අධිවේගී මාර්ගයේ බස් රථ යෙදවීමට සති 2ක් පමාවේවි – ලංගම

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනයේ යෙදවීමට බලාපොරොත්තුවන අධි සුඛෝපභෝගී බස්රථවල සේවය සඳහා තෝරාගෙන තිබෙන සේවකයන්ට මේ දිනවල විශේෂ පුහුණුවක් ලබා දෙන බැවින් මඟී ප‍්‍රවාහනය සඳහා ‘ලංගම’ බස් රථ යෙදවීම තවත් සති දෙකකින් පමා වන බව ශ‍්‍රී ලංගමය සභාපති එම්.සී. බන්දුසේන මහතා පවසයි. මෙම පුහුණුව ලංගම ප‍්‍රධාන අභ්‍යාස විද්‍යාලයේදී මේ දිනවල ලබා දෙන අතර ඉන් අනතුරුව අධිවේගී මාර්ගවල පවතින විශේෂ මාර්ග හා …

Continue Reading

ඊයේ විවාදයට ලක් වූ රනිල්ගේ ප්‍රකාශයට අවසර

පාර්ලිමේන්තුව තුළ ඊයේ(29) විවාදයට ලක් වු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය සංශෝධන සහිතව ඉදිරිපත් කළ හැකි බව නියෝජ්‍ය කථානායකවරයා අද දැනුම් දුන්නේය. නියෝජ්‍ය කථානායකවරයා කියා සිටියේ හෙට දිනයේ ඒ සඳහා අවස්ථාව ලබාදිය හැකි බවයි. එම ප්‍රකාශයේ ඇතුළත්ව තිබු ඇතැම් වගන්ති සංශෝධනය කර පාර්ලිමේන්තු සම්ප්‍රදායානුකූලව එය  යළි සකස් කර ඇති බවද නියෝජ්‍ය කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය.

Continue Reading

පක්ෂ නම භාවිත කරන වැඩ ගැන සොයන්න විනය කමිටුවක් – ජවිපෙ

ජනතා විමුක්ති පෙරමුණේ ලිඛිත අවසරයකින් තොරව පක්‌ෂයේ නම භාවිත කරමින් සිදු කරන විවිධ ක්‍රියාවන් පිළිබඳ සොයා බලා නිර්දේශ කිරීමට පක්‌ෂය විසින් විනය කමිටුවක්‌ පත්කළ බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඊයේ (29) පැවැති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින්, මතුවී ඇති දේශපාලන තත්වය පදනම් කරගනිමින් ප්‍රධාන තීරණ 03ක් ගෙන තිබේ. ජවිපෙ මධ්‍යම කාරක සභිකයින් එහි නායකත්වය සහ …

Continue Reading

මෙවර අයවැයේ අපේක්ෂාව අභිමානවත්, සැපවත් රටක් ගොඩනැංවීමයි – අගමැති

මෙවර අයවැයේ බලාපොරොත්තුව අභිමානවත් හා සැපවත් රටක් ගොඩනැඟීම බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි. සංවර්ධනය හා සුබසාධනය ඉලක්ක කරගත් ශ්‍රේෂ්ඨ අයවැයක් මෙවර ඉදිරිපත් කිරීමට පුළුවන් වු බව ඊයේ (29) පාර්ලිමේන්තුවේ පැවැති අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය. “ඇතැම් අය රටේ ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යන්න උත්සහ කරනවා. අපේ ප්‍රශ්න අපිම විසඳාගත යුතුයි. අපි අභිමානවත් ජාතියක්.“ “සංවර්ධනය මැනීමට භාවිත කරන …

Continue Reading

ජනප්‍රියම ක්‍රීඩකයා සහ දක්ෂතම ටෙස්ට් පිතිකරු – සංගා

2010 – 2011 වසර සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය කොළඹදි ඊයේ(29) පැවැත්විය. ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා සහ 2010 වසරේ ටෙස්ට් පිටියේ දක්ෂතම පිතිකරුවා යන සම්මාන හිමිවුණේ කුමාර් සංගක්කාරටයි. 2010 – 2011 වසරවල හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා සහ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා යන සම්මාන දිනා ගැනීමට නායක ටී.එම්.ඩිල්ෂාන් සමත්විය. 2010 වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ හොඳම පන්දු යවන්නා වූයේ අජන්ත මෙන්ඩිස්ය. 2010 …

Continue Reading

සරත් ෆොන්සේකාට නිදහස පතා මහා ජනගඟක්

හිටපු යුද  හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කිරිමට රජයට බල කිරිම ඇතුළු අරමුණු කිහිපයක් මුල් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කල විරෝධතා පාගමනට සහ හයිඩ් පිටියේ පැවති ජනරැලියට අද (29) පස්වරුවේ දහස් ගණනක ජනතාවක් සහභාගිවී සිටියහ. එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, විහාර මහාදේවී උද්‍යානය අසලින් පාගමන ඇරඹිණි. බන්ධනාගාරගතව සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා …

Continue Reading

ෆොන්සේකා ගැන කතා කරන්න ගිය රනිල්ට වාරණයක්

සරත් ෆොන්සේකා මහතාගේ මානව හිමිකම් කඩවීම් පිළිබදව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ විශේෂ ප්‍රකාශයක් කිරීමට අද (29) උත්සාහ කළ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂය ඊට දැඩි ලෙස විරෝධය දැක්වීය. එම ප‍්‍රශ්නය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන් දැක්වූ විරෝධතා හමුවේ සභාව තුළ උණුසුම්කාරී තත්වයක් මතුවිය. එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා යන ඇමැතිවරු විරෝධය …

Continue Reading

අරපිරිමැස්ම නැතිකමින් දිනකට රුපියල් මිලියන 15ක විදුලියක් අපතේ

අරපිරිමැස්මෙන් විදුලිය භාවිත නොකිරීමෙන් දිනකට රුපියල් මිලියන 15 ක විදුලිය ධාරිතාවක් අපතේ යන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසයි. එහි බලශක්ති කළමනාකරණ අධ්‍යක්ෂ එම්.එම්.ආර්.පද්මසිරි මහතා පැවසුවේ ගෘහස්ථ විදුලි පරිහරණයේදී මෙම තත්ත්වය දැකිය හැකි බවය. අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කිරීමෙන් සෑම නිවසකම විදුලි බිල අඩුකර ගත හැකි බව ඔහු පෙන්වා දෙයි. එම්.එම්.ආර්.පද්මසිරි පවසන්නේ ඒ සඳහා දැනුවත්භාවය අත්‍යාවශ්‍ය වන බවය.  

Continue Reading

“ජෙනරාල් නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරය” අද විරෝධතාවයට එක්වෙයි

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් පිහිටුවා ඇති  “ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ජනතා ව්‍යාපාරය” අද හයිඩ් පිටියේ පැවැත්වෙන විරෝධතාවයට සහය පළ කරන බව මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දී තිබේ. මෙම සංවිධානයේ කැඳවුම්කරු කුමාර අලගියවන්න මහතා විසින් අද දින නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ සඳහන් වේ. ‘ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරය’ අද හයිඞ් …

Continue Reading

නියෝජ්‍ය ඇමති සරණට පාර්ලිමේන්තු සභාවාර සතියකට අත්හිටුවයි

ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා‍ පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගී වීම සතියක කාලයකට අත්හිටුවා තිබේ. ඒ බව අද පෙරවරුවේ කථානායක චමල් රාජපක්ෂ මහතා පර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබිණ. පසුගිය 21 වෙනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඇති වු නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් කළ නිරීක්ෂණවලින් අනතුරුව එම අත්හිටුවීම සිදු කර තිබේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කිරීම අදාළ නොසන්සුන් …

Continue Reading