කිරි කන්නේ බලාගෙනයි – ඔබේ අවධානය පිණිසයි!

මේ කිරි හට්ටිය මම අද (11) දා උදේ පාන්දර මිල දී ගත්තේ ගාල්ල නගරයෙන් කිලෝ මීටර හතක් පමණ ඈත ගමක දී. පුදුමය කියන්නේ මේ කිරි හට්ටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ පොළොන්නරුවේ. පොළොන්නරුවේ දී කිරි දොවා මුදවන්න අඩුම ගණනේ දවසක් හෝ දෙකක් ගත වනවා. නමුත් මෙහි නිෂ්පාදන දිනය සටහන් කරලා තියෙන්නේ අද (11) දා පොළොන්නරුවේ ඉදලා මුදවපු කිරි හට්ටියක් ගාල්ලෙනුත් ඇතුලේ ගමකට …

Continue Reading

ජනපති මෛත්‍රී අනතුරක් අභියස!

මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් තිබෙන බව කරුණු කාරණා සලකා බැලීමේ දී පැහැදිලිව පෙනී යන්නකි. පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය විසින් පසුගිය දා එම කරුණ මතු කර තිබුණි. හිටපු ජනධිපතිවරුන්ට සහ ජනාධිපතිනියට සාපේක්ෂව වත්මන් ජනාධිපතිවරයා බොරු සෝබන කටයුතුවලින් ඈත්ව සිටියද ස්වකීය ආරක්ෂාව ගැන සැලකිලිමත්වීම බොරු සෝබන කටයුත්තක් නොවේ. ලක්ෂ ගණනක ජනතා කැමැත්තෙන් පත් වූ ජනපතිවරයෙක් යනු තමන්ගේ ජීවිතය …

Continue Reading

මන්ත්‍රීවරුන්ට ආචාරධර්ම!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙන්නට යන බව සැලයි. ඇත්ත වශයෙන් ම කියනවා නම්, එය අත්‍යාවශ්‍ය කටයුත්තක් බවට පත්ව තිබුණේ බොහෝ කලෙක සිට ය. 1970ට පමණ එපිට යුගයේ නම් පාර්ලිමේන්තුවට පත් ව ගියේ අමුතුවෙන් ආචාර ධර්ම උගන්වා හැදිය යුතු පිරිසක් නොවේ. එහෙත් 1970 දශකයෙන් පසුව වාගේ මහජන නියෝජිතයන් ලෙස පත් සාතිශය බහුතරය වූයේ බල්ලො මරා හෝ සල්ලි ටිකක් උපයා …

Continue Reading

එහෙ හිටපු ජනපති සහ මෙහෙ හිටපු ජනපති!

මියැන්මාරයේ හිටපු ජනාධිපතිවරයා තාවකාලික පැවිද්ද ලබා ගෙන ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. හමුදා පාලනයක් මෙහෙයවූ Thein Sein නම් හිටපු ජනරාල් මෙන් ම ජනපතිවරයා මෙසේ තාවකාලික පැවිද්ද ලබාගෙන ඇත්තේ දින 4කට වුවත් එහි ඇති වටිනාකම අඩුවෙන් තක්සේරු කළ යුතු නොවෙයි. මෙම කරුණ, මෙරට සන්දර්භයට අනුව සලකා බැලුවහොත් එය පුදුමයක් සේ දැනෙයි. අපේ හිටපු ජනපතිවරයා යනු, ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු …

Continue Reading

කරුංකා නිදහස් කළේ රවිගේ බලපෑමට ද?

කෘෂිකර්ම අමාත්‍යංශයේ අනුමැතියකින් තොර ව මෙරටට ගෙන්වූ කරුංකා පුවක් කන්ටේනර් විශාල ප්‍රමාණයක් ඉතා සුළු දඩ මුදලක් ගෙවා හොර රහසේ නිදහස් කර යවා ඇතැයි රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. මේ පිටුපස රේගුවට අයත් බලවත් දේශපාලන හස්තයක් ඇති බව දැනගන්නට ඇත. රවි කරුණානායක ඇමැතිවරයාගේ ක්‍රියාමාර්ග හේතුවෙන් රටට බලවත් පාඩු සිදුවෙන බව රේගු නිලධාරින් පසුගිය සමයේ ඍජුව ම චෝදනා කළෝ ය. බදු …

Continue Reading

අර්ජුන, ඔය තාලය හරියන්නේ නැත!

වරායේ සේවකයන් කිහිපදෙනෙක් උපවාසයක් අරඹා ඇත. තම අවුරුදු දීමනාව කප්පාදු කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන එම උපවාසය කරන පිරිස අර්ජුන රණතුංග ඇමැතිවරයාට සහ ඔහුගේ සොයුරු ධම්මික රණතුංගට වරාය විනාශ කරනවා යැ යි චෝදනා කරති. පැවැති දුර්දාන්ත පාලනය ජනතාව විසින් පෙරළා දමනු ලැබුවේ, එහි පැවැති ගෝත්‍රික අශිෂ්ට සහ අත්තනෝමතික ක්‍රියාවලියත් බරපතල ඥාති සංග්‍රහය නිසාත් බව අමතක නොකළ යුතු ය. …

Continue Reading

බ්ලූ මවුන්ටන් ආසියාවේ නැගී එන වෙළඳ සන්නාමය ලෙස කිරුළු පළඳී

මෑතකදී 2016 වසර සඳහා බැංකොක්හිදී පවත්වනු ලැබූ තෙවන ආසියානු වෙළඳ සන්නාම සහ නායකත්ව සම්මාන උළෙලේදී දේපළ වෙළඳාම් අංශය වෙනුවෙන් ආසියාවේ නැගී එන වෙළඳ සන්නාමය සඳහා පිරිනැමෙන ගෞරවාන්විත සම්මානයෙන් පිදුම් ලැබීමට බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරය වරම් ලැබීය. මෙම සම්මානය පිළිබඳ අදහස් දක්වමින් බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතා පැවසූයේ විශ්වසනීය, වෘත්තීමය සහ තත්වයෙන් වඩා උසස් වෙළඳ නාමයක් ලෙස …

Continue Reading

මහින්ද! මෛත්‍රීගෙන් මෛත්‍රිය ඉගෙන ගන්න!!

ආරක්‍ෂාවට යොදා සිටින යුද හමුදා සෙබළුන් ඉවත් කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්හිටුවා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පවසයි. ආරක්ෂාවට සිටි හමුදා සෙබළුන් 103ක පිරිස ඉවත් කර පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළු අනුයුක්ත කරන බව පෙරේදා (7) ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි නිල වශයෙන් දැනුම් දුන්නේ ය. කෙසේ වෙතත් හිටපු ජනපති පවසන අයුරින් ජනපතිවරයා මේ …

Continue Reading

කැලෑ මලේ කතන්දරේ…..!

ගම සහ නගරය අතර වෙනස අධිනිශ්චය වී තිබු කාලයක් මෙරට තිබිණි. සාමාන්‍යයෙන් ගැනුනේ, නගරය සංකර බව නියෝජනය කරන්නක් සහ ගම නිර්මලත්වය නියෝජනය කරන්නක් ලෙසිනි. තාක්ෂණ ධනවාදයේ විවිධ පිමි සමගින් ගම සහ නගරය අතර වෙනස ඉතා ඉක්මනින් වියැකී ගිය අතර, තවදුරටත් දැන් එවැනි වෙනසක් ගැන කියැවෙන්නේ අතීතකාමී සාහිත්‍ය නිර්මාණයක දෙකක පමණි. එය එසේ වුවත්, ගම සහ නගරය අතර වෙනස තීව්‍ර ව …

Continue Reading

තෙවරප්පෙරුමගේ ඇමැතිකම සහ රටේ හිනාව!

පසුගිය දා ජනපතිවරයා විසින් තවත් ඇමැතිධුර 3ක් පිරිනැමුවේ ය. ඉන් දෙකක්, තම පක්ෂ අර්බුදය විසඳාගැනීම වෙනුවෙන් සහ අනෙක අගමැතිවරයාගේ මනදොළ පුරවාලීම වෙනුවෙන් බව සිතිය හැකි ය. මනුෂ නානායක්කාර යනු රාජපක්ෂ පාලනයේ ප්‍රකට හිතවතෙකි, සුරතලෙකි. ලක්ෂමන් සෙනෙවිරත්න යනු ද මෙරට දේශපාලනයේ අන්තිම පාරාජිකා චරිතයකි. ඇමැතිධුර අඩු කිරීම වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරය කරමින් ජයගත් ජනපතිවරයා මෙලෙස තව තවත් ඇමැතිධුර අල්ලස් ලෙස ලබා දීම …

Continue Reading