මැතිවරණ කරලියේදී උණුසුම් වන එජාපයේ නායකත්ව අර්බුදය..
එක්සත් ජාතික පක්ෂය යනු අවිවාදිතවම ලංකාවේ දැවැන්තම පක්ෂයයි.එකී පක්ෂයේ වර්තමාන නායකයා මෙන්ම රටේ අග්‍රාමාත්‍යවරයාද වන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි.මෑත කාලීන එක්සත් ජාතික පක්ෂ ඉතිහාසය මැන බලන විට එක් පොදු සාධනීය ලක්ෂණයක් පක්ෂය තුල ඉස්මතුවී පෙණෙනු දක්නට ඇත.එනම් පක්ෂය තුල ඇති දැවෙන අර්බුදය වූ නායකත්වය සම්භන්ධයෙන් උඩුදුවන ගිණිජාලාවයි.මෙය අලු යට ඇති ගිණි පරිද්දෙන් හදිසියේම මතුවන්නේ පූර්ව මැතිවරණ සමය ඉලක්ක කරගෙන වීම විශේෂත්වයකි. …
Continue Reading
GSP+ සහනයෙන් අපනයන ආදායමේ 4.5%ක වර්ධනයක්
යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ජී. එස්. පී. ප්ලස් සහනය නිසා මේ වසරේ ජූලි මාසය වනවිට අඛණ්ඩව වර්ධනයවී අපනයන ආදායම ධනාත්මක වර්ධනයක් සිදුව එය සියයට 4ත් 4.5ත් දක්වා වැඩිවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේය. කොළඹ කොටුව මහ බැංකු මූලස්ථානයේ ඊයේ (26) දහවල් පැවැති මුදල් ප්‍රතිපත්ති විවරණය කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අධිපතිවරයා ඒ …
Continue Reading
ශ්‍රී ලංකාවේ සිටි මියන්මාර් සරණාගතයින්ගේ සත්‍ය කථාව කරළියට
මෑත ලංකා ඉතිහාසයේ කිසිදු විදේශිකයෙකුට ලංකාවේ ස්ථිර පුරවැසි බව ලැබී නැත. දෙන්නට නීතියක් ද නැත. මහ මුහුද මැද බෝට්ටුවක අතරමං වී සිටි මියන්මාර් වැසියන් 30 දෙනෙකු ලංකාවේ නාවික හමුදාව විසින් බේරාගෙන ගොඩබිමට ගෙන එනු ලැබීය. ඔවුන් උතුරුකරයේ කාලයක් රැදී සිට පසුව කොළඹට ගෙන එනු ලැබූවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙනි. ලංකාවට බුරුමයෙන් මුලින්ම සරණාගතයින් පැමිණියේ 2008 මාර්තු මස දී ය. ඔවුන් …
Continue Reading
Exclusive: 2017 නොබෙල් සාම ත්‍යාග සඳහා ශ්‍රී ලංකා ජනපතිගේ නමත් නිර්දේශ වෙයි
ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් දක්වා ඇති දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා 2017 නොබෙල් සාම ත්‍යාගය ලැබීමේ ලැයිස්තුවට ඇතුලත් කර ඇති බව ඔස්ලෝ හි ‘සාමය පිළිබඳ පර්යේෂණ ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වේ. මෙම ආයතනය රාජ්‍යයන්, කණ්ඩායම් සහ ජනතාව අතර සාමකාමී සබඳතා සඳහා කොන්දේසි පිළිබඳව පර්යේෂණ සිදු කරයි. මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය පිළිබඳ මෙවර නිල …
Continue Reading
2018 අයවැය සඳහා අදහස් යෝජනා ඉල්ලයි
2018 අයවැය සඳහා අදහස් සහ යෝජනා මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස එම අමාත්‍යාංශය දැනුම්දීමක් කර තිබේ. අර්ථික ක්ෂේත්‍රයේ නිෂ්පාදන, කෘෂි හා සේවා අංශයේ සියලු පාර්ශව සඳහා මෙන්ම විද්වතුන්, වෘත්තිකයින් හා මහජනතාවට අයවැය යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ හැකි බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය. ලබන 15 වනදාට පෙර එම යෝජනා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, මහ ලේකම් කාර්යාලය, කොළඹ කොටුව යන ලිපිනයට …
Continue Reading
විගණන පනත ප‍්‍රමාද කරන්නේ කැබිනට් එකේ හොරු කණ්ඩායමක්
“19වන සංශෝධනය මගින් විගණන කොමිසමක් ස්ථාපිත කළා. එම කාර්ය මණ්ඩලයට මේ වනවිට මාස 20ක් ගතවෙලා තිබෙනවා. නමුත් විගණන කොමිසම ක්‍රියාත්මක වීම සඳහා වන පනත සම්මත වෙලා නැහැ. දැන් අලුත් තත්වයක් මතුවෙලා තිබෙනවා, විගණන කොමිසම විගණනයකට ලක් කිරීම. මොකද, කාර්යමණ්ඩලයක් පත්කොට ඔවුන්ට වැටුප් ගෙවා, දීමනා ගෙවා පහසුකම් සපයා තිබියදී විගණන කොමිසමෙන් කිසිදු කාර්යයක් සිදු නොවීම මුදල් නාස්ති කිරීමක්. ඒ නිසා එම …
Continue Reading
ඇතැමුන්ට තම නිර්මාතෘවරයාණන් අමතක වෙද්දී; ජනපති කෘත ගුණ දක්වයි
-
RSL
-
September 26, 2017
-
පුවත් සහ වාර්තා
-
0 Comments
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද(26) තම පක්ෂයේ නිර්මාතෘවරයාණන් වූ දිවංගත අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ ගුණසමරුවට එක්වෙමින් සිය කෘතගුණ දැක්වීම සිදුකළේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ 58 වන ගුණ සමරු උත්සවය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල දී පැවැත්විණි. ඒ හා සමගාමීව ලෝකයේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය …
Continue Reading
ගෝඨාභයගේ අනුදැනුම තම සිදු වූ අතුරුදහන් වීම් ගැන නාවික හමුදාව CIDයට බොරු කියලා
රාජපක්ෂ රජයේ හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම තම සිදු වූ බවට වාර්තාවන 2008-2009 වසරවල පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් වීමක් සම්බන්ධයෙන් නාවික හමුදාව ලබා දී ඇති තොරතුරු අසත්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් වීමේ සිද්ධිය කැඳවූ අවස්ථාවේ ඊයේ(25) අධිකරණයට කියා සිටියේය. මෙම හේතුවෙන් පරීක්ෂණ පමා වන බව ද පොලිස් පරීක්ෂකවරයා …
Continue Reading
අද විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක්
-
RSL
-
September 26, 2017
-
දේශපාලන
-
0 Comments
අද(26) විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් කැඳවා ඇති අතර පස්වරු 1.00ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට අදාළ සංස්ථාපනය විය යුතු පනත් 03ක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පළාත් සභා හා පළාත් පාලන අමාත්යත ෆයිසර් මුස්තාෆා මහතා විසින් අදාළ පනත් 03 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.
Continue Reading
තිලංග සුමතිපාලව දෙවන වරටත් ICC දූෂණ විමර්ශන ඒකකයට කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ(25) දෙවන වරටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) දූෂණ විමර්ශන ඒකකයට කැඳවා තිබූ බවට වාර්තාවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි වාර්තාවන දූෂණ හා අක්‍රමිකතා විමර්ශනය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පත්කර ඇති දූෂණ විමර්ශන ඒකකය මීට දින ගණනාවකට පෙර ශ්‍රී ලංකා ආයතනයේ දූෂණ හා අක්‍රමිකතා විමර්ශන කටයුතු අරඹා තිබුණද ශ්‍රී ලංකා …
Continue Reading