පාලින්දනුවර තුන්නිවුන් දරුවන්ට පිහිට වෙමු

Spread the love

හොරණ මූලික රෝහලේදී පසුගියදා (12 දා) තුන් නිවුන් දරු උපතක්‌ සිදුවිය. ඒ පාලින්දනුවර, කෙළින්කන්ද – කල්ලෙවත්තෙහි පදිංචි පී. වී. විශ්මි මේකලා සහ රසාන් නිමේෂ් යන දෙමවුපියන්ට දාවය. මෙම දරුවන්ගෙන් දෙදෙනකු පිරිමි දරුවන් වන අතර එක්‌ සිඟිත්තියක්‌ දියණියකි. හොරණ මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් පී. අක්‌මීමන මහතාගේ සහ වෛද්‍ය කාර්ය මණ්‌ඩලයේ අධීක්‍ෂණය යටතේ මෙම තුන් නිවුන් දරු උපත සිදුවූ බව රෝහලේ වෛද්‍ය අධිකාරි තමර කලුබෝවිල මහතා කියා සිටියි.

පී. වී. විශ්මි මේකලා (19) දරුවන්ගේ මවය. මෙම තුන් නිවුන් දරුවන්ගේ පියා වන රසාන් නිමේෂ් (21) එම ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක කම්කරුවකු ලෙස සේවයෙහි නියුතු වෙයි. දරුවන්ගේ මව රැකියාවක්‌ නොකරන අතර දැනට ඔවුනටම කියා නිවසක්‌ද නැත. ඔවුහු මේකලාගේ මවුපියන්ගේ මහ ගෙදර ජීවත් වෙති. දහසකුත් එකක්‌ ආර්ථික දුෂ්කරතා හා බාධක මැද මේ දරුවන් ලොකු මහත්කර ගැනීමේ කාර්යයට උරදීමට මෙම මවුපිය යුවළට සිදුව තිබේ. එනිසා තුන් නිවුන් දරුවන් ලොකු මහත් කරගැනීමේ කටයුත්තේදී හැකි අයුරින් සහය ලබාදෙන මෙන් ඔවුහු ඉල්ලීමක්‌ කරති. මහජන බැංකුවේ, මතුගම ශාඛාවේ මේකලාගේ නමින් ඇති 070-2-001-7-0033460 බැංකු ගිණුමට හෝ එසේ නැතිනම් දරුවන්ගේ පියා වන රසාන් නිමේෂ්ගේ 0776470968 ජංගම දුරකථන අංකය ඇමතීමෙන් අදාළ උපකාරයන් සිදුකළ හැකිය.

RSL

Related Posts