ප්‍රවීණ ගත්කරු කේ. ජයතිලක මහතාගේ අවසන් කටයුතු හෙට

Spread the love

අභවප්‍රාප්ත ප්‍රවීණ ගත්කතුවරයකු, විචාරකයකු මෙන් ම චින්තකයකු වූ කේ. ජයතිලක (85) මහතාගේ අවසන කටයුතු හෙට (18 සැප්.) සවස 02.00 ට ඒ මහතාගේ ගම්පහ කිරිඳිවල කන්නිමහර නිවසේ පවුලේ සුසාන භූමියේදී සිදු කරන බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ගම්පහ කන්නිමහරදී 1926 ජූනි මස 27 වැනිදා උපත ලැබූ ඔහු සිය පළමු නිර්මාණය ලෙස වියෝදසුන නම් කාව්‍ය සංග්‍රහය 1943 දී පළ කළේය.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන හතකින් පිදුම් ලද ජයතිලක සූරීන්ගේ භාෂා සාහිත්‍ය සේවාව අගයමින් සාහිත්‍ය රත්න රාජ්‍ය සම්මානයද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මඟින් සාහිත්‍ය සූරී සම්මාන උපාධිය ද පිරිනැමීය. පරාජිතයෝ, චරිතතුනක්, පුංචිරාල, පුංචිරාලගේ මරණය, රාජපක්ෂ වලව්ව, පිතා මහ, පියා සහපුත්තු, අප්‍රසන්න කතාව, අධිෂ්ඨානය, කාලෝ අයන්තේ, මායා මාලිගය, මනඃකල්පිතවාර්තාවක් හෙවත් අර්ධ නවකතාවක්, මහල්ලකුගේ ප්‍රේම කතාවක්, එකගයි අවුරුද්ද, වජිර පබ්බත වැනි කෘති ඔහුගේ නිර්මාණ වේ.

Song for K. Jayatilleke

 පද රචනය - කුමාර අලගියවන්න
 සංගීතය - නවරත්න ගමගේ
 ගායනය - රවී සහ නදීෂා

RSL

Related Posts