ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සා අටසීයයක්
-
RSL
-
September 16, 2011
-
Uncategorized
-
0 Comments
පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසන පරිදි ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සා අටසීයයක් පමණ සිදුවන බව වාර්තා වේ. සමීක්ෂණයකදී හෙළි වී ඇති තොරතුරුවලට අනුව ගබ්සා කරගන්නා කාන්තාවන් අතරින් සියයට අසූවක් වයස අවුරුදු 35 ඉක්ම වූ අය වේ. තවද වසරකට සජිවී උපත් තුන්ලක්ෂ අසූදහක් සිදුවන විට ගබ්සා කිරීම් දෙලක්ෂ අනූදහසක් සිදුවන බව ද පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න …
Continue Reading
13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ සටනට මෛතී‍්‍රපාල සිරිසේන පෙරමුණ ගනී
පසුගිය දා වාර්තා වූයේ පශ්චාත් යුද සමය තුළ සංහිඳියාව ඇති කිරීම සඳහා 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කරන මෙන් බ්ලේක් මහතා සිය ශ‍්‍රී ලංකා සංචාරය තුළදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි. මේ අනුව 13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ සටනට මුල් වී කටයුතු කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛතී‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. බලය බෙදීම …
Continue Reading
කොළඹ මහ නගර සභාවේ ගෞරවය බිඳ වැටී තිබෙන්නේ රජය නිසයි – තිස්ස අත්තනායක
ඊයේ (15 සැප්.) කොළඹ පැවති ජනහමුවක් අමතමින් එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසුවේ මිලින්ද මොරගොඩ කියන ආකාරයට කොළඹ මහ නගර සභාවේ පරිපාලනය සහ ගෞරවය බිදවැටී වී තිබෙන්නේ නම් ඊට වගකිව යුත්තේ මහින්ද රාජපක්‍ෂ පාලනය විනා එක්සත් ජාතික පක්‍ෂය නොවන බවයි. මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ කොළඹ මහ නගර සභාවේ පරිපාලනය සහ ගෞරවය බිදවැටී ඇති බව කියමින් ඒ නගර …
Continue Reading
ශ්‍රී ලංකාවේ වෙළඳ ශේෂ හිඟය උග්‍ර වේ
ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව සෘණ අගයක් පවතින ශ්‍රී ලංකාවේ වෙළෙඳ ශේෂ හිඟය වසර 2009 හා 2010 යන කාල පරාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 3122 සිට 5205 දක්‌වා වැඩි වී ඇත. මේ කාල සීමාව තුළ ආහාර ආනයනය සඳහා වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් 1246 සිට 1641 දක්‌වා වර්ධනය වී ඇති අතර වෙනත් පාරිභෝගික භාණ්‌ඩ ආනයනය කිරීම සඳහා වැය …
Continue Reading
වාරි ඉංජිනේරු විද්‍යා උපාධි පාඨ්මාලාවක් සැකසේ
වාරි ඉංජිනේරුවන් බිහි කිරීම සඳහා වෙනම විද්‍යාවේදී උපාධි පාඨමාලාවක් ආරම්භ කර එමගින් වසරකට වාරි ඉංජිනේරුවන් සියය බැගින් බිහි කිරීමේ වැඩපිළිවෙළක් රජය විසින් අරඹා ඇතැයි වාර්තා වේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය එක්ව මෙම වඩ පිළිවෙල සකස් කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසී ය. ඊට අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීම මේ වන …
Continue Reading
පළමු දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල හම්බන්තොට දී
-
RSL
-
September 15, 2011
-
ක්‍රීඩා
-
0 Comments
ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සංවිධානත්වයෙන් ලබන ඔක්තෝබර් මස 8 සිට 14 දක්වා හම්බන්තොට වෙරළ පරිශ්‍රයේදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල සඳහ මේ වන විට කටයුතු සූදානම් වෙමින් පවතින බව වාර්තා වේ. දකුණු ආසියානු කලාපීය රටවල් 8ම සහභාගි වන මේ තරගාවලියේදි තරග ඉසව් 12ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400ක් පමණ සහභාගී වීමට නියමිතය. වෙරළ ක්‍රීඩා උළලේදී බාස්කට්බෝල්, …
Continue Reading
යාලට පැමිණෙන සංචාරකයන් ගණන ඉහළට
යාල ජාතික වනෝද්‍යානයට ජනවාරි සිට අගෝස්‌තු මස දක්‌වා මාස 8ක කාලය තුළ පැමිණි දෙස් විදෙස් සංචාරකයන් ගෙන් ලැබුණු ආදායම රුපියල් දහ සය කෝටි හැට පන් ලක්‌ෂ පහළොස් දහසක් වන බැව් ගොවිජන සේවා අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසී ය. පසුගිය දා වනෝද්‍යානය තුළ කළ නිරීක්‍ෂණ චාරිකාවෙන් පසු පැවැති මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස් දැක්‌වූ අමාත්‍යවරයා කියා සිටියේ, ආදායම් ලබනවා වගේ ම …
Continue Reading
ගැටුම් සමයේදී ඉන්දියාවට පලාගිය ශ්‍රී ලාංකීක පිරිසක් යළි දිවයිනට
ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත්විම තුළින් ගැටුම් පැවති සමයේ සරණාගතයින් ලෙස ඉන්දියාවට පලාගිය ලාංකිකයෝ 28 දෙනෙක් පසුගිය දා (13 සැප්.) යළි මෙරටට පැමිණියහ. සරණාගතයින් ලෙස ඉන්දියාවට පළා ගොස් සිටි පවුල් 9කට අයත් 28 දෙනෙක් මෙලෙස පැමිණ ඇතැයි වාර්තා වේ. එක්සත් ජාතින්ගේ සරණාගතයින් පිළීබඳ මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ මෙලෙසින් පැමිණි පිරිස සමග මෙම වසර තුළ පුද්ගලයින් 1446 දෙනෙකු ඉන්දියාවේ සිට මෙරටට …
Continue Reading
ලෝක උරුමයක් වූ සිංහරාජ වනාන්තරය සම්බන්ධයෙන් යුනෙස්කෝවේ අවධානය යොමුවේ
සිංහරාජ වනාන්තරය දෙබෑ කරමින් මාර්ගයක් කැපීමට කටයුතු යෙදීම සම්බන්ධයෙන් වහා වාර්තාවක් ලබා දෙන ලෙස යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත. ලෝක උරුමයක්වූ සිංහ රාජ නිවර්තන වැසි වනාන්තරයට හානි වන අයුරින් මාර්ගයක් කැපීම පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා දෙන්නැයි ඉල්ලා එම මධ්‍යස්ථානය පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පසුගිය දා (12 සැප්.) ලිපියක් ලබාදී ඇති අතර, තානාපති කාර්යාලය විසින් එය …
Continue Reading
ඇන්ගෝලාවේ ගුවන් අනතුරෙන් 30 දෙනෙකු ජීවිතක්ෂයට
-
RSL
-
September 15, 2011
-
විදේශීය
-
ඇන්ගෝලාව
-
0 Comments
ඊයේ (14 සැප්.) ඇන්ගෝලාවේ ගුවන් හමුදා යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෝ 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර තවත් හය දෙනෙකු දිවි ගලවා ගෙන ඇති අතර ප්‍රධාන ගුවන් නියමුවා සහ සහයක නියමුවා ද ඊට අයත් වෙති. ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත්වුවන්ගෙන් තිදෙනෙකු හමුදා ජෙනරල්වරුන් වේ. අප්‍රිකානු මහද්වීපයේ විශාලතම හමුදා සහ ගුවන් හමුදා බල ඇණි සතු රාජ්‍යයක් ලෙස ඇන්ගෝලාව සැලකේ. …
Continue Reading