අගමැතිට අවස්ථාව අහිමි වෙයි!
ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම අදින් අවසන් කරන බව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා දැනුම් දී තිබේ. අවශ්‍යම වුවහොත් පමණක් අග්‍රමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවන බව ඔහු පවසා ඇත. 2015 පෙබරවාරි මස පළමුවන දින සහ 2016 මාර්තු මස 31 වන දින අතර කාලය තුළ සිදුවූ බව කියන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල …
Continue Reading
ඔබත් මේ ජපන් ජාවාරමට හසු වූ අයෙක් ද..?
ජපන් රටේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 4කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 50කට අධික ප්‍රමාණයකින් මුදල් ලබාගත්තද එම රැකියා ලබානොදුන් බවට පුද්ගලයකු විසින් ඔක්තෝබර් මස 13 වන දින කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක …
Continue Reading
නාමල් සැප ගන්න රට පනිද්දී, සහචරයින් හිරේ තපියි
අධිකරණ නියෝග කඩකරමින් විරෝධතා පෙළපාලියක් පැවැත්වීම ඇතුළු චෝදනා කීපයක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වී සිටි හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ, ඩී. වී. චානක සහ සම්පත් අතුකෝරළ මහත්වරුන්ට ඇප නියම කරනු ලැබුවේ ඔවුන්ට රුසියාවේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගිවීමට යැමට අවශ්‍ය බවට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මහෙස්‌ත්‍රාත්වරයාගෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව ඔවුන්ට නොපමාව ඇප ලැබිණ. එහෙත් නාමල් වෙනුවෙන් පැමිණි ඔහුගේ සහචරයින් වන පාර්ලිමේන්තු …
Continue Reading
පාලින්දනුවර තුන්නිවුන් දරුවන්ට පිහිට වෙමු
හොරණ මූලික රෝහලේදී පසුගියදා (12 දා) තුන් නිවුන් දරු උපතක් සිදුවිය. ඒ පාලින්දනුවර, කෙළින්කන්ද – කල්ලෙවත්තෙහි පදිංචි පී. වී. විශ්මි මේකලා සහ රසාන් නිමේෂ් යන දෙමවුපියන්ට දාවය. මෙම දරුවන්ගෙන් දෙදෙනකු පිරිමි දරුවන් වන අතර එක් සිඟිත්තියක් දියණියකි. හොරණ මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් පී. අක්‌මීමන මහතාගේ සහ වෛද්‍ය කාර්ය මණ්‌ඩලයේ අධීක්‍ෂණය යටතේ මෙම තුන් නිවුන් දරු උපත …
Continue Reading
මම දේශපාලනයට ආවේ පාර්ලිමේන්තු යන්න නොවෙයි; රාජපක්ෂ රෙජීමය අවසන් කරන්නයි- ෆීල්ඩ් මාෂල්
මම දේශපාලනයට ආවේ පාර්ලිමේන්තු යන්න නොවෙයි, මට අවශ්‍ය වුණේ රට පුරා ගොස් මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ දූෂිත මිනීමරු රාජපක්ෂ රෙජීමයට එරෙහි මතයක් ගොඩනඟන්න යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා එසේ සඳහන් කළේ පෙරේදා (14 වැනිදා) කිරිබත්ගොඩ තැඹිලිගස්‌මුල්ල ප්‍රදේශයේ පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ 13 වැනි ශාඛා සමිතිය පිහිටුවීමේ අවස්‌ථාවට එක්‌වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ සරත් ෆොන්සේකා මහතා – …
Continue Reading
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කළු සල්ලි සුදු වී පිට වුණු තැන සොයයි
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් වෙනත් සමාගම් කිහිපයකට මුදල් බැරකර එම ගිණුම්වලින් අදාළ මුදල් ප්‍රමාණය නෝට්ටු ලෙස ලබා ගැනීම තුළින් මුදල් යොමු වූ අවසාන ස්ථානය වසන් කිරීමට අපේක්ෂා කර ඇති බව බැඳුම්කර වංචා පිළිබඳ කොමිසම හමුවේ අනාවරණය වී තිබේ. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කළ ප්‍රශ්න කිරීම් හමුවේ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් වර්තමාන මූල්‍ය මණ්ඩල සාමාජික නිහාල් ෆොන්සේකා මහතා මේ …
Continue Reading
ව්‍යවස්ථා සංශෝධනය අත හැර දමන ලෙස ප.ප.ජ.කු.පා.ම. මහින්ද ආණ්ඩුවෙන් ඉල්ලයි
විනාශකාරී ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය අතහැර, ජනතාවට පොරොන්දු වූ ආකාරයට පමණක් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා මෙන්ම කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා තිබේ. ජාතිවාදී පදනමක් මත පාලන ඒකක වෙන් කිරීමත්, ඒවාට පුළුල් …
Continue Reading
රහත් රඟ කෙළි පරදා සිරිධම්ම වැඳ වැටෙයි
පසුගිය දිනවල කළ ප්‍රකාශවලදී තමා අතින් වරදක් සිදුවී නම් ඒ පිළිබඳ සමාව ඉල්ලා සිටින බව පිටිදූවේ සිරිධම්ම හිමියෝ මල්වතු මහ නා හිමි ඇතුළු හිමිවරුන් හමුවී ප්‍රකාශ කර සිටියහ. යම් අයුරකින් ප්‍රකාශ සිදු කරන විටදි මල්වතු මහා නායක හිමිවරුන්ට හා මල්වතු පාර්ශ්වයට යම් අපහසුතාවයක් ඇතිවුවානම් ඒ සම්බන්ධව සමාව ඉල්ලා සිටින බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හා දිඹුලකුඹුරේ විමලධම්ම …
Continue Reading
CIDය සහ නීතිපති දෙපාර්තමේන්තුව සාක්ෂි සඳහා බලපෑම් නොකළ බව PPTප්‍රධාන ගැනුම්කරු කියයි
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෝ නීතීපති දෙපාර්තමේන්තුව මගෙන් ප්‍රකාශ ගන්නා විට බලපෑම් කළේ නැතැයිද 2014 සිට 2015 දක්වා මේ කටයුතු සිදු කළේ කසුන් පළිසේනගේ උපදෙස් මත යැයිද ලියවිල්ලට ‘Informant’ ශිර්ෂය යෙදුවේ කසුන් පළිසේන වාචිකව දුන් උපදෙස් මත යැයිද බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කරු නුවන් සල්ගාදු මහතා පැවසීය. කොමිසමට සහය වන ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ …
Continue Reading
නාමල් ඇතුළු පහක් මුදා හැර දමයි
හම්බන්තොටදී පසුගියදා කෙරුණු උද්ඝෝෂණයකදී අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයේ සිටි මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට අද(16) හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඇප පිට මුදා හැර දැමීමට නියෝග කළේය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අමතරව, ඩී.වී.චානක, පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරළ ඇතුළු පස් දෙනකුට එසේ ඇප නියම කෙරිණි. එක් අයකුට ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප තුනක් මත ඔවුන් මෙලෙස මුදා හැරිණි.
Continue Reading