සෞඛ්‍ය කේෂ්ත්‍රය විධිමත් කිරීමට නව පණත් ගෙනේ

Spread the love

ජාතික ‍ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ඖෂධ පනත ඇතුළුව සෞඛ්‍ය කේෂ්ත්‍රය විධිමත් කිරීම සහ එහි දැනට පවතින ගැටලු අවම කිරීම සඳහා නව පනත් 7ක් ගෙන එන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි කෙටුම්පත් කිරීම අවසන් කර ඇති අතර එය ඉදිරි මාස 4තුළ පාර්මේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

එම අමාත්‍යංශය පැවසුවේ, ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත, පෞද්ගලික වෛද්‍ය ආයතන පනත, ආහාර පනත, මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනත, මධ්‍යසාර හා දුම්කොළ පාලනය කිරීමේ පනත සහ ජල භිතිකා මර්දන පනත මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බවයි.

එම පනත් ඉදිරි වසර තුළ පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කෙරෙන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

RSL

Related Posts