ශ්‍රී ලංකාව ලකුණු 112ක් ඉදිරියෙන්

Spread the love

තුන්වන හා අවසාන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (18) තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 6කට ලකුණු 428ක් වාර්තා කරමින් ඔස්ට්‍රේලියාවට වඩා ලකුණු 112ක් ඉදිරියෙන් සිටියේ ය.
ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට වාර්තා කළේ ලකුණු 316කි.
මේ ඉනිමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු අතරට ඒම කැපී පෙනෙන ලක්ෂණයක් විණි. තම සිය වැනි ටෙස්ට් තරගයට සහභාගී වන කුමාර් සංගක්කාරට ශතකය අහිමිවීමෙන් තවත් වාර්තාවක් තබන්නට තිබූ අවස්ථාව අහිමි විය. ඔහු ලබා ගත්තේ ලකුණු 79කි. ශතකය වාර්තා කළා නම් ඔහු සියවැනි ටෙස්ට් තරගයේ ශතක වාර්තා කළ ලොව 7වන ක්‍රිකට් ක්‍රීඩකයා වීමට ඉඩතිබිණි.
කෙසේ වෙතත් නායක ඩිල්ශාන් ලකුණු අතරට පැමිණෙමින් 83ක් රැස් කළ අතර මහේල ජයවර්ධන 51ක් ද ප්‍රසන්න ජයවර්ධන 47ක් ද වාර්තා කළහ. නොදැවී පන්දුවට පහර දෙන ඇන්ජලෝ මැතිව්ස් 85ක් ද ශමින්ද එරංග ලකුණු 5ක් ද ලබා සිටිති.
ට්‍රෙන්ට් කෝප්ලෑන්ඩ් සහ පීටර් සිඩ්ල් කඩුලු 2ක බැගින් ද මිෂෙල් ජොන්සන් සහ ෂේන් වොට්සන් එක් කඩුල්ල බැගින් ද බිඳදමා තිබේ.
හෙට තරගයේ සිවුවන දිනයයි. තරගය කොළඹ, සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාපිටියේ පැවැත්වේ.

RSL

Related Posts