ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හිඟ වැටුප් 15ට පෙර දෙනවා – ක්‍රීඩා ඇමති

ලබන 15 වනදාට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලබාදිය යුතු හිඟවැටුප් ලබාදෙන බව ක්‍රීඩා අමාත්‍යවරයා අද (01) පැවසීය. එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පා.ම රවී කරුණානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු ඩොලර් මිලියන 4.5 ක මුදල ඉදිරියේදී ලැබීමට නියමිත බවයි. පසුගියදා වාර්තාවී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග …

Continue Reading

සංශෝධන සහිතව ප්‍රකාශය කරන්නේ නෑ – රනිල්

තම විශේෂ ප‍්‍රකාශය පාර්ලිමේන්තු මහලේකම් විසින් කපාකොටන ලදැයි චෝදනා කරමින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එම ප‍්‍රකාශය අද (01)  නොකළේය. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට ශ්‍රී ලංකාව අත්සන් තබා තිබීමත්, සරත් ෆොන්සේකා මහතාට ලබා දී ඇති අධිකරණ තීන්දුවටත් අදාලව විශේෂ ප්‍රකාශයක් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා විසින් 29 වන දින සූදානම් වුවද ඊට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විරෝධය පෑම නිසා පාර්ලිමේන්තු …

Continue Reading

ලංගම බස් රථ ප්‍රමාණය වැඩි කලොත් ධාවනයෙන් ඉවත්වෙනවා – ගැමුණු විජේරත්න

රටේ බස් රථ අතිරික්තයක් තිබියදී ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම ලංගම බස්රථ ප්‍රමාණය ඉහල දැමීමට අවසර ඉල්ලා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට අවසර ලබා දුනහොත් තම සංගමය ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. මේ වන විට රටේ පොදු ප‍්‍රවාහනය සඳහා පෞද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශය විසින් ඒකාබද්ධ කාලසටහනක් සකස් කරමින් පවතින බවත් එවැනි මොහොතක වෙල්ගම …

Continue Reading

ලෝක ඒඩ්ස් නිවාරණ දිනය අද

අද ලෝක ඒඩ්ස් නිවාරණ දිනයයි. ලෝක සෞඛ්‍යය අමාත්‍යවරුන් 1988 දී පැවති සමුළුවකදී ලෝක ඒඩ්ස් නිවාරණ දිනය සැමරීමට තීරණය කල අතර මේ වන විට ලෝකයේ සෑම රටකම ලෝක ඒඩ්ස් නිවාරණ දිනයට සමගාමීව විවිධ වැඩසටහන් සංවිධානය කරයි. 2010 වසර අවසාන වන විට ලෝකයේ ඒඩ්ස් රෝගය වැළඳී ඇති පුද්ගලයින් සංඛ්‍යාව තුන්කෝටි තිස්හතර ලක්ෂය(3,34,00,000) ඉක්මවා තිබූ අතර මේ වන විට ඒඩ්ස් රෝගය වැළඳීමෙන් මියගොස් …

Continue Reading

අයවැය ජනතා අපේක්ෂා සියල්ල බිඳ දැම්මා – ගයන්ත කරුණාතිලක

එක්සත් ජාතික පක්ෂය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුනු අතර, එහිදී අදහස් දක්වමින් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවසීය. “මැති ඇමතිවරු කිව්වා ඉතිහාසයේ වැඩිම රත්තරන් සංචිතය දැන් ආණ්ඩුවට තිබෙනවා කියලා. ඉතිහාසයේ වැඩිම විදේශ සංචිත ටික දැන් ආණ්ඩුවට තිබෙනවා කිව්වා, උද්ධමන වේගය අඩු වෙලා කියුවා. ආර්ථික වර්ධනය වැඩිවේගන යනවා කියලා කිව්වා. ආසියාවේ ශක්තිමත්ම කොටස් වෙළඳපොල මහින්ද චින්තනයේ නිවැරදි මූල්‍ය …

Continue Reading

ආරක්ෂාවට කරන වියදම් සියල්ල ආයෝජනයක් – බැසිල් රාජපක්ෂ

ආරක්ෂාවට යන වියදම් සියල්ල ආයෝජනයක් ලෙස සලකන බවත් ආරක්ෂක වියදම් කපන්න කියන්නේ ත්‍රස්තවාදීන්ට උදව් කරන අය මිස වෙන කෙනෙකුට එසේ කිව නොහැකි බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. මේ රටට සංචාරකයින් පැමිණීමට ප්‍රධානතම හේතුව මේ රටේ ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව, දේපොළවල ආරක්ෂාව, පමණක් නොව සංචාරකයින්ට ලබාදුන් ආරක්ෂාවයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(30) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවනවර කියැවීමේ …

Continue Reading

එජාපයේ විරෝධතාවට සහභාගීවූවන්ට ගෞරවය පුද කරනවා – සරත් ෆොන්සේකා

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ විරෝධතාවට තමාගේ ප්‍රශංසාව හිමි වන බව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පැවසූවේය. ඊට සහභාගී වූ සියල්ලන්ටම තමාගේ ගෞරවය හා ප්‍රණාමය හිමිවන බවද ඒ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ හයිකෝප් නඩු විභාගය අවසන්වීමෙන් පසු අධිකරණ භූමියෙන් පිටව යද්දී මාධ්‍යය අමතමිනි. එමෙන්ම ඒ මහතා  පැවසූයේ මට ආණ්ඩුවෙන් දීපු පර්චස් 35 ත් පොලීසිය යොදවා බලෙන් …

Continue Reading

අයවැය සම්මත වෙද්දි ග්‍රේරු ආණ්ඩු පක්ෂයේ අසුන් ගනී

2012 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 91 කින් සභා සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව  ඡන්ද 60ක් ලැබුණි. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ විශේෂත්වය වූයේ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරෝ ආණ්ඩුව සමඟ එක්ව අයවැයට පක්ෂව ඡන්දය භාවිත කිරිමය. අයවැයේ දැක්ම යහපත් බැවින් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට යම් සේවයක් කිරීමට ඉඩ ප්‍රස්ථාව …

Continue Reading

සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාවට පොලීසියෙන් අධිපීඩක ජල ප්‍රහාර

සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කල විරෝධතා පාගමනකට අද (30) පස්වරුවේ පොලීසිය විසින් කඳුළු ගෑස් හා අධි පීඩක ජල ප්‍රහාර එල්ලකලේය. සමාජවාදී තරුණ සංගමය මෙම විරෝධතාවය සංවිධානයකොට තිබුණේ 2012 වසර වෙනුවෙන් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අයවැයට විරෝධයපාමිනි. කෙසේ වෙතත් පොලීසිය පැවසූයේ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙලෙස අධි පීඩක ජලප්‍රහාර එල්ල කිරීමට සිදුවූ බවයි. පොලීසිය විසින් එල්ල කරන ලද බැටන් පොලු …

Continue Reading

ඉරානයට බ්‍රිතාන්‍යයෙන් අනතුරු ඇඟවීම්

ඉරානයට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් අනතුරු අඟවා තිබේ. ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ, ටෙහෙරාන් අගනුවර සිය තනාපති කාර්යාලයට උද්ඝෝෂකයින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි. උද්ඝෝෂකයින් එම විරෝධතාව සංවිධානය කරනු ලැබ තිබුණේ, බ්‍රිතාන්‍ය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළට එරෙහිව සැලසුම් කර ඇති සම්බාධකයන්ට විරෝධය පළ කරමිනි. ටෙහෙරාන් අගනුවර බ්‍රිතාන්‍ය තනාපති කාර්යාලය අද දිනයේ වසා …

Continue Reading