්වීමක් ඊයේ (සැප්. 01) කොළඹදී පැවැත්විණි. ඊට සහභාගී වූයේ තම දරුවන් අතුරුදහන්ව සිටින දෙමළ මව්වරුන් පිරිසකි. ජනවාර්ගික අර්බුදය පැවති සමයේ අතුරුදහන් වූ තම දරුවන් පිළිබඳව සොයා බලා නියම තත්ත්වය හෙළි කරන්නැයි එම මව්වරුන් ආණ්ඩුවට කියා සිටියේය. මානව හිමිකම් කි‍්‍රයාකාරීන් වන බි‍්‍රිටෝ ප‍්‍රනාන්දු හා නිමල්කා ප‍්‍රනාන්දු සහ …
Continue Reading
පාසල් 42 ක තෙවැනි වාරය ආරම්භ කිරීම කල් යයි
-
RSL
-
September 2, 2011
-
Uncategorized
-
0 Comments
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සඳහා යොදා ගන්නා පාසල් 42 ක තෙවැනි වාරය ආරම්භ කිරීම කල් යන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එම පාසල්වලින් පාසල් 22 ක තෙවැනි වාරය ආරම්භ කෙරෙන්නේ මෙම මස 12 වැනිදා වන අතර සෙසු පාසල් විස්‌සේ තෙවැනි වාරය මෙම මස 19 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. මීට අමතරව ඇගයීම් කටයුතු සඳහා යොදා ගන්නා …
Continue Reading
ශ්‍රී ලංකාවට දකුණු කොරියාවේ සහය දිගටම
-
RSL
-
September 2, 2011
-
Uncategorized
-
0 Comments
දකුණු කොරියාව අතුළු රටවල ගණනාවක සංචාරයක නිරත ශ්‍රී ලංකා විදේශ ඇමති මහාචාර්ය ජීඑල් පීරිස් මහතා ඊයේ (01 සැප්.) සියොල් නුවරදී දකුණු කොරියා විදේශ කටයුතු ඇමති කිම් සුං හ්වාන් හමු විය. යොන්හැප් පුවත් සේවය වාර්තා කරන්නේ එහිදී යුද්ධයෙන් පසුව ශී‍්‍ර ලංකාව යලි ගොඩනැඟීමේ කාර්යය සඳහා වඩාත් සමීප සහයෝගීතාවක් දැක්වීමට දකුණු කොරියාව ප‍්‍රතිඥා ලබාදුන් බවයි. විශේෂයෙන් උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල වාරිමාර්ග හා …
Continue Reading