ශ්‍රී ලංකාවේ නව ආරක්ෂක විධි විධාන කෙරෙහි ඇමෙරිකාවේ අවධානය

Spread the love

දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රාජ්‍ය දෙපාර්තමෙන්තු නියෝජ්‍ය ප්‍රකාශක මාක්ස් සී. ටෝනර් පැවසුවේ, ශ්‍රී ලංකාව මෑතදී හදුන්වා දුන් නව ආරක්ෂක විධි විධාන පිළිබදව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනටමත් ඒ පිළිබඳ අධ්‍යනය කිරීම අරඹා ඇති බවයි.

අගෝස්තු මාසයෙන් අවසන් වන පරිදි හදිසි නීති රෙගුලාසි ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී යෝජනා කිරිම පිළිබදව අමෙරිකාව ප්‍රසාදය පළ කරන බවත් එය ලාංකික ජනතාවගේ ජීවන තත්ත්වය සාමාන්‍ය අතට පත් කිරීමේ සුවිශේෂී පියවරක් බවත් ඇමෙරිකාව විශ්වාස කරයි.

රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අත්අඩංගුවේ පසුවන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් එකලොස් දහසකට අධික සංඛ්‍යාවක් අතරින් අටදහසකට අධික සංඛ්‍යාවක් නිදහස් කිරීමෙන් හා පුනරුථාපනය කිරීම මගින් ශ්‍රි ලංකා රජය ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි.

එම දෙපාර්තමේන්තුව මෙරට රජයෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට නඩු පැවරීමට හෝ නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසයි.

RSL

Related Posts