කොටි අවතාර ඉදිරියට නොබියව ගිය ජනපති ගමන.. (Video)

Spread the love

යාපනය අර්ධද්වීපයේ ජාතික වැදගත්කමකින් යුතු උත්සව කිහිපයකට එක්වීමට පෙරේදා (14) එහි ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ආරක්ෂකයින්ට ද අභියෝග කරමින් යම් තැනක තමා ගමන්කළ රථය නතර කරන්නට උපදෙස් ලබා දුන්නේය.

එය නතර කළේ උද්ඝෝෂකයින් පිරිසක් මැදය. ජනාධිපතිතුමාටත් රජයටත් යම් පණිවුඩයක් ලබාදෙන්න ඕනෑ. ඒ නිසයි අපි මේ උද්ඝෝෂණයන් සංවිධානය කළේ. අපට අපේ නඩු නොමැතිව වවුනියාව බන්ධනාගාරයේ රඳවා සිට මේ වනවිට අනුරාධපුරය බන්ධනාගාරයට යවා ඇති දෙමළ සිරකරුවන් තිදෙනා නැවත වවුනියාව බන්ධනාගාරයට ගෙනත් දෙන්න ඕනෑ. දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නත් ඕනෑ. උද්ඝෝෂකයෝ ප්‍රකාශ කළහ.

මේ හඬට හෝ නොසන්සුන් මොහොතට හෝ මෝදු වන්නට ඉඩ නොදී “ඔව්! අපි ඒ සෑම ප්‍රශ්නයක්ම සාකච්ඡා කරලා විසඳුම් සොයමු. මම සූදානම්! ඒ සඳහා ඔබත්! ඊට සහාය ලබාදෙන්න ඕනෑ. මේ ව‍ාගේ දේවල් සිදුකර නොවෙයි. ජනාධිපතිතුමා පැහැදිලි කළේ වැඩිහිටි මුහුකුරාගිය දැනුමැත්තෙකු ලෙස අත්දැකීමෙනි. අපට කළු කොඩි ඔසවමින් විරෝධතා දක්වා කරුණු පැහැදිලි කරන්න උවමනාවක්, අවශ්‍යතාවයක් නැහැ. අපි බොහෝම විවෘතයි. එක මේසයකට පැමිණ ප්‍රශ්නවලට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සොයමු. මේ යෝජනාව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාත් සමඟත් කථා කරන්නම්. ඔබට කොළඹට සාකච්ඡාවට එන්න බස් රථයක් පවා ලබා දෙන්නම් කීය.

මේ හඬට සාවදානව අසා සිටි උද්ඝෝෂකයෝ උ‍ද්ඝෝෂණය නතර කිරීමට පියවර ගත්හ. ජනාධිපතිතුමා විසින් උද්ඝෝෂකයින් සමඟ කථාබහ නොකරන්නට මෙවන් විසඳුමක් මේ ප්‍රශ්නයට මෙතරම් ඉක්මනින් නොලැබෙනු ඇත. එමෙන්ම එහිදී ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ දැන් උදාවී ඇත්තේ කළු කොඩි එසවීමට නොව සියලුදෙනා එකට එක්ව සාමයේ කොඩිය එසවීමට පියවර ගැනීම බවයි. එම පණිවුඩය උතුරට, දකුණට පවා එකසේ වටිනා එකක් බව බොහෝදෙනා පවසති.

RSL

Related Posts