ප්‍රථම ටෙස්ට් තරඟය ඕස්ට්‍රේලියාව ලකුණු 125 කින් ජයගනී

Spread the love

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 379ක ඉලක්කයක් තිබිය දී අද පස්වරුවේ සියලු දෙනා ලකුණු 253කට දැවීයාමත් සමඟම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ප්‍රථම ටෙස්ට් තරඟයෙන් ලකුණු 125 ක ජයක් හිමිවිය.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා පිල කඩුලු 5කට ලකුණු 120ක් හිමිකර ගෙන තිබුණි. අද තරගය අරඹන විට මහේල ජයවර්ධන 57ක් ද ඇන්ජලෝ මැතිව්ස් 32ක් ද ලබා සිටි අතර මහේල තම ලකුණු ගණන 105 දක්වා නංවා තිබියදී රයන් හැරිස්ගේ පන්දුවකට දැවී ගිය අතර අවසානයේ හුදකලා සටනක නියැළුණු ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 95ක් ලබා සිටියදී ෂේන් වොට්සන්ගේ පන්දුවකට දැවී ගියේ ය.

රයන් හැරිස් පන්දු වාර 20ක දී ලකුණු 62කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා දෙවන ඉනිමේ කඩුලු බිඳ වැටුණේ 1-0, 2-15, 3-52, 4-63, 5-68, 6-210, 7-221, 8-242, 9-249, 10-253 ලෙසිනි.

RSL

Related Posts