පාසල් 42 ක තෙවැනි වාරය ආරම්භ කිරීම කල් යයි

Spread the love

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සඳහා යොදා ගන්නා පාසල් 42 ක තෙවැනි වාරය ආරම්භ කිරීම කල් යන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම පාසල්වලින් පාසල් 22 ක තෙවැනි වාරය ආරම්භ කෙරෙන්නේ මෙම මස 12 වැනිදා වන අතර සෙසු පාසල් විස්‌සේ තෙවැනි වාරය මෙම මස 19 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

මීට අමතරව ඇගයීම් කටයුතු සඳහා යොදා ගන්නා තවත් පාසල් 18 ක්‌ මෙම මස 19 වැනිදා සිට 30 වැනිදා දක්‌වා වසා තැබීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

RSL

Related Posts