වැටුප් රුපියල් දසදහසකින් වැඩි කළ යුතුයි – ජයලත් ජයවර්ධන

ඊයේ (14 සැප්.) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතික සේවක සංගමයේ සභාපති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙවර අයවැයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක වැටුප රුපියල් දසදහසකින් වැඩි කළ යුතු බවයි. එමෙන්ම තව දුරටත් ඔහු පෙන්වා දුන්නේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජනාධිපතිවරය විසින් රාජ්‍ය සේවකයන්ට ලබා දීමට පොරොන්දු වූ රු. 2,500 ක වැටුප් වරධනය පවා ලබා දීමට රජය …

Continue Reading

උතුරේ ජන ජීවිතය නන්වීම තුළින් මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ප්‍රගතියක් පෙන්නුම් කෙරේ – බ්ලේක්

තෙදින නිළ සංචාරය අවසන් කරමින් පැවති මාධ්‍ය හමුවේදී ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් මහතා අවධාරණය කර සිටියේ, විද්වත් කමිටු වාර්තාවේ සඳහන් චෝදනා සම්බන්ධයෙන් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම කටයුතු කරනු ඇති බවට තමා විශ්වාසය පළ කරන බවයි. තවදුරටත් ඔහු පෙන්වා දෙන්නේ ග්‍රීස් යකුන් හේතුවෙන් පැන නැගී ඇති අනාරක්ෂිත තත්ත්වය පිළිබඳ යාපනයේ බොහෝ දෙනා තමන් සමග අදහස් දැක් වූ බවයි එමෙන්ම …

Continue Reading

ඇමෙරිකාවේ උද්ධමනය නැවත ඉහළට

2009 දී 14.3% වූ ඇමෙරිකාවේ දරිද්‍රතාවය 2010 වන විට 15.1% දක්වා තවදුරටත් ඉහළගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. 2010 ප‍්‍රතිශතය 1983 න් පසුව වාර්තා වූ ඉහළම දරිද්‍රතා ප‍්‍රතිශතය ලෙසද සැලකේ. එමෙන්ම පසුගිය සිවු වසර පුරාවටම ඇමෙරිකාවේ දරිද්‍රතාවය ඉහළගොස් තිබේ. පසුගිය වසර වන විට ඇමෙරිකාවේ දරිද්‍රතාවය මිලියන 46.2ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සමස්ථ ජනතාව හා සැසඳීමේ දී පුද්ගලයන් සය …

Continue Reading

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයකට සූදානම් වේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර මහතා පවසන්නේ මාලබේ පිහිටි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නීත්‍යනුකූලභාවය ලබා දීමට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පියවර ගත හොත් එදින සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට සංගමයේ මධ්‍යමකාරක සභාව ඒකමතිකව තීරණය කර ඇති බවයි. ඔහු චෝදනා කරන්නේ නිසි සුදුසුකම් හා පහසුකම් නොමැති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ව්‍යාජ ආයතනයක් බවත් ඊට නීත්‍යනුකූලභාවය ලබාදීම නීතිවිරෝධී …

Continue Reading

යුරෝපයේ ශ්‍රී ලාංකීකයෝ ජිනීවාහි උද්ඝෝෂණයක

යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් චැනල් ෆෝ වීඩියෝපටය සහ දරුස්මාන් වාර්තාවට එරෙහිව ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඉදිරිපිට ඊයේ (13 සැප්.) උද්ඝෝෂණයක නිරත විය. මේ සඳහා ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් කිහිපදෙනෙකුද එක්‌ව සිටි බව වාර්තාවේ. යුරෝපීය ශ්‍රී ලාංකීය එකමුතුව විසින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කර තිබුණු අතර මේ සදහා ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපීය රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් …

Continue Reading

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ උපදේශන කමිටු වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට

ශ‍්‍රී ලංකාවේ යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ උපදේශන කමිටු වාර්තාව එ.ජා. සංවිධානය විසින් මානව හිමිකම් කවුන්සිලයට යොමු කර ඇති බව වාර්තා වේ. මෙහිදී නිවේදනයක් නිකුත් කරමින් ජගත් සංවිධානයේ ප‍්‍රකාශකයෙකු වන නෙසර්කි මහතා පවසා ඇත්තේ, මහ ලේකම්වරයා එම වාර්තාව මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරයා වෙත හා එහි මහ කොමසාරිස්වරිය වෙත පසුගිය දින (12 …

Continue Reading

සිගරට් කොටයක් නිසා හටගත් ගින්නෙන් පුද්ගලයන් 100 කට වැඩි ගණනක් මරුට

පසුගිය දා (12  සැප්. ) කෙන්යා මාධ්‍ය වාර්තා කළේ, සිගරට් කොටයක් කසල කාණුවකට දැමීමෙන් පෙට්‍රල් නළ පද්ධතියක් සමග මුසුවීමෙන් හටගත් ගින්නක් හේතුවෙන් කෙන්යාවේ නියිරෝබි අගනුවර පිහිටි පැලපත් නිවාස පෙළක පුද්ගලයෝ 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති බවයි. ගින්නෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට බලධාරීන් බිය පළකරන අතර ඇතැම් වාර්තා සඳහන් කරන්නේ ජීවිතක්ෂයට පතු වූ ගණන 150 ක් පමණ …

Continue Reading

ප්‍රභාකරන්වත් මෙච්චර හානියක් රටට කරලා – ජෙනරාල් සරත් ෆොන්සේකා

හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට යුද අධිකරණය මාස 30ක සිරදඩුවමක් නියම කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම පසුගිය දා (12 සැප්.) සලකා බැලිණ. යුද අධිකරණය හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සිර දඬුවම් නියම කරනු ලැබුවේ, ධනුන තිලකරත්න ඔහුගේ බෑනණුවන් බව හෙළි නොකිරීමේ චෝදනාවට බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අද අභියාචනාධිකරණයේදී පැවසීය. එලෙස නෑකම හෙළි නොකිරීම වරදක්දැයි , නීතිඥවරයා එහිදී අධිකරණයෙන් විමසා …

Continue Reading

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් උතුරේ ප්‍රශ්න කෙරෙහි දැඩි අවධානය

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් ඊයේ (13 සැප්.) උතුරේ සංචාරයක නිරත විය. යාපනයට පැමිණි රොබට් බ්ලේක් යාපනය අතිරේක දිස්ත්‍රික් ලෙක්ම් රූබිනී වර්ධලිංගම් මහත්මිය ඇතුළු නිලධාරීන් සමග සාකච්ඡාවකට සහභාගි වුණේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීය. උතුරේ නැවත පදිංචි කිරිමේ කටයුතු අවසන් කිරිම ප්‍රමාද වී ඇත්තේ කුමක් නිසාදැයි රොබට් ‍බ්ලේක් විමසු බව යාපනය අතිරේක …

Continue Reading

රජයේ පුරප්පාඩු 29,000 ක්

මුදල් කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුවට සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ඉදිරිපත් කරන ලද 2011 වර්ෂය සඳහා වන නිර්දේශයන්හි සඳහන් ආකාරයට සියලුම පළාත් සභාවල මේ වන විට රැකියා පුරප්පාඩු 29000 කට ආසන්න ප්‍රමාණයක් පවතින බව වාර්තා වේ. බස්‌නාහිර පළාත් සභාවේ පුරප්පාඩු 4782 ක්‌, මධ්‍යම පළාත් සභාවේ පුරප්පාඩු 655 ක්‌, දකුණු පළාතේ පුරප්පාඩු 2169 ක්‌, උතුරු පළාතේ පුරප්පාඩු 4116 ක්‌, වයඹ …

Continue Reading