මැතිවරණ කරලියේදී උණුසුම් වන එජාපයේ නායකත්ව අර්බුදය..

Spread the love

එක්සත් ජාතික පක්ෂය යනු අවිවාදිතවම ලංකාවේ දැවැන්තම පක්ෂයයි.එකී පක්ෂයේ වර්තමාන නායකයා මෙන්ම රටේ අග්‍රාමාත්‍යවරයාද වන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි.මෑත කාලීන එක්සත් ජාතික පක්ෂ ඉතිහාසය මැන බලන විට එක් පොදු සාධනීය ලක්ෂණයක් පක්ෂය තුල ඉස්මතුවී පෙණෙනු දක්නට ඇත.එනම් පක්ෂය තුල ඇති දැවෙන අර්බුදය වූ නායකත්වය සම්භන්ධයෙන් උඩුදුවන ගිණිජාලාවයි.මෙය අලු යට ඇති ගිණි පරිද්දෙන් හදිසියේම මතුවන්නේ පූර්ව මැතිවරණ සමය ඉලක්ක කරගෙන වීම විශේෂත්වයකි.

2004 වසරේදී නායකත්වය සඳහා කරු ජයසූරිය ඇතුලු පිරිසක් පක්ෂය තුල මහත් ආන්දෝලනයක් සිදු කළ අතර 2005 වසරේදී එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය එම ගැටළුවත් සමගම බලයෙන් පහ විය.නැවත එම ගැටළුව ප්‍රතිනිර්මාණය වූ 2010 වසරේදීය.එවර සජිත් ප්‍රේමදාසගේ ප්‍රවේණිගත උරුමය උදෙසා නායකත්වය ලබා ගැනීමට පිරිසක් අරගල කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එජාපයට නැවත වරක් බලය අහිමි විය. අවස්ථා හා සිද්ධීන් සුසංයෝජනය කර බැලීමේදී නැවත වරක් එම ගැටළුව අදෘශ්‍යමාන හස්තයක් මඟින් හසුරුවමින් සිටින බව අපිට පෙනී යයි.එම අර්බුදය පක්ෂය තුල නැවතත් කරළියට මතුවන්නේ ජෝෂප් මයිකල්ගේ අමනෝඥ ක්‍රියාපිළිවෙත නිසාය.රනිල්ට කවදත් හිතවතෙකුව සිටි රවී කරුණානායකගේ ගෙළ සිඳීමේ මහා කුමන්ත්‍රණයේ එක් පාර්ශවකරුවෙකු ලෙස ඔහුව හංවඩු ගසන්නට ලියුම්කරුහට විවිධ උදාහරණ ගෙනහැර දැක්විය හැක.

ඉන් එකක් නම් 2005 කාලසීමාවේදී , එජාප නායකත්වය සදහා සජිත් ඇතුළු කුමන්ත්‍රණකාරීන් කල කුමන්ත්‍රණයයි. පක්ෂයේ නායකත්වය සදහා කෘත්‍යාධිකාරී මණ්ඩලය තුල ඡන්දයක් පැවැත්විය යුතු යැයි කුමන්ත්‍රණ කරුවන්ගේ යෝජනාව විය. තම නායකත්වය පිළිබදව දැඩි විශ්වාසය සිටි රනිල් වික්‍රමඉස්ංහ එයට කැමැත්ත පල කල අතර රනිල් පාර්ශවයෙන් නායකත්වය සදහා ඔහුත්, නියෝජ්‍ය නායකකම සදහා ජෝෂප් මයිකල්ගේ නමත් ජාතික සංවිධායක ලෙස දයා ගමගේත් යෝජනා විය. සජිත්ගේ පාර්ශවයෙන් නායකත්වය සදහා කරූ ජයසූරියත් නියෝජ්‍ය නායක තනතුර සදහා සජිත්ගේ නමත් ජාතික සංවිධායක ලෙස දයාසිරිත් නම් කෙරිණ.

නමුත් පක්ෂ නායකයා දැඩිව විශ්වාස කල ජෝෂප් මයිකල් කුමන්ත්‍රණ කරුවන්ට මුදලට අලෙවි වෙමින් නිලවරණයට පැය 24ක් තිබියදී ඉල්ලා අස්වන්නේ පක්ෂ නායක කම කරූට ලබාදීමේ අරමුණෙනි. ඒ සදහා කුමන්ත්‍රනකරුවන් මයික්ලට් ලබාදුන් මුදල තවමත් පැහැදිලි නැත.එවැනි වටපිටාවක් නිර්මාණය වෙද්දී , තම නායකයාව රැකගැනීම වෙනුවෙන් රවී පෙරට පැමිණියහ. නියෝජ්‍ය නායක සටනට රවී පිවිසෙන විට නිලවරණයට තිබුනේ පැය 12කටත් අඩු කාලයකි. නමුත් රවීට අවශ්‍ය උනේ පක්ෂ නායකත්වය රැකීම විනා ජයගෙන නියෝජ්‍ය නායක පට්ටම ගන්නට නොවේ.සජිත් සමඟ කරටකර , ඔහු නිළවරණ සටනට ඉදිරිපත් වී තියුණු සටනකින් අනතුරුව මනාප 02කින් පරාජය විය.න්මුත් පක්ෂ නායකත්වය රැකිණි.රවී යනු එඹඳු පුද්ගලයෙකි.ඔහු කිසිවිටකත් තම නායකත්වය අභියෝගයකට ලක් නොකළ අයෙකි.සැමවිටම හෙතේමේ නායකත්වය රැකි අයෙකි.රනිල් වික්‍රමසිංහ පක්ෂයේ නායකත්වය සමඟ හුදෙකලා වූ සෑම අවස්ථාවකදීම ඔහු සමඟ එවකට එක පෙලට සිටගත්තේ දොස්තර ජයලත් ජයවර්ධන සහ රවී කරුණානායක යන දෙපළයි.මොවුන්ගේ දෑත් මතින් ශක්තිමත් වූ එජාප නායකත්වය එවකට පක්ෂය තුල වූ සියලු කුමන්ත්‍රණයන් පරාජය කරමින් යළි හිස එසෙව්වේය.අප්පා බැරිනම් පුතා යන න්‍යාය කරළියට ආවේ ඒ හේතූන් මතය.එනම් එවකට අසාර්ථක වූ කුමන්ත්‍රණය මතින් සේදී ගිය ජෝෂප් මයිකල්, ජයලත් ජයවර්ධනගේ පුතා වූ කාවින්ද ජයවර්ධනගෙන් මෙන්ම, එවකට පැවති රනිල්ගේ නායකත්වය රැකි රවී කරුණානායක ගෙන්ද පළි ගන්නට මාන බලා සිටියේය.

ගොදුරකට කුරුමාණම් අල්ලන බළලෙකු සේ ඔහු මාන බලාගෙන සිටියේ තම අවස්ථාව එනතුරුය.පසුගිය දිනක මැතිවරණයක් පෙනී පෙනී ඇති මොහොතක ඔහුගේ අවස්ථාව එළඹුණේය.ඉන් උපරිම ඵල නෙලාගත් ජෝෂප් මයිකල් , අදාල අවස්ථාවට කඩාපැන උත්සව භූමියම බංකොලොත් කර රට හමුවේ පක්ෂය තුල නැති අර්බුදයක් මවාපෑවේය.මේවා එකිනෙක දිගහැරෙන කුමන්ත්‍රණය.කොටින්ම කියතිත් එකම දම්වැලක පුරුක් සේ මේවා ඉදිරියටද ඇදෙනු ඇත.එහෙත් එවැනි සෝදාපාලුවන්ගේ අමනෝඥ ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින ආඝාදයට යන්නේ එක්සත් ජාතික පක්ෂය සහ රට විනා අන් කවරකත් නොවේ.

මුව හමකට තඩිබානවා සේ රවීට පහර දෙන එජාපයේ ඇතැමුන් 2005 න් පසු පක්ෂය හතරමායිමේ පැමිණියේ නැත. කොටින්ම සිරිකොත කලුද සුදුද පවා නොදැක්කේය.ඔවුන් කළ එකම හපන්කම වූයේ කෙසෙල්වත්තේ මැරයින් පිරිසක් ගෙන්වා සිරිකොතට ගල් ගැසීම පමණකි.පක්ෂයට අමාරුම දශකය පුරාවටම පක්ෂය රැක්කේ රවී කරුණානායකය.එහෙයින් ඔහුට මෙසේ කර මදිය.මන්ද , අනාගත නායකයන් තනන පක්ෂය රවීට හොඳහැටි පන්නරය ලබාදී අවසන් නිසාවෙනි.පූර්ව මැතිවරණ සමය ඉලක්ක කරගෙන කරළියට එන ටවත් බොහෝ නාටක ඉදිරියේදී රඟ දැක්වෙනු ඇත.ඡන්දයක් එළඹෙන තෙක් ප්‍රේක්ෂකාගාරය උණුසුම් වී එලෙසම රැඳෙනු ඇත.

-එක්සත් ජාතික පක්ෂ සමාජිකයෙක්-

RSL

Related Posts