ශ්‍රී ලංකාව ලකුණු 112ක් ඉදිරියෙන්

තුන්වන හා අවසාන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (18) තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 6කට ලකුණු 428ක් වාර්තා කරමින් ඔස්ට්‍රේලියාවට වඩා ලකුණු 112ක් ඉදිරියෙන් සිටියේ ය. ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට වාර්තා කළේ ලකුණු 316කි. මේ ඉනිමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු අතරට ඒම කැපී පෙනෙන ලක්ෂණයක් විණි. තම සිය වැනි ටෙස්ට් තරගයට සහභාගී වන කුමාර් සංගක්කාරට ශතකය අහිමිවීමෙන් …

Continue Reading

යුද හමුදාපති හෙයිටි සහ ලෙබනනයේ සංචාරයක

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි පවසන පරිදි, හෙයිටි සහ ලෙබනනයේ සංචාරයක නිරත යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසුරිය එක්සත් ජාතින්ගේ සාම සාධක කටයුතු පිළිබද කාර්යාංශයේ නිලධාරින් සමග සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ. මෙම හමුව අමෙරිකාවේ නිව්යොර්ක් නුවරදී පැවති බව සඳහන්. ශ්‍රි ලාංකික සාම සාධක භටයින්ගේ වත්මන් කටයුතු පිළිබඳව හා ඉදිරි වැඩසටහන් පිළිබඳව එහිදී සාකච්ඡා පවත්වා තිබේ. මෙම සංචාරයෙන් අනතුරුව යුද …

Continue Reading

ජනපති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ගත් දරුවන් හමුවෙයි

ජනාධිපති මාධ්‍ය අංශය ප‍්‍රකාශ කරන පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ඉහළම ලකුණු ලැබු දරුවන් තිදෙනා පසුගිය දා (16 සැප්.) අරලියගහ මන්දිරට කැඳවා තිබිණ. ඔවුන්ට සුබ පැතූ ජනාධිපතිවරයා ත්‍යාග සහ තිළිණද ප‍්‍රදානය කළ ජනාධිපතිවරයා එම දරුවන්ගේ පාසල්වල අවශ්‍යතා සම්බන්ධයෙන් ද අවධානය යොමුකර ඇති බව සඳහන් වේ. කළුතර බාලිකා විද්‍යාලයේ ඕෂධී ෆොන්සේකා, කළුතර දොඩංගොඩ මිරිස්වත්ත ජාතික …

Continue Reading

මේ රට දූගී දුප්පත් හිඟන රටක් වේවි – ජෙනරාල් සරත් ‍‍‍ෆොන්සේකා

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ‍‍‍ෆොන්සේකා මහතා පසුගිය දා ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන එනු ලැබිණි. ‍මෙහිදී අනෝමා ෆොන්සේකා මහත්හමිය පැවසුවේ පෙනහළු පරීක්ෂා කිරීම සඳහා ෆොන්සේකා මහතා මසකට වරක් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන බවයි. මෙහිදී සරත් ‍ෆොන්සේකා මහතා මාධ්‍ය අමතමින් මෙම අදහස් පළ කළේය. “බාල තෙල් බාල සිමෙන්ති මේවා ගෙන්නලා නැති කරන්නේ, ජනතාවගේ සුභසාධනය දියුණු කරන්න තියෙන සල්ලි මේවා පිටිපස්සේ …

Continue Reading

රට ඒකාධිපතිවාදයක් වෙත ගමන් කරමින් සිටිනවා – කරූ ජයසූරිය

පසුගිය දා මීගමුවේදී පැවති උත්සවයක් අමතමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පැවසුවේ, බවයි. “අද රට යන විදිහට මේ රටේ අනාගතය කොයි පැත්තකට යයි ද කියලා අපිට හිතන්න අමාරුයි. තමුන්නාන්සෙලාගෙන් පස්සේ තමුන්නාන්සේලාගේ දරුවන්ට ඊ ළග පරපුරට ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත් වීමේ අයිතිය ලබා දිය යුතුයි. යුද්ධයක් අවසන් වු රටක මේ තරම් හමුදා කඳවුරු අරින්න අවශ්‍යතාවයක් නැහැ. උතුරෙත් නැගෙනහිරත් පොලීසිය …

Continue Reading

ත්‍රස්තවාදයට නැවත හිස එසවීමට ශ්‍රී ලංකාව අවකාශයක් ලබා දී නැහැ – තමාරා කුනනායකම්

සැප්තැම්බර් 12 වන දා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 18 වන සැසියේ 02 අයිතමය යටතේ පැවති පොදු විවාදයට සහභාගී වෙමින් එක්සත් ජාතීන් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායකම් මහත්මිය පැවසුවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ පක්ෂපාතිත්වය නැවත වරක් ප්‍රදර්ශනය කර ඇති බව හෙළි කළාය. ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායකම්ගේ සම්පූර්ණ ප්‍රකාශය. සභාපතිතුමියනි, ඇතැමුන්ට කොතරම් …

Continue Reading

එජාපයට දිනන්න තිබෙන එකම බාධාව ජනාධිපතිතුමා ජනතාවට කන්න දීමද – ලක්ෂ්මන් යාපා

පසුගිය දා පැවතී ඇමැති මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති හා වැඩ බලන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අමතමින් ‘මහින්ද රාජපක්ෂ පවුල ඉතිහාසයේ පටන්ම ජනතාවට හොඳට කන්න දුන් පවුලක්. අගමැතිවරුන්ට හා රාජ්‍ය නායකයන්ට පමණක් සීමා වී තිබූ අරලියගහ මන්දිරය පොදු ජනතාවට විවෘත කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා’ යැයි පැවසීය. විවිධ වෘත්තිකයන්, පූජකවරුන්, රජයේ නිලධාරීන්, …

Continue Reading

බාල පෙට‍්‍රල් ගෙන්වීමේ සිද්ධියට සම්බන්ධ නිළධාරියකු අනිවාර්ය නිවාඩු යැවේ

මෙරටට බාල පෙට‍්‍රල් ගෙන්වීමේ සිද්ධියට අදාළව සිදුකල ත්‍රීපුද්ගල කමිටු පරීක්ෂණයකින් චෝදනා එල්ල වී ඇති ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය වාණිජ කලමණාකාර උදය දොළොස්වල මහතා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි වාර්තා වේ. සියලු වැටුප්, දීමනා සහිතව විනය පරීක්ෂණයකට යටත්ව මෙම නිලධාරියා නිවාඩු යැවීමට පසුගියදා රැස්වූ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත. අනිවාර්ය නිවාඩු යවා ඇති කළමණාකාරවරයා සම්බන්ධයෙන් සංස්ථාව විසින් විනය පරීක්‍ෂණයක්ද ආරම්භ …

Continue Reading

ප්‍රවීණ ගත්කරු කේ. ජයතිලක මහතාගේ අවසන් කටයුතු හෙට

අභවප්‍රාප්ත ප්‍රවීණ ගත්කතුවරයකු, විචාරකයකු මෙන් ම චින්තකයකු වූ කේ. ජයතිලක (85) මහතාගේ අවසන කටයුතු හෙට (18 සැප්.) සවස 02.00 ට ඒ මහතාගේ ගම්පහ කිරිඳිවල කන්නිමහර නිවසේ පවුලේ සුසාන භූමියේදී සිදු කරන බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි. ගම්පහ කන්නිමහරදී 1926 ජූනි මස 27 වැනිදා උපත ලැබූ ඔහු සිය පළමු නිර්මාණය ලෙස වියෝදසුන නම් කාව්‍ය සංග්‍රහය 1943 දී පළ කළේය. රාජ්‍ය …

Continue Reading

පරිසර ඇමති සිංහරාජ රක්ෂිතය සම්බන්ධ ගටළුවට වහා මැදිහත් වේ

සිංහරාජ වනාන්තරය හරහා ඉදි කෙරමින් පවතින මාර්ගයෙහි ඉදිකිරීම් කටයුතු වහාම නවතා දමා අදාළ ප‍්‍රදේශය වනජීවි දෙපාර්තමේන්තුවේ භාරයට පත් කරන්නැයි පරිසර ඇමති අනුර ප‍්‍රියදර්ශන යාපා ජිනීවාහි සිට නියෝග කර ඇත. ඇමතිවරයා මේ වන විට ජිනීවාහි පැවත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසියට සහභාගීව සිටියි. ඉඹුල්කන්ද සිට සූරියකන්ද දක්වා සිංහරාජය හරහා ඉදි කෙරෙන මෙම මාර්ගය නිසා වනාන්තරයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුවන …

Continue Reading