කොටි අවතාර ඉදිරියට නොබියව ගිය ජනපති ගමන.. (Video)

යාපනය අර්ධද්වීපයේ ජාතික වැදගත්කමකින් යුතු උත්සව කිහිපයකට එක්වීමට පෙරේදා (14) එහි ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ආරක්ෂකයින්ට ද අභියෝග කරමින් යම් තැනක තමා ගමන්කළ රථය නතර කරන්නට උපදෙස් ලබා දුන්නේය. එය නතර කළේ උද්ඝෝෂකයින් පිරිසක් මැදය. ජනාධිපතිතුමාටත් රජයටත් යම් පණිවුඩයක් ලබාදෙන්න ඕනෑ. ඒ නිසයි අපි මේ උද්ඝෝෂණයන් සංවිධානය කළේ. අපට අපේ නඩු නොමැතිව වවුනියාව බන්ධනාගාරයේ රඳවා සිට මේ වනවිට …

Continue Reading

බැඳුම්කර කොමිසමට කරුණු පැහැදිලි කිරීමට අගමැති සූදානම්

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සඳහන් වුණු කරුණු ගැන පැහැදිලි කිරිම් ඉදිරිපත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජනවාරි 08 දා මෙරට ජනතාව බහුතර ජනවරම ලබා දුන්නේ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කිරිමට බවද එම නිවේදනයේ සඳහන් වේ. අගමැති රනිල් වික්‍රමසිංහ …

Continue Reading

ඇමති රාජිතගේ ප්‍රෝඩාවට එරෙහිව ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට හා අගමැතිට ලියුමක්

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය මුල්කොට පැනනැගී ඇති අර්බුදය විසදීමට ප්‍රමාදවීම රටට හිතකර නොවන බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් මේ බව පවසා තිබේ. මල්වතු පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ශ්‍රී …

Continue Reading

ඇමරිකාව යුනෙස්‌කෝවෙන් ඉල්ලා අස්‌වෙයි

ඇමරිකානු රජය යුනෙස්‌කෝ සංවිධානයෙන් ඉවත් වී ඇත. මෙයට හේතු වී ඇත්තේ යුනෙස්‌කෝ ආයතනය පලස්‌තීනයට සාමාජිකත්වය ලබාදීමයි. ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්‌ස්‌ ටිලර්සන් ඇමරිකාවේ මෙම තීරණය යුනෙස්‌කෝ බලධාරීන්ට දන්වා ඇත. යුනෙස්‌කෝ සංවිධානයට ඇමරිකාව විසින් ලබාදීමට නියමිත ඩොලර් මිලියන 550 ක මුදල ද මෙතෙක්‌ ලබාදී නොමැත. ඊශ්‍රායලය සම්බන්ධයෙන් ඒකපාක්‍ෂික ක්‍රියාමාර්ගයක්‌ අනුගමනය කිරීමට යුනෙස්‌කෝ ආයතනය ක්‍රියා කර ඇති බවට ඇමරිකාව චෝදනා කර ඇත.

Continue Reading

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස්‌ කරන්නැයි උතුරේ හර්තාල්

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් උතුරු පළාත පුරා ඊයේ (13) ක්‍රියාත්මක කර තිබූ හර්තාල් ව්‍යාපාරය නිසා සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු මුළුමනින්ම අකර්මණ්‍ය වී තිබිණි. LTTE සංවිධානයේ නායකයාව සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්‌සිනා කෙනකු බව කියන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. ශිවාජිලිංගම් ඇතුළු සංවිධානාත්මක දෙමළ කණ්‌ඩායම් කීපයක්‌ විසින් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කරන ලදි. ඒ අනුව යාපනය, කිලිනොච්චි, පේදුරුතුඩුව, වව්නියාව, …

Continue Reading

දැන් දිනන්න ලෑස්‌ති වෙන්න – ජනපති නව ශ්‍රීලනිප සංවිධායකවරුන්ට කියයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා හොඳින් සූදානම් වී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජයග්‍රහණය කරවීමට කටයුතු කරන ලෙස ශ්‍රීලනිප නව ආසන සංවිධායකවරුන් සහ දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන් අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (12) ප්‍රකාශ කර තිබේ. නව දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන් සහ ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම නිමිත්තෙන් පෙරේදා (12) රාත්‍රී ජනාධිපති මන්දිරයේ පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත. ඉදිරි මැතිවරණය නව …

Continue Reading

මහ බැංකුවට එරෙහි පර්පචුවල් ට්‍රෙෂරීස් පෙත්සම 19ට කල්යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තම සමාගමට ලබාදී තිබූ බලපත්‍රය අත්හිටුවිමට ගෙන ඇති තීරණය අහෝසි කරන්නැයි ඉල්ලා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන 19 වනදා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය කල්දමා ඇත. අදාල පෙත්සම අද (13)ශ්‍රේෂ්ඨාධිකරණය කැඳවූ අතර එහිදි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරනයට දන්වා සිටියේ එම පෙත්සමේ වගඋත්තර කරුවන් දෙදෙනකු ධුරයන් වෙනස් …

Continue Reading

ඇමති රාජිතගේ බර දරන්න ඇමතිනි තලතා ඉදිරිපත් වෙයි

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් සයිටම් ආයතනය ආරම්භ කළ ආකාරයට ඇතැම් පුද්ගලයින් කටයුතු කරන බවත්, රජයේ මුදල්වලින් උගත් වෛද්‍යවරුන් වැඩ වර්ජනය කර රෝගීන් අපහසුතාවයට පත්කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී රජය වගකීමෙන් කටයුතු කරන බවත් අධිකරණ හා විදේශ රැුකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මේ අදහස් පළකළේ, පසුගියදා රත්නපුර ප‍්‍රදේශයේ ඇතිවූ ගංවතුර උවදුර නිසා හානියට පත් රත්නපුර , ඇලපාත දම්බුලූවන …

Continue Reading

ඩීල් වෙනුවට ජනතා වරමෙන් බලයට ඒම මෙවර අරමුණ බව බැසිල් කියයි

මෙවර ඩීල් දමමින් ඔළුගෙඩි මාරුකර බලය ගන්නවාට වඩා ජනතා වරමකින් බලයට පත්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එකම අරමුණ බව බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ බැසිල් රාජපක්‍ෂ මහතා මෙසේද කීවේය. පළාත් පාලන ආයතන, පළාත් සභා මහා …

Continue Reading

කන පැලූ ASP දළුවත්තට මාරුවීමක්‌

මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට පැවරීමට එරෙහිව හම්බන්තොට පැවති විරෝධතාව අතරතුරදී අත්අඩංගුවේ සිටියදී මාධ්‍යවේදියකුට පහරදුන් සහකාර පොලිස්‌ අධිකාරි තුෂාර දළුවත්ත මහතා මාතර කොට්‌ඨාසයට මාරු කර තිබේ. පොලිස්‌ කොමිසම මගින් ඊයේ (12) ගනු ලැබූ තීරණයකට අනුව මෙම ස්‌ථාන මාරුව සිදු කර ඇත. එම පහරදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රීවරුන් හය දෙනකු පොලිස්‌ කොමිසමට කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය පිළිබඳ මූලික විමර්ශනයක්‌ …

Continue Reading